ප්‍රඥාවේ මන්දස්මිත දල්වන කවි කළඹක්!

Share post:

කලබල කැලඹිලිකාර මද විරාමෙක අව් පූටක මද්දහනක ළහිරුගෙ අලුත් ම කවි පොත ” නොඉම්” අතට ම ලැබුණා. ඒක පොද වැස්සක සනීපයක්. ඉඩෝරෙක වැටෙන පොද වැස්සක් අවුස්සන නැවුම් දූවිලි සුවඳක් එක්ක ළහිරුගෙ කවි බින්දු සීයක් එකවර මා උඩුහුරු මුහුණත පතිත වුණා.

කෙටි කවක් හරියට ග්ලැසියරයක් වගේ කියල අදහසක් අහල තියෙනවා. මතු පිටට පේන්නෙ හතෙන් එකලු.ඉතිරි හය ම සීතල දිය කඳේ මිදී ගිහින්. ළහිරුගෙ හැම කවියක් ම අපව නිම් හිම් නැති ජීවන පදාසයක් වෙත අපව කැඳවනවා. ඒ මත ඇඳෙන ඉසියුම් පැණසර සීරා ඇසින් වසන් විසල් නොඉම් ලොවක තතු පා මන්දස්මිත නන්වනවා.

මේ කෙටි කව් කළඹ තමා පා තබා සිටින සමාජයෙහි විවිධ තලයන්හි අධිනිශ්චය වී පවත්නා දැක්ම ළහිරු ඉසියුම් සෝපහාස සැතකින් විවර කර සංකතනමය කණිකා විවර කර දෙනවා. තම නිසඟ කවිතාව පෙන්වීමට කවියෙකුට අවැසි වන්නේ කොතරම් කුඩා ඉඩක් දැයි “නොඉම්” අපට පසක් කර දෙනවා.

“ග්‍රහලෝකාගාරයේදී”

අම්මාගේ සෙනසුරු අපලය
මොන තරම් ලස්සන ද?

“අත්ල මඩ ඇති
කෙල්ලක්
දිගු කරයි
සුදු නෙළුමක්”

“මුදු, ලලිත
ඇඟිල්ල මගහැර
සඳ දිහා
බලන්නේ කොහොම ද?”

“ඉටි මල් තනන්නා
රැගෙන යයි පෙම්වතියට
ඇත්ත මල් පොකුරක්”

“ඔරලෝසු හදන තැන
ඉදිරියෙනි
වෙලාව බලන තැන”

“මම කුරුල්ලන් ගැන
කවි ලියමින් සිටින විට
උන් ඇවිත් ගිහින්
මිදුලට”

“ස්ටූඩියෝ බිත්ති”

වෙන වෙන
මඟුල් පින්තූර
එක වගේ
රාමු තුළ”

සුජීව සිරිමෙවන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...