ලෝක පාපන්දු සාමාජිකත්වය ලංකාවට අහිමි කරන්න රටවල් 197ක කැමැත්ත !

Share post:

රුවන්ඩාවේ කිගාලි හි පැවැති 73 වැනි FIFA සම්මේලනයේදී තවත් වසර හතරක් සඳහා ගෝලීය පාපන්දු පාලක මණ්ඩලය පත් කර ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ රාජ්‍යයට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට එම බලධාරීන් කටයුතු කර තිබේ.

FIFA හි සාමාජික රටවල් නියෝජනය කරන පාපන්දු සංගම් 211ක් ඇති අතර මෙවර සම්මේලනය සඳහා සංගම් 208 ක් සහභාගි ඇත.

එමෙන්ම සිම්බාබ්වේ රාජ්‍යයේ සාමාජිකත්වය අත්හිටුවන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශකර ඇති අතර, ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාවට පක්ෂව සාමාජික සංගම් 197ක් කැමැත්ත හිමිව තිබිණි.

පසුගිය ජනවාරි මාසයේදී FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන ලද්දේ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා තේරීම සඳහා පැවති නිලවරණයේදී දේශපාලනික අතපෙවීම් මත ඇතිවූ අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළුකාරී තත්වය හේතුවෙන් ය.

එසේම එකී නිලවරණයේදී අනුගමනය කළ ක්‍රමවේදය පාපන්දු සම්මේලන නිලවරණවලදී අනුගමනය කළ යුතු ‘සූරිච් නියමයන්ට’ අනුකූල නොවන බවද වාර්තා විය.

එසේම 2022 වර්ෂයේදී FIFA විසින් සිම්බාබ්වේ පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවේද එරට පාපන්දු සම්මේලනයේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය දේශපාලන ඇඟිලිගැසීම් සිදුවන බවට එල්ලවූ චෝදනාවන් හේතුවෙන් ය.

නමුත් සිම්බාබ්වේ පාපන්දු සම්මේලනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේපකරනු ලැබීය.

නමුත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් එහි ප්‍රතිපත්ති සහ නීති රාමුවේ කටයුතු කරන බවත්, යම්කිසි සාමාජික රටක පාපන්දු සම්මේලනයකට අනවශ්‍ය දේශපාලන බලපෑම් එල්ලවන ඕනෑම අවස්ථාවක එහි සාමාජිකත්වය අත්හිටුවිමට පසුබට නොවන බවය.

මීළඟ කොංග්‍රස් හමුව පැවැත්වීමට නියමිත වන්නේ 2024 මැයි 17 වනදා වන අතර එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තවමත් තීරණය කර නැත.

මෙවර ගෝලීය පාපන්දු පාලක මණ්ඩලයට සඳහා “ජියානි ඉන්ෆැන්ටිනෝ” FIFA හි සභාපති ලෙස දෙවන වරටත් තේරී පත්විය.

ඒ අනුව ඔහු 2023 සිට 2027 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ඔහු සිය සාමාජික සංගම් ප්‍රධානීම් අමතා මෙසේ කීවේය.

“FIFA සභාපති වීම ඇදහිය නොහැකි ගෞරවනීය වරප්‍රසාදයක් වන අතර එය විශාල වගකීමක් ද වේ. ඔබගේ සහයෝගයෙන් මම සැබවින්ම නිහතමානීව බලාපොරොත්තු වෙමි.
මම දිගටම FIFA වෙත සේවය කරන බවටත්, ලොව පුරා පාපන්දු ක්‍රීඩාවට සේවය කරන බවටත්, FIFA සාමාජික සංගම් 211කටම සේවය කරන බවටත් පොරොන්දු වෙමි.

එහිදී ඔහු පාපන්දු ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීමේ FIFA හි කාර්යභාරය අවධාරණය කළ අතර මේ වසර අගදී ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන කණ්ඩායම් 32කින් සමන්විත FIFA කාන්තා ලෝක කුසලානය සඳහා වන ත්‍යාග මුදල පිළිබඳවද ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

මෙවර ඒ සඳහා ඩොලර් මිලියන 150කට වඩා ලැබෙනු ඇති බවත් එම මුදල 2019 වසරේ අවසන් තරගාවලියට වෙන් කළ මුදල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි අගයක් ගන්නා බවද පවසා ඇත.

සබැඳි පුවත්

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...