ඇඳුමෙන් ආගම හඳුනා ගැනීම සිදුනොවිය යුතුයි : ප්‍රංශයේ පාසල් තුළ අබායා තහනම් !

Share post:

හිජාබය පැළඳීම දිගු කලක් තිස්සේ තහනම් කර තිබූ ප්‍රංශ පාසල්වල සිසුවියන්ට අබායා ඇඳීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාස ගණනාවක් තිස්සේ පැවති විවාදයකින් පසුව මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව නව පාසැල් වාරය ඇරඹෙන එළඹෙන 4 වනදා සිට මෙම ඇඳුම ඇඳීම  තහනම් වන අතර එරට අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරන්නේ ආගමික අසමගිය ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

2004 වසරේදී එරට පාසල්වල හිස් වැසුම් ආවරණය කිරීම තහනම් කරන ලද අතර 2010 දී ප්‍රසිද්ධ ස්ථාන වල සම්පූර්ණ ලෙස මුහුණු ආවරණය කිරීම තහනම් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එරට අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් පැවසුවේ  පාසැල් තුලට පැමිණිමේදී තවදුරටත් “අබායා ඇඳීම කළ නොහැකි බවයි.

“ඔබ පන්ති කාමරයකට ඇතුළු වන විට, ඔබගේ ඇඳුම දෙස බලා ඔබගේ ආගම හඳුනා ගැනීමට කිසිවෙකුට කළ නොහැකි විය යුතුය “

එමෙන්ම පාසලක් කියන්නේ අභයභූමියක් වගේ තැනක්. සිසුන්ට නිදහසේ එහි අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ඊට ඇඳුම බාධාවක් නොවිය යුතුයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පවසා සිටියේය.

දක්ෂිණංශික විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානී එරික් සියොටෝ  පවසා සිටියේ “අපේ පාසල්වල අබයා තහනම් කරන්න කියලා අපි කීප වතාවක්ම කිව්වා. මෙය හොඳ තීරණයක් බවයි.

එහෙත් වාමාංශික විපක්ෂය වන ප්‍රංශ අන්බෝඩ් පක්ෂයේ ක්ලෙමන්ටයින් ඔටෙන් පවසා සිටියේ ආණ්ඩුවේ “ඇඳුම් පොලිසිය” හෙළා දකින බවයි.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලද තවමත් 34 හැවිරිදී වියෙහි පසුවන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල්ගේ විසින් ගන්නා ලද පළමු ප්‍රධානතම ප්‍රතිපත්තිමය තීරණය මෙය ලෙස සැලකේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...