සුජාන් පාපන්දු නායකත්වයට සමුදෙන්න යයි : චෝදනාව නිලධාරීන්ට

Share post:

ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා සිය නායකත්වයෙන් ඉවත්වීමට තිීරණය කර තිබේ. අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පාපන්දු තහනම් කිරීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව පවසා තිබේ.

මේ අතර එම සංගම් ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ ක්‍රීඩකයින් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය සහ වත්මන් පාලනාධිකාරිය අවධානය යොමු කර නොමැති බවට සුජාන් චෝදනා කර ඇති බවයි.

එමෙන්ම පාපන්දු ක්‍රීඩාවේ වත්මන් තත්ත්වයට නිලධාරීන් වගකිව යුතු බවටද ඔහු පවසා ඇත.

2011 වසරේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 40කට සහභාගී වූ සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පාපන්දු පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකි.

ඔහු 2011 සිට 2015 දක්වා කළුතර පාක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර 2015 වසරේ සිට මාලදිවයිනේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරත විය.

සබැඳි පුවත්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...