ඉතිහාසයේ පළමු වතාවට SAFF පාපන්දු ශූරතාවලිය ලංකාවට තහනම්

Share post:

ඉතිහාසයේ පළමු වතාවට හෙට (ජුනි 21) සිට ආරම්භ වන දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) පාපන්දු ශූරතාවලිය- 2023 සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සහභාගි වීමට නොහැකි වී තිබේ.

මෙම තරගාවලිය දකුණු ආසියාවේ ප්‍රධාන පාපන්දු තරගාවලිය වන අතර පසුගිය ජනවාරි 21 වැනිදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහිමි කිරීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇත.

මෙවර SAFF තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් හෙට (21) සිට ජුලි 4 වැනිදා දක්වා බැංගලෝර් හි ශ්‍රී කන්තීරව ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර මැදපෙරදිග රටවල් දෙකක් වන ලෙබනනය හා කුවේටය ආරාධනා ලබා සිටිති.

1993 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලියේ ශූරතාවය දිනාගනු ලැබුවේ ඉන්දියාවයි.

1995 දී සත්කාරක ශ්‍රී ලංකාව ශූරයන් වූ ඉන්දියාව පරදා ශූරතාවය දිනා ගත් අතර නැවතත් 1997, 1999 වසරේදී ඉන්දියාව ශූරයන් බවට පත්විය.

2003 සත්කාරක බංගලාදේශය ශූරයන් වූ අතර යළි 2005 වසරේදී ශූරයන් වූයේ ඉන්දියාවයි.

2008 වසරේදී මාලදිවයින ශූරයන් වූ අතර 2009, 2011, වසර වලදී ශූරයන් වූයේද ඉන්දියාවයි. පිළිවෙලින් 2013 ඇෆ්ගනිස්ථානය, 2015 ඉන්දියාව, 2018 මාලදිවයින ශූරතාවය දිනා ගත් අතර 2021 වසරේ මාලදිවයිනේදී පැවැති තරගාවලියේ ශූතාවය දිනා ගනු ලැබුවේද ඉන්දියාවයි.

ඒ අනුව ඉන්දියාව මෙම ශූරතාවලියේ 08 වතාවක් ශූරතාවය දිනාගෙන තිබේ.

සබැඳි පුවත්

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...