පාපන්දු ක්‍රීඩාවේ විනාශයට හිටපු සභාපතිවරුන් වගකිව යුතුයි

Share post:

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ විනාශයට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ අවිධිමත් පාලනය සහ එහි හිටපු සභාපතිවරුන් ක්‍රියාකලාපයන් වගකිය යුතු යැයි ක්‍රීඩා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය හා මූල්‍ය ගැටළු පිළිබඳව සොයා බැලීමට, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව විමර්ශනය කිරීමේදී මේ පිළිබද පැහැදිලි වන බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අමාත්‍යංශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට පා පපන්දු තහනම් කිරීමට බලපෑ මූලික හේතු නිරීක්ෂණයන් හයක් යටතේ අදාල වාර්තාවේ සඳහන් කර ඇත.

ඒ අනුව

  • ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද කිරීම,
  • සම්මේලනයේ මුදල් පාලනය
  • එහි පරිපාලනය
  • නාමික ක්‍රීඩා සමාජ
  • කාර්යාල කටයුතු
  • ක්‍රීඩාවේ ප්‍රවර්ධනය අදාළ වීම සඳහන් කර ඇත.

මෙම වාර්තාව පසුගිය අප්‍රේල් 4 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ වෙත බාරදෙනු ලැබිණි.

මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් පාපන්දු ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බලන ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුර මුතුමාල පත්කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවත් කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිපියක් යොමුකර ඇතැයි එහි අභ්‍යන්තර අරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අහිමිවූ තරගාවලි දෙක වන්නේ පැරිස්හි පැවැත්වීමට නියමිත පිරිමි ඔලිම්පික් පාපන්දු තරගාවලිය හා කටාර්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහල ආසියානු පාපන්දු තරගාවලියයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකාවට මෙම තරගාවලි අහිමි වී යනු ඇත.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමටද නොහැකිය.

සබැඳි පුවත්

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...