නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක් : මම මැච් එක ගැහුවා – ශ්‍රී රංගා

Share post:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම අද දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඊයේ (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුවය.

එමෙන්ම නිලවරණය සඳහා තමාට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අහිමි කළ බව හිටපු පාපන්දු සභාපතිවරයාගේ චෝදනාව වී තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැතිවරයා,සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පසුගිය (14) දා පැවති නිලවරණයෙන් අනතුරුව මාධ්‍ය ඇමැතු හිටපු සභාපති ජස්වර් උමර් පවසා සිටියේ “මූලධර්මවලට පටහැණිව කිසිදු ඇහුම්කන් දීමකින් තොරව මාව අවසන් මොහොතේ නිලවරණය පැවැත්වෙන ශාලාවෙන් ඉවත් කළා. මට තරග කරන්න බැරි බව දිනකට දෙකකට කලින් කියන්න තිබුණා. එහෙම වුණානම් මටත් ඒ තීන්දුවට එරෙහිව අභියෝග කරන්න අවස්ථාවක් ලැබෙනවා.

මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා. මාව ඉවත් කළේ හොරකම් කරලා නොවෙයි යැයි ඔහු පැවසීය.

මෙවර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී සභාපති තනතුරට තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා වැඩි ඡන්ද 3කින් ජයග්‍රහණය කළේය.

හිටපු සභාපති ජස්වර් උමර්ට ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටු තීරණයක් අනුව තරග කළ නොහැකි බව පවසා නිලවරණයෙන් ඉවත් කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබුණු අතර හිටපු සභාපතිවරයාගේ පාර්ශ්වයෙන් සභාපති තනතුරට ජගත් රෝහණ ඉදිරිපත් විය.

එහිදී රෝහණ ඡන්ද 24ක් ලබාගත් අතර, ජේ ශ්‍රී රංගා ඡන්ද 27ක් ලබා ගත්තේය.

ක්‍රීඩා රෙගුලාසි අනුව මාස පහක කාලසීමාවක් සඳහා පත්වූ මෙම නිලධාරී මණ්ඩලය කටයුතු කරන අතර නව පාපන්දු සභාපති ජේ. ශ්‍රී රංගා පවසා සිටියේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව දූෂණයෙන් තොරව විනිවිදභාවයෙන් ගොඩනඟන බවයි.

විශේෂයෙන්ම පාපන්දු ගිණුම් කටයුතු විගණනයකින් පසුව භාරගන්නා බවත් ඔහු පවසා තිබේ.

“මම දැන් මැච් එක ගැහුවා. අනෙක් පිලේ රෙඩ් කාඩ්, යෙලෝ කාඩ් ගැන මට වැඩක් නෑ. ජස්වර්ට ඡන්දය ඉල්ලන්න බැරි වුණේ එයා කළ වරදකට රෙඩ් කාඩ් ලැබිලයි. “මට තියෙන්නේ මාස 5ක කාලයක්. ඒ කාලයේ කළ හැකි උපරිමය කරනවා. යැයි ජේ.සී රංගා පවසා තිබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...