FIFA ලංකාවේ පාපන්දු සාමාජිකත්වය අහිමිකරයි – ජාත්‍යන්තර තරගත් තහනම්!

Share post:

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ.

එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.

පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණය නීති විරෝධී බවත්, පත්වූ නිලධාරී මණ්ඩලය පිළිනොගන්නා බවත් පවසමින් මේ තහනම නිකුත් කොට ඇත.

ඒ පිළිබඳ ලිපිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත යොමු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තෙවැනි පාර්ශ්වයකගේ අනිසි මැදිහත්වීමක් ඇතැයි ද ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට නොහැකිවනු ඇත.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ අයුරින් ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

පාපන්දු නිලවරණය සම්බන්ධව අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර ඇති පසුබිමක මේ තහනම නිකුත් වී තිබේ.

සබැඳි පුවත්

නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක් : මම මැච් එක ගැහුවා – ශ්‍රී රංගා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...