thetime.lk පුවත තහවුරුයි : ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : ඔව්. ඒක ඇත්ත – ධීවර ඇමති

Share post:

ඉන්දීය ධීවරයන්ට පෝක් සමුද්‍ර සන්දියේ ලංකා සිමාවේ මසුන් ඇල්ලීමට ඉඩදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා තහවුරු කළේය.

‘ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : කඩිනම් විසඳුමක් ලැබෙයි – ඉන්දීය ධීවර ඇමති’ යනුවෙන් මෙවැනි සාකච්ඡාවක් පවතින බව thetime.lk පෙරේදා (17) හෙළි කළේය.

තමිල්නාඩුව මූලික කරගෙන ධීවර වෘත්තියේ යෙදෙන පිරිසකට, ඔවුන් භාවිත කරන බෝට්ටුවල එන්ජින් ධාරිතාව මත අවසරපත් නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් මීළඟ ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (Indo-Lanka Joint Working Group – JWG) රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

පෝක් සමුද්‍ර සන්දියේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට අර්බුදයක් මතු වී තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ තමන්ගේ මූලික අරමුණ උතුරු පළාතේ ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව බවයි.

මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වී තිබුණේ ඉන්දියාව පාර්ශ්වයෙනි. ඉන්පසු මෙරටින් ද ඊට යහපත් ප්‍රතිචාරයක් ලබාදී තිබිණි.

මෙසේ උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට නීත්‍යනුකූල අවසරයක් ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ දැඩි විරෝධය පළකරන බව යාපනය එක්සත් ධීවර සංගමය අවධාරණය කරයි. ඉදිරියේදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මීට අදාළ අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ද එම සංගමය වෙනුවෙන් අදහස් පළකරමින් එහි සභාපති එස්. ජේසුරාසා අවධාරණය කර සිටී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...