පාපන්දු සම්මේලන පරිපාලන – මූල්‍ය විමර්ශන වාර්තාව ඇමති අතට

Share post:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය හා මූල්‍ය ගැටළු පිළිබඳව සොයා බැලීමට, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (04 වැනිදා) ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්‍ථාව සැකසීම 2012 වසරේ සිටම ප්‍රමාද කිරීම, මුදල් පරිපාලනය, නාමිකව ඇති ක්‍රීඩා සමාජ, සේවක බඳවාගැනීම් ආදිය පිළිබදව විමර්ශනය කිරීම අදාල කමිටුව මගින් සිදුකෙරිණි.

මෙම වාර්තාව අද පස්වරු 5.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ වෙත බාරදීමට නියමිතය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය මේවනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා තේරීම සඳහා පැවති නිලවරණයේදී දේශපාලනික අතපෙවීම් මත ඇතිවූ අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්වය හේතුවෙන් ය.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට නොහැකිවනු ඇත.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ අයුරින් ක්‍රියා නොකිරීම යන කරුණු මත එම තහනම පැනවීමට අදාල ජාත්‍යන්තර නිළධාරීන් කටයුතු කළේය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...