පාපන්දු තහනම ඉවතට : ඉදිරි වැඩ ගැන අවධානයෙන් ඉන්නවා !

Share post:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

විශේෂයෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එහි මහලේකම් ෆැත්මා සමෝරාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිදි , ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනයට අදාළව 2023 ජූලි 24 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ කරුණු පිළිබඳව ද මෙහිදී සැලකිල්ලට ගෙන ති‌‌බේ.

සැප්තැම්බර් මස 29 වැනි දා ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පවත්වන තෙක් තවදුරටත් අවධානයෙන් සිටින බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහන් කර ඇත.

මෙලෙස තහනම ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉදිරියේදී ජාත්‍යන්තරවලට සහභාගී වීමට ඉඩ සැලසෙනු ඇත.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...