FIFA ලංකාවේ පාපන්දු සාමාජිකත්වය අහිමිකරයි – ජාත්‍යන්තර තරගත් තහනම්!

Share post:

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ.

එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.

පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණය නීති විරෝධී බවත්, පත්වූ නිලධාරී මණ්ඩලය පිළිනොගන්නා බවත් පවසමින් මේ තහනම නිකුත් කොට ඇත.

ඒ පිළිබඳ ලිපිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත යොමු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තෙවැනි පාර්ශ්වයකගේ අනිසි මැදිහත්වීමක් ඇතැයි ද ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

අදාල තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙනත් කිසිදු තරගාවලියකට හෝ ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට නොහැකිවනු ඇත.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ අයුරින් ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

පාපන්දු නිලවරණය සම්බන්ධව අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර ඇති පසුබිමක මේ තහනම නිකුත් වී තිබේ.

සබැඳි පුවත්

නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක් : මම මැච් එක ගැහුවා – ශ්‍රී රංගා

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...