ඇඳුමෙන් ආගම හඳුනා ගැනීම සිදුනොවිය යුතුයි : ප්‍රංශයේ පාසල් තුළ අබායා තහනම් !

Share post:

හිජාබය පැළඳීම දිගු කලක් තිස්සේ තහනම් කර තිබූ ප්‍රංශ පාසල්වල සිසුවියන්ට අබායා ඇඳීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාස ගණනාවක් තිස්සේ පැවති විවාදයකින් පසුව මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව නව පාසැල් වාරය ඇරඹෙන එළඹෙන 4 වනදා සිට මෙම ඇඳුම ඇඳීම  තහනම් වන අතර එරට අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරන්නේ ආගමික අසමගිය ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

2004 වසරේදී එරට පාසල්වල හිස් වැසුම් ආවරණය කිරීම තහනම් කරන ලද අතර 2010 දී ප්‍රසිද්ධ ස්ථාන වල සම්පූර්ණ ලෙස මුහුණු ආවරණය කිරීම තහනම් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එරට අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් පැවසුවේ  පාසැල් තුලට පැමිණිමේදී තවදුරටත් “අබායා ඇඳීම කළ නොහැකි බවයි.

“ඔබ පන්ති කාමරයකට ඇතුළු වන විට, ඔබගේ ඇඳුම දෙස බලා ඔබගේ ආගම හඳුනා ගැනීමට කිසිවෙකුට කළ නොහැකි විය යුතුය “

එමෙන්ම පාසලක් කියන්නේ අභයභූමියක් වගේ තැනක්. සිසුන්ට නිදහසේ එහි අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ඊට ඇඳුම බාධාවක් නොවිය යුතුයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පවසා සිටියේය.

දක්ෂිණංශික විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානී එරික් සියොටෝ  පවසා සිටියේ “අපේ පාසල්වල අබයා තහනම් කරන්න කියලා අපි කීප වතාවක්ම කිව්වා. මෙය හොඳ තීරණයක් බවයි.

එහෙත් වාමාංශික විපක්ෂය වන ප්‍රංශ අන්බෝඩ් පක්ෂයේ ක්ලෙමන්ටයින් ඔටෙන් පවසා සිටියේ ආණ්ඩුවේ “ඇඳුම් පොලිසිය” හෙළා දකින බවයි.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලද තවමත් 34 හැවිරිදී වියෙහි පසුවන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල්ගේ විසින් ගන්නා ලද පළමු ප්‍රධානතම ප්‍රතිපත්තිමය තීරණය මෙය ලෙස සැලකේ.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...