කලබල කැලඹිලිකාර මද විරාමෙක අව් පූටක මද්දහනක ළහිරුගෙ අලුත් ම කවි පොත ” නොඉම්” අතට ම ලැබුණා. ඒක පොද වැස්සක සනීපයක්. ඉඩෝරෙක වැටෙන පොද වැස්සක් අවුස්සන නැවුම් දූවිලි සුවඳක් එක්ක ළහිරුගෙ කවි බින්දු සීයක් එකවර මා උඩුහුරු මුහුණත පතිත වුණා.
කෙටි කවක් හරියට ග්ලැසියරයක් වගේ කියල අදහසක් අහල තියෙනවා. මතු පිටට පේන්නෙ හතෙන් එකලු.ඉතිරි හය ම සීතල දිය කඳේ මිදී ගිහින්. ළහිරුගෙ හැම කවියක් ම අපව නිම් හිම් නැති ජීවන පදාසයක් වෙත අපව කැඳවනවා. ඒ මත ඇඳෙන ඉසියුම් පැණසර සීරා ඇසින් වසන් විසල් නොඉම් ලොවක තතු පා මන්දස්මිත නන්වනවා.
මේ කෙටි කව් කළඹ තමා පා තබා සිටින සමාජයෙහි විවිධ තලයන්හි අධිනිශ්චය වී පවත්නා දැක්ම ළහිරු ඉසියුම් සෝපහාස සැතකින් විවර කර සංකතනමය කණිකා විවර කර දෙනවා. තම නිසඟ කවිතාව පෙන්වීමට කවියෙකුට අවැසි වන්නේ කොතරම් කුඩා ඉඩක් දැයි “නොඉම්” අපට පසක් කර දෙනවා.
“ග්‍රහලෝකාගාරයේදී”
අම්මාගේ සෙනසුරු අපලය
මොන තරම් ලස්සන ද?
“අත්ල මඩ ඇති
කෙල්ලක්
දිගු කරයි
සුදු නෙළුමක්”
“මුදු, ලලිත
ඇඟිල්ල මගහැර
සඳ දිහා
බලන්නේ කොහොම ද?”
“ඉටි මල් තනන්නා
රැගෙන යයි පෙම්වතියට
ඇත්ත මල් පොකුරක්”
“ඔරලෝසු හදන තැන
ඉදිරියෙනි
වෙලාව බලන තැන”
“මම කුරුල්ලන් ගැන
කවි ලියමින් සිටින විට
උන් ඇවිත් ගිහින්
මිදුලට”
“ස්ටූඩියෝ බිත්ති”
වෙන වෙන
මඟුල් පින්තූර
එක වගේ
රාමු තුළ”