නව පාසල් වාරයට ඉහළ වට්ටමකට SPC පොත් : අපිට අවුරුදු 2කට කඩදාසි ප්‍රශ්න නෑ – වැඩ බලන සභාපති

Share post:

පාසල් සිසුන්ට නව පාසල් වාරයට අවශ්‍ය අභ්‍යාස පොත් සියයට 30කට වැඩි වට්ටම් මුදලකට ලබාදීමට තම ආයතනය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩ බලන සභාපති ඩි.එල්.ඒ. විජේනායක thetime.lk වෙත පැවසීය.

පාදුක්ක, පානළුවේ පිහිටි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ හෝ එහි නිලධාරීන් සම්බන්ධ කරගෙන කුරියර් සේවා හරහා මෙම අභ්‍යාස පොත් තොග ලබාගත හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය. රට පුරා පිහිටි සංස්ථාවේ බෙදාහැරීම් මධ්‍යස්ථාන 10ක් මගින් ද මෙම පහසුකම ලබාගත හැකි බව පැවසූ ඔහු, සංස්ථාවට බෙදාහැරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම මෙවැනි අවස්ථාවකදී බරපතළ පාඩුවක් බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සතොස ආයතනය හරහා සංස්ථාවේ නිෂ්පාදිත පොත් වට්ටම් සහිතව ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය.

මුද්‍රණ කඩදාසි හිඟය සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා පැවසුවේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සංස්ථාවේ නිෂ්පාදන සඳහා අවශ්‍ය කඩදාසි මෙට්‍රික් ටොන් 6,000ක් ලබාගැනීමට හැකි වූ බවයි. එම තොගය වසර 2කට ආසන්න කාලයකට ප්‍රමාණවත් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සතොස අලෙවි සැල් ජාලයෙන් අප කළ සොයාබැලීමේදී වාර්තා වූයේ සියලුම සතොස අලෙවි සැල්වල මෙම වට්ටම් සහිත අභ්‍යාස පොත් නොමැති බවයි. පළාත් කිහිපයක ප්‍රධාන නගරවල පිහිටි අලෙවි සැල්වල පමණක්, සීමිත ප්‍රමාණවලින් එම අභ්‍යාස පොත් අලෙවියට ඇති බව නිරීක්ෂණය විය.

රජයේ පාසල්වල නව පාසල් වාරය ලබන 27දා ආරම්භ කිරීමට නියමිත ය.

ආනයන භාණ්ඩ මත පැනවූ බදු, ඉන්ධන මිල ඉහළ යෑම, අමුද්‍රව්‍ය මිල සහ විදුලි බිල සීග්‍රයෙන් ඉහළ යෑම වැනි හේතු මත අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල මෙසේ ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීමට සිදු වී ඇතැයි ප්‍රමුඛ පෙළේ පාසල් අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් නියෝජිතයෝ කිහිපදෙනෙක් අප සමග පැවසූහ. මෙම තත්ත්වයන් වෙනස් නොවන්නේ නම් අදාළ භාණ්ඩවල මිල පහළ දැමීමේ හැකියාවක් නැති බවත්, තමන් නියෝජනය කරන සමාගම් පවා සීග්‍රයෙන් නිෂ්පාදන සහ සේවක කප්පාදුව සිදුකරමින් සිටින බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...