පාපන්දු සම්මේලන පරිපාලන – මූල්‍ය විමර්ශන වාර්තාව ඇමති අතට

Share post:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය හා මූල්‍ය ගැටළු පිළිබඳව සොයා බැලීමට, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (04 වැනිදා) ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්‍ථාව සැකසීම 2012 වසරේ සිටම ප්‍රමාද කිරීම, මුදල් පරිපාලනය, නාමිකව ඇති ක්‍රීඩා සමාජ, සේවක බඳවාගැනීම් ආදිය පිළිබදව විමර්ශනය කිරීම අදාල කමිටුව මගින් සිදුකෙරිණි.

මෙම වාර්තාව අද පස්වරු 5.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ වෙත බාරදීමට නියමිතය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය මේවනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා තේරීම සඳහා පැවති නිලවරණයේදී දේශපාලනික අතපෙවීම් මත ඇතිවූ අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්වය හේතුවෙන් ය.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට නොහැකිවනු ඇත.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ අයුරින් ක්‍රියා නොකිරීම යන කරුණු මත එම තහනම පැනවීමට අදාල ජාත්‍යන්තර නිළධාරීන් කටයුතු කළේය.

සබැඳි පුවත්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...