පාපන්දු ආයතනය බලධාරීයෙක් යටතට

Share post:

පාපන්දු ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බලන ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුර මුතුමාල පත්කර තිබේ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ අනුදැනුම මත නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පසුගිය අගහරුවාදා (4) සිට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළග නිලවරණය පැවැත්වෙන තුරු එහි නිසි බලධාරියා ලෙස කටයුතු කරන්නේ අනුර මුතුමාලය.

පසුගිය ජනවාරි (14) දා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා පත්විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටද අධිකරණය කටයුතු කළේය.

නිළවරණයෙන් පසුව ඇති වූ අර්බුධකාරී තත්වයත් සමග පාපන්දු සම්මේලනයේ සියළු වැඩ කටයුතු අඩාල වුණු අතර නිලවරණයේදී ජේ ශ්‍රී රංගාට සහාය වුණු පිරිස් පසුව තනතුරු වලින් ඉල්ලා අස්විය.

මේවනවිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය මේවනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට නොහැකිය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...