සුජාන් පාපන්දු නායකත්වයට සමුදෙන්න යයි : චෝදනාව නිලධාරීන්ට

Share post:

ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා සිය නායකත්වයෙන් ඉවත්වීමට තිීරණය කර තිබේ. අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පාපන්දු තහනම් කිරීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව පවසා තිබේ.

මේ අතර එම සංගම් ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ ක්‍රීඩකයින් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය සහ වත්මන් පාලනාධිකාරිය අවධානය යොමු කර නොමැති බවට සුජාන් චෝදනා කර ඇති බවයි.

එමෙන්ම පාපන්දු ක්‍රීඩාවේ වත්මන් තත්ත්වයට නිලධාරීන් වගකිව යුතු බවටද ඔහු පවසා ඇත.

2011 වසරේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 40කට සහභාගී වූ සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පාපන්දු පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකි.

ඔහු 2011 සිට 2015 දක්වා කළුතර පාක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර 2015 වසරේ සිට මාලදිවයිනේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරත විය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...