පාපන්දු සම්මේලනයෙන් කෝටි 15ක පොල්ලක් : අපිව දැනුවත් කළොත් උපදෙස් දෙන්නම් – ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්

Share post:

වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලබාගත් සේවා සහ සැපයුම් සඳහා රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, එම ගෙවීම් පිළිබඳ අර්බුද මතුව ඇති බවත් අනාවරණය වේ.

එම සම්මේලන ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට පසුගිය ජනවාරි 14දා පැවති පාපන්දු සම්මේලන නිලවරණයෙන් පත්වූ වත්මන් විධායක සභාවේ නිලධාරීන් අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වයත් සමග මෙසේ එම ගෙවීම් තවදුරටත් ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අදාළ ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාතික තරග සංචාර සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් හා කාර්ය මණ්ඩල වෙනුවෙන් වූ ගුවන් ප්‍රවේශපත්‍ර සැපයුම්කරුවන් වෙනුවෙන් වේ.

එම මුදල රුපියල් මිලියන 80 – 90 අතර බව ද පැවසේ.

‘දැනුවත් නෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වගකිවයුතු බලධාරියා වන ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ටී. මහේෂන් පැවසුවේ එවැන්නක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවයි. තමන් දැනුවත් කොට උපදෙස් අවශ්‍ය බව දැන්වුවහොත්, ඊට අවශ්‍ය සහයෝගය ලබාදිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සම්මේලනය ස්වාධීන ව ක්‍රියාත්මක වන බවත්, එම නිසා එහි කටයුතුවල වගකීම එහි බලධාරීන් දැරිය යුතු බවත් ලේකම්වරයා අප කළ විමසීමට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසීය.

සම්මේලනයේ සභාපති ධුරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුව පිළිබඳව විමසීමේදී ලේකම්වරයා පැවසුවේ එය අධිකරණය ඉදිරියේ ඇති ප්‍රශ්නයක් නිසා තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි.

සාමාජිකත්වය අහිමි වීම

මේ අතර 2023 ජනවාරි 21 දින ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාර ව නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අහිමි කළේය.

එමෙන්ම තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයන්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තවදුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අයිතිය ද අහිමි විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පහත හේතු දක්වා තිබිණි.

  • ජාත්‍යන්තර පාපන්දු සමේලනය සමග කලින් එකඟවූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම.
  • මූලධර්ම ක්‍රියාවලීන්ට පටහැනිව හිටපු සභාපතිවරයාගේ නාමයෝජනාව අවසන් මොහොතේ ප්‍රහසන සහගත ලෙස ප්‍රතික්ෂේප කිරීම.
  • ප්‍රතික්ෂේපිත උපසභාපති නාමයෝජනා දෙකට නිතරගයෙන් දෙදෙනකු පත්වීම.
  • ජනවාරි 14 වැනිදා පැවැත්වූ නිලවරණය සඳහා තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම හේතුවෙන් එදින පැවැත්වූ නිලවරණය හා එයින් පත්වූ නිලධාරී මණ්ඩලය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පිළිනොනොගැනීම.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...