ඉතිහාසයේ පළමු වතාවට SAFF පාපන්දු ශූරතාවලිය ලංකාවට තහනම්

Share post:

ඉතිහාසයේ පළමු වතාවට හෙට (ජුනි 21) සිට ආරම්භ වන දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) පාපන්දු ශූරතාවලිය- 2023 සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සහභාගි වීමට නොහැකි වී තිබේ.

මෙම තරගාවලිය දකුණු ආසියාවේ ප්‍රධාන පාපන්දු තරගාවලිය වන අතර පසුගිය ජනවාරි 21 වැනිදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහිමි කිරීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇත.

මෙවර SAFF තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් හෙට (21) සිට ජුලි 4 වැනිදා දක්වා බැංගලෝර් හි ශ්‍රී කන්තීරව ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර මැදපෙරදිග රටවල් දෙකක් වන ලෙබනනය හා කුවේටය ආරාධනා ලබා සිටිති.

1993 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලියේ ශූරතාවය දිනාගනු ලැබුවේ ඉන්දියාවයි.

1995 දී සත්කාරක ශ්‍රී ලංකාව ශූරයන් වූ ඉන්දියාව පරදා ශූරතාවය දිනා ගත් අතර නැවතත් 1997, 1999 වසරේදී ඉන්දියාව ශූරයන් බවට පත්විය.

2003 සත්කාරක බංගලාදේශය ශූරයන් වූ අතර යළි 2005 වසරේදී ශූරයන් වූයේ ඉන්දියාවයි.

2008 වසරේදී මාලදිවයින ශූරයන් වූ අතර 2009, 2011, වසර වලදී ශූරයන් වූයේද ඉන්දියාවයි. පිළිවෙලින් 2013 ඇෆ්ගනිස්ථානය, 2015 ඉන්දියාව, 2018 මාලදිවයින ශූරතාවය දිනා ගත් අතර 2021 වසරේ මාලදිවයිනේදී පැවැති තරගාවලියේ ශූතාවය දිනා ගනු ලැබුවේද ඉන්දියාවයි.

ඒ අනුව ඉන්දියාව මෙම ශූරතාවලියේ 08 වතාවක් ශූරතාවය දිනාගෙන තිබේ.

සබැඳි පුවත්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...