පාපන්දු ක්‍රීඩාවේ විනාශයට හිටපු සභාපතිවරුන් වගකිව යුතුයි

Share post:

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ විනාශයට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ අවිධිමත් පාලනය සහ එහි හිටපු සභාපතිවරුන් ක්‍රියාකලාපයන් වගකිය යුතු යැයි ක්‍රීඩා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය හා මූල්‍ය ගැටළු පිළිබඳව සොයා බැලීමට, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව විමර්ශනය කිරීමේදී මේ පිළිබද පැහැදිලි වන බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අමාත්‍යංශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට පා පපන්දු තහනම් කිරීමට බලපෑ මූලික හේතු නිරීක්ෂණයන් හයක් යටතේ අදාල වාර්තාවේ සඳහන් කර ඇත.

ඒ අනුව

  • ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද කිරීම,
  • සම්මේලනයේ මුදල් පාලනය
  • එහි පරිපාලනය
  • නාමික ක්‍රීඩා සමාජ
  • කාර්යාල කටයුතු
  • ක්‍රීඩාවේ ප්‍රවර්ධනය අදාළ වීම සඳහන් කර ඇත.

මෙම වාර්තාව පසුගිය අප්‍රේල් 4 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ වෙත බාරදෙනු ලැබිණි.

මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් පාපන්දු ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බලන ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුර මුතුමාල පත්කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවත් කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිපියක් යොමුකර ඇතැයි එහි අභ්‍යන්තර අරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අහිමිවූ තරගාවලි දෙක වන්නේ පැරිස්හි පැවැත්වීමට නියමිත පිරිමි ඔලිම්පික් පාපන්දු තරගාවලිය හා කටාර්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහල ආසියානු පාපන්දු තරගාවලියයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකාවට මෙම තරගාවලි අහිමි වී යනු ඇත.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමටද නොහැකිය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...