පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

Share post:

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ (2022-23) ප්‍රධාන ලේකම් ධුරයට තේරී පත්වූ ඉන්දික තේනුවර එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉන්දික තේනුවර පසුගිය ජනවාරි 14 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ නිලවරණයේ දී සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී ජේ.ශ්‍රී රංගා ට සහය පළ කරමින් එම පාර්ශ්වයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකි.

වත්මන් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඇතිවු කළකිරීම් හේතුවෙන් ඔහු මෙලෙස සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති පාපන්දු සංගම් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වාදෙයි.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව පත්ව මේ වනවිට මාස එකහමාරක් වන ආසන්න කාලයක් ගෙවමින් තිබුණත් කිසිදු ක්‍රියාකාරී වැඩසටහනක් මෙතෙක් ආරම්භ නොකිරීම ගැන චෝදනා එල්ල වේ.

විශේෂයෙන්ම පාපන්දු ආයතනයේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකාලාපය හෙළා දකිමින් ලිපියක් යොමු කිරීමට මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු, පසුගියදා පියවර ගෙන තිබුණි.

එහෙත් ඊට මෙතෙක් වත්මන් සභාපති ජේ ශ්‍රී රංගා ප්‍රතිචාර දක්වා නැතැයිද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.

කෙසේවෙතත් උද්ගතවී තිබෙන ගැටළු හමුවේ පැවැති නිලවරණයේ දී ශ්‍රී රංගාට ප්‍රබලයන් ගණනාවක් ඉදිරියේදී රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.

ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් රිට් පෙත්සමක් ගොනුකිරීමටද කටයුතු කළේය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...