thetime.lk පුවත තහවුරුයි : ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : ඔව්. ඒක ඇත්ත – ධීවර ඇමති

Share post:

ඉන්දීය ධීවරයන්ට පෝක් සමුද්‍ර සන්දියේ ලංකා සිමාවේ මසුන් ඇල්ලීමට ඉඩදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා තහවුරු කළේය.

‘ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : කඩිනම් විසඳුමක් ලැබෙයි – ඉන්දීය ධීවර ඇමති’ යනුවෙන් මෙවැනි සාකච්ඡාවක් පවතින බව thetime.lk පෙරේදා (17) හෙළි කළේය.

තමිල්නාඩුව මූලික කරගෙන ධීවර වෘත්තියේ යෙදෙන පිරිසකට, ඔවුන් භාවිත කරන බෝට්ටුවල එන්ජින් ධාරිතාව මත අවසරපත් නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් මීළඟ ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (Indo-Lanka Joint Working Group – JWG) රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

පෝක් සමුද්‍ර සන්දියේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට අර්බුදයක් මතු වී තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ තමන්ගේ මූලික අරමුණ උතුරු පළාතේ ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව බවයි.

මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වී තිබුණේ ඉන්දියාව පාර්ශ්වයෙනි. ඉන්පසු මෙරටින් ද ඊට යහපත් ප්‍රතිචාරයක් ලබාදී තිබිණි.

මෙසේ උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට නීත්‍යනුකූල අවසරයක් ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ දැඩි විරෝධය පළකරන බව යාපනය එක්සත් ධීවර සංගමය අවධාරණය කරයි. ඉදිරියේදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මීට අදාළ අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ද එම සංගමය වෙනුවෙන් අදහස් පළකරමින් එහි සභාපති එස්. ජේසුරාසා අවධාරණය කර සිටී.

Related articles

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...