පාස්කු නඩු 108කින් මාව නිදහස් කරන්න : හිටපු ජනපතිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

Share post:

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් රුපියල් 21,000ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය ඊයේ (01) නියම කළේය.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසිනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්, වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර, තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයන් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මේ අතර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වගඋත්තරකරුවන්, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජනවාරි 12දා තීරණය කළේය. ඒ, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පෙත්සම්කරුවන් 13 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසුව ය.

මෙම පෙත්සම් තීන්දුව මගින් වරදකරුවන් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...