පාස්කු ප්‍රහාරය : හිටපු නීතිපති දප්පුල වෙනුවට නීතිඥවරයෙක් TIDයට

435

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවට අද (අප්‍රේල් 19) ඔහුගේ නීතිඥවරයෙකු කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට හිටපු නීතිපති වරයා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුට කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (18) නියෝග කර තිබිණි.

ඒ අනුව හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ බවය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ප්‍රකාශ කර ඇතැයි 2021 වසරේ මැයි මස 17 වැනි දා වාර්තා වූ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

රාජ්‍ය බුද්ධි සේවය හෙවත් එස්.අයි.එස් ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයි ඔහු එහිදී කියා සිටියේ ය.

දප්පුල ද ලිවේරා පෙන්වා දුන්නේ, මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බවයි

සබැඳි පුවත්