පාපන්දු නිලවරණය : පෙත්සම් විභාගය මාර්තු 08

Share post:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් ගොනුකළ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

ඒ අදාල පෙත්සම ඊයේ (පෙ.බ 21) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

ඒ අනුව පෙත්සමට එරෙහිව ඇති විරෝධතා ලබන මාර්තු මස 1 වැනිදා ගොනු කරන ලෙස වගඋත්තරකාර ක්‍රීඩා ඇමැතිවරයා එම අමාත්‍යාංශ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ පාපන්දු සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසට නියෝග කෙරිණි.

එමෙන්ම ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 3 වැනිදා ගොනු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරුණු අතර පෙත්සම් විභාගය මාර්තු මස 8 වැනිදා සිදු කිරීමට නියමිතය.

පසුගිය (ජනවාරි 14) වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදීදා පැවති පාපන්දු නිළවරණය “මූලධර්මවලට පටහැණිව සිදුවුණු බව පවසා එහි හිටපු සභාපති ජස්වර් උමර් අදාළ පෙත්සම ගොනු කළේය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...