පාපන්දු තහනම ඉවතට : ඉදිරි වැඩ ගැන අවධානයෙන් ඉන්නවා !

Share post:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

විශේෂයෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එහි මහලේකම් ෆැත්මා සමෝරාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිදි , ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනයට අදාළව 2023 ජූලි 24 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ කරුණු පිළිබඳව ද මෙහිදී සැලකිල්ලට ගෙන ති‌‌බේ.

සැප්තැම්බර් මස 29 වැනි දා ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පවත්වන තෙක් තවදුරටත් අවධානයෙන් සිටින බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහන් කර ඇත.

මෙලෙස තහනම ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉදිරියේදී ජාත්‍යන්තරවලට සහභාගී වීමට ඉඩ සැලසෙනු ඇත.

සබැඳි පුවත්

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...