CISM වෙරළ වොලිබෝල් තරගාවලිය : කාන්තා, පිරිමි ශූරතාව ප්‍රංශයට

Share post:

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) මගින් සිව්වන වරට සංවිධානය කරනු ලබන වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග අද (17 වැනිදා) මීගමු වෙරළ තිරයේදී පැවැත්වුණු අතර එහි පිරිමි සහ කාන්තා අංශයේ ශූරතාව ප්‍රංශ කණ්ඩායම් හිමි කර ගත්තේය.

එහිදී පිරිමි අවසන් තරගයේ පළමු වටය 19 – 21 ලෙස ප්‍රංශය ජයගත් අතර දෙවැනි වටය 17 -21 ලෙස ජර්මනිය ජය ගත්තේය. තෙවැනි වටය 15 – 10 ක් ලෙස ජර්මනිය පරාජයට පත් කරමින් ප්‍රංශය ශූරතාවය දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් කාන්තා අංශයේ ජයද ප්‍රංශය හිමි කර ගැනීමට සමත්විය.

පෙරේදා (16) පැවැති අවසන් පුර්ව පිරිමි තරග සඳහා ජර්මනි පළමු සහ දෙවැනි කණ්ඩායම්ද, ප්‍රංශයේ දෙවැනි කණ්ඩායම සහ ඕමානයේ දෙවැනි කණ්ඩායම සහභාගි වූ අතර කාන්තා තරග සඳහා ප්‍රංශයේ පළමු කණ්ඩායමත්, ශ්‍රී ලංකා පළමු, දෙවැනි සහ තෙවැනි කණ්ඩායම් සහභාගි විය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව පිරිමි අංශයෙන් ජර්මනි පළමු කණ්ඩායම සහ ප්‍රංශයේ දෙවැනි කණ්ඩායම පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලැබු අතර ශ්‍රී ලංකා දෙවැනි කණ්ඩායම සහ ප්‍රංශයේ පළමු කාණ්ඩායම කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සෞදි අරාබියාව, වෙනිසියුලාව, කොලොම්බියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල් 08ක් සභාභාගී වූ අතර ඊට පිරිමි ක්‍රීඩා කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් ඉදිරිපත් විය.

සබැඳි පුවත්

ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...