Home Blog Page 255

ඉරානය සුළුවෙන් තකන්න පුළුවන් ද?

0

ඊයේ පොඩ්ඩක් බිසී වෙලා හිටියත් අද ඉඳන් World Cup එක ගැන හෑලි සීරිස් එක පටන් ගන්නවා. ඒ යටතේ මුළින්ම ලියන්න හිතුවේ ඉරානය ගැන. අද ඉරානය සහ එංගලන්තය ලෝක කුසලාන බිමට ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 6. 30 එකතු වෙනවා.
ඇත්තටම ඉරානය කියන නම ගත්තම ඔවුන් ඇවිල්ලා ලොකු ප්‍රභල නමක් නෙමෙයි. මේක එංගලන්තය බොහොම පහසු ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා බොහොමයක් දෙනා විශ්වාස කරනවා. හැබැයි ඉරානය මේ වගේ මැච් වලදි ටිකක් අමාරු ටෙක්නික්ස් ටිකක් පාවිච්චි කරනවා. ප්‍රධානම දේ තමයි ඔවුන් ලොකු ටීම් එකක් හම්බවුණ ගමන්ම දා ගන්න බස් එක!
ඉරානය කියන්නේ මෑත කාලීනව ආසියාවේ හොඳම බස් එකක් පාක් කරන ටීම් එක කිව්වොත් හරි. මොකද එයාලා ඩීප් බැක් ලයින් එකක් එක්ක මැච් එකට එනවා. මේ වගේ ලොකු ටීම් එකක් හම්බවෙනකොට ඇටෑකින් මයින්ඩ් එකක ගහලා ජයග්‍රහණය කරන්න බෑ කියලා එයාලා දන්නවා. ඉතින් ඉරානය එන්නෙම මැච් එක ඩ්‍රෝ කරගන්න බලාගෙන ඔවුන්ගේ සැලැස්ම හරිම සරලයි.

ඉරානය ඒෂියන් කොලිෆයර්ස් වල ගැහුවේ 4-1-4-1 කියන ෆෝමේෂන් එක. හැබැයි එතනින් එහාට ඔවුන් ලොකු ටීම්ස් හම්බවෙද්දී 4-1-4-1 එකට යන්න වගේම ඩිෆෙන්ස් ලයින් එකේ අවම 5ක් දාන්න කටයුතු කරනවා. මේක ගොඩක් වෙලාවට මැච් එක මැදදි 6 දෙනෙක් දක්වා වැඩි වෙනවා. ගෝල්කීපර් ත් එකතු කලාම සමස්ථ ඉරාන් ඩිෆෙන්ස් එක 7 ක් විතර වෙලා. මේ විදිහට පාක් කරන බස් එක දිගටම ගෝල් එකක් වදිනකන්ම කන්ටිනියුව් වෙනවා.

ඉරානය ඇටෑක් එකට එන්නෙ බොහොම අඩුවෙන්. තමන්ට බෝලය ලැබුණට පස්සේ ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයෝ 3 දෙනා පාවිච්චි කරලා ඉක්මනින් කවුන්ටර් ඇටෑක් එකකට යන්න ඉරානය පෙළඹෙනවා. මේක තමයි ඔවුන් ගෝලයක් වාර්තා කරගන්න පාවිච්චි කරන උපක්‍රමය. එතනින් එහාට පොසිෂන් තියාගෙන ගහන්න ඕනි වගේ දේවල් ලොකු ටීම් එකක් එක්ක ගහද්දි ඉරානයට අදාල නෑ.

2014 ලෝක කුසලානයේදී ආජන්ටිනාවට එරෙහිව ඉරානය දාපු ලෝ බ්ලොක් එක බොහොම ජනප්‍රිය එකක්. මේ මැච් එකේදි අවස්ථා කිහිපයකදීම බ්ලොක් එකෙන් අරගත්ත බෝලය අරන් භයානක කවුන්ටර් ඇටෑක් දෙන්න ඉරානයට පුළුවන් වුණා. අන්තිම විනාඩියේදී මෙසී ගහපු මැජික් ගෝල් එක නිසා 1-0 කින් ආජන්ටිනා මේ මැච් එක දිනුවා.

2018 ලෝක කුසලානයේදී ඉරානය මොරොක්කෝවට එරෙහිව ගෝල 1-0 ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ස්පාඤ්ඤ මැච් එක 1-0 ක් විදිහට පරාජය වෙද්දි පෘතුගාල මැච් එක 1-1 ක් විදිහට අවසන් කරගන්න ඉරානයට පුළුවන් වුණා. මේ මැච් වලදි ඉරාන බස් එක අනිත් ටීම්ස් වලට සෑහෙන හිසරදයක් වුණා. සාමාන්‍යයෙන් ඉරානය මෑත කාලීනව ලොකු ටීම්ස් හම්බෙද්දි ඒ තරග බොහොම පොඩි ගෝල සංඛ්‍යාවක් වාර්තා වුණ තරග කියලා හඳුන්වන්න පුළුවන්.

අමතක කරන්න හොඳ නැතිම දේ තමයි මේ වෙද්දි ඉරානය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 20 වන තැන දිනාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දැනට දවස් කිහිපයකට උඩදි ඔවුන් උරුගුවේ පාරජයට පත් කරන්නත් සමත් වුණා. ආසියාවේ ෆුට්බෝල් රෑන්කින් වල උඩම ඉන්න ටීම් එකත් ඉරානය. අද ඉරාන් දාන ලෝ බ්ලොක් එකේ ඩිසිප්ලින් එක මතයි එංගලන්තය ට මේ බ්ලොක් එක කඩාගන්න යන වෙලාව මතයි තරගයේ අවසන් තීරණය සටහන් වේවි.

ශාමින්ද ජයරත්න

පිරිමි ගොඩාක් මැද පාපන්දු පිටියේ හමුවන සලීමා

වසර 92ක ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරමින් රුවන්ඩාවේ සලීමා මුකන්සංගා ප්‍රථම වතාවට පිරිමි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවුවාය.

පසුගිය වසරේ ටෝකියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේද විනිසුරුවරියක ලෙස කටයුතු කළ ඇය , 1958 දී ආරම්භ කරන ලද අප්‍රිකානු කුසලාන පිරිමි තරගාවලියේද විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.

ඒ එලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙසද ඇය ඉතිහාස ගතවෙමිනි.

තවමත් 34 හැවිරිදි වියෙහි පසුවන සලීමා, ස්ටෙෆනි ෆ්‍රැපර්ට් සහ යොෂිමි යමෂිටා වැනි සහායක විනිසුරුවරියන් තිදෙනෙකු සමග මෙම තරගාවලියට සහභාගි වනු ඇත.

මෙවැනි තරගාවලියක විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසාදයක්, බවද එමෙන්ම එමගින් අවස්ථා බලාපොරොත්තුවෙන් සිටින අප්‍රිකාවේ අනෙකුත් කාන්තා නිලධාරිනියන්ට දොරටු විවර වනු ඇතැයි ඇතැයි තමන් විශ්වාස කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවාය.

පොලිස් කොමිසමේ සභාපති බැසිල් සමග එළිපිට වැඩ : ඉතිහාසය මෙන්න !

0

ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට යෑම දැඩි අවධානය යොමු කළ යුතු සිදුවීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයෙකු මෙසේ දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු මෙන්ම යුක්තිය පිළිබඳ අපකීර්තිමත් ක්‍රියාකාරිත්වයක් සහිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධකම් පවත්වන බව දැනගැනීමෙන් පසු ජනතාවට තවදුරටත් එම කොමිෂන් සභාවේ තීරණ, ස්වාධීන ලෙස පිළිගත නොහැකි බව ද ඔවුහු අවධාරණය කරති.

බැසිල්ගේ සමීපතමයෙක්

හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ ඇමති ධුර දරන කාලවලදී ද විවිධ ලේකම් ධුර දරමින් කටයුතු කළ අයෙකි.

නව පත්කිරීම් නෑ

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු, ව්‍යවස්ථාදායක සභාව මගින් ස්වාධීන කොමිෂන් සභාවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතු වේ. එහෙත් මෙතෙක් එම පත්කිරීම් සිදු කර නැත.

එම නිසා තවදුරටත් එම ස්වාධීන කොමිෂන් සභාවල පෙර සාමාජිකයෝ ම අදාළ තනතුරුවල කටයුතු කරති. ඒ අනුව චන්ද්‍රා ප්‍රනාන්දු ද තවදුරටත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වේ.

ආසනයේ නැත !

මෙම සම්බන්ධතාව කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බලපෑම් කරන ආකාරය පිළිබඳව විමසීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ 0112 166 501 සෘජු දුරකතන අංකයට අවස්ථා ගණනාවකදී ඇමතුම් ගත්තද, ඔහු කාර්‍යාලයේ නොමැති බව දිගින්-දිගටම සඳහන් කෙරිණි.

චන්ද්‍රා ප්‍රනාන්දු කවුද ?

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් චන්ද්‍රා ප්‍රනාන්දු ද පත්කෙරිණි. එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ බරපතළ චෝදනා රැසක් එල්ල වූ අතර, එමගින් අධිකරණයට සිදු වූ බලපෑම් සම්බන්ධයෙන් ද සංවාදයක් ඇති විය.

චන්ද්‍රා ප්‍රනාන්දු හිටපු පොලිස්පතිවරයෙකි. ඔහු පොලිස්පති වීමට පෙර සිට ම බරපතළ චෝදනා එල්ල වූ අයෙකි. ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කරමින්, ඔහු පොලිස්පති ධුරයට පත්නොකරන ලෙස එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයයි. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය 2004 අගෝස්තු 31 දින ජනාධිපතිනියට යැවූ ලිපියකින් හිටපු පොලිස්පතිවරයාට චෝදනා පහක් ඉදිරිපත් කර තිබිණි.

චෝදනා 5ක්

එයින් පළමු චෝදනාව වූයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස බැඳී, වැටුප් රහිත නිවාඩුවක් වසර හතරක කාලයකට ලබාගෙන, ජපානයට ගොස් වසර පහක කාලයක් එහි රැකියාවක් කොට, නැවත මෙරටට පැමිණ, ඊළඟ ශ්‍රේණියට උසස්වීමක්ද ගෙන, වැටුප් රහිත නිවාඩු කාලයට හිඟ වැටුප් ලබාගැනීම ය.

දෙවැනි චෝදනාව වූයේ 1985 මැයි 05 දා යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් සිටියදී, චන්ද්‍රා ප්‍රනාන්දු යාපනය පොලිසියේ ආරක්ෂාව යටතේ යාපනය අධිකරණයට අයත් නඩු භාණ්ඩ වශයෙන් තිබූ රන් භාණ්ඩ සියල්ල කොල්ලකෑ බව ය.

පැවති කලහකාරී වාතාවරණය මත යාපනය අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ සේප්පුවක තබා ඇත්තේ, ඔහු යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරද්දී බව ද අදාළ ලිපියේ සඳහන් ය. 1985 මැයි 05දා චන්ද්‍රා ප්‍රනාන්දු විසින් තමන්ගේ රියැදුරු වූ පොලිස් සැරයන් රාජරත්නම්ගේ උපකාරය ඇතිව පොරොවකින් පහර දී අදාළ සේප්පුව විවෘත කර ආරක්ෂාව සඳහා යැයි කියමින්, සියලුම රන් ආභරණ සිය භාරයට ගත් බවට චෝදනා එල්ල වී තිබේ.

පොලිස් රියැදුරු රාජරත්නම් පසුව ඝාතනය විය. පසුව මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි එච්.එස්. ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණද, ජයසූරිය හා චන්ද්‍රා ප්‍රනාන්දු අතර තිබූ හිතවත්කම මත පරීක්ෂණ යටපත් වූ බව ද පොලිස් පරීක්ෂක සංගමය විසින් යොමුකළ ලිපියේ සඳහන් විය.

න්ද්‍රිකා චෝදනා ඉවත දමයි

මීට අමතරව පොලිස් උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටිමින් පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබාදීමේ තරග විභාග අක්‍රමවත් ලෙස හා විනිවිදභාවයකින් තොරව පැවැත්වීම නිසා සුදුසුකම් සහිත නිලධාරීන් රැසකට උසස්වීම් අහිමි වූ බවට ද තවත් චෝදනාවක් එල්ල වී තිබේ. එසේම ඔහු උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටිමින් සුදුසුකම් නොමැති කාන්තා පොලිස් කොස්තාපල්වරියක, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස උසස් කිරීමට බලපෑම් කළේ යැයි ද චෝදනා එල්ල විය.

මේ ආකාරයේ චෝදනා රැසක් අදාළ ලිපියේ සඳහන් වන අතර, ඊට අදාළ සාක්ෂි ද ඇමුණුම්වලට ඇතුළත් කර ඇත. එම නිසා ඔහු පොලිස්පතිවරයා ලෙස පත් නොකරන්නැයි ද පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා ඇත.

එහෙත් හිටපු ජනාධිපතිනිය විසින් මෙම චෝදනා පිළිබඳ විමර්ශනයකින් තොරව ඔහු පොලිස්පති ධුරයට පත්කෙරිණි.

“ඒ මිනිහා” කියවූ, කවිවර පොත් කියවිමේ සැඳෑව

0

මංජු නැදගමුව FB සමාජ මාධ්‍ය ජාලයේ අතිශය ජනප්‍රිය චරිතයක්.ඔහු වරින් වර FB බිත්තියේ එල්ලපු විවිධාකාර නිර්මාණ මේ ප්‍රේක්ෂකාගාරයේ බොහෝ දෙනා කියවා රසවිඳ ඇති බව මා දන්නවා .

මංජු නැදගමුව සාහිත්‍යකරණයට පිවිසෙන්නේ ඔහුගේ කුලුඳුල් කව් පොත” වෙඩිඋණ්ඩ හා පිනි බිංඳු පලකරමින් 2016 වසරේ. “උර්දු කව්යක්” ඔහු විසින් පළකරනු ලබන්නේ 2019 දී දෙවන කවි පොත ලෙසින්. උර්දු කවියේ කාව්‍ය නිර්මාණ බොහෝ රසිකයින්ගේ විචාරකයින් ගේ ප්‍රසාදයට පත් වූ බව මතකයි. ඒ අතරමැද 2017 වසරේ දී මංජු නැදගමුව “මගදිග කතා” (ලුහුඩු කතා) සංග්‍රහයක් පළකරනවා.

සාහිත්‍යකරණය ඔහුගේ ජීව්තයේ කොටසක්ම බවට පත්කරගනිමින් කටයුතු කරන්නෙකු විදිහට මංජු නැදගමුව ට මා කැමතියි. විශේෂයෙන්ම ඔහු විසින් මුද්‍රණද්වාරයෙන් පළකිරීමට සැලසුම්කොට ඇති “මනුසඳ සැරිය” අපේ රටේ ප්‍රවීණ මෙන්ම ආධුනික, නවක සාහිත්‍යකරුවන්, සාහිත්‍යකාරියන්⁣ගේ ජීවන තොරතුරු, නිර්මාණ තොරතුරු ඇතුළත් අගනා වටිනා
අත්පොතක්, නාමාවලියක් හෝ ඒ ආකාරයේ පළවූ අපූරු සංග්‍රහයක් වනු නොඅනුමානයි.

“මනුසඳ සැරිය” වැනි අපේ රටේ සාහිත්‍යකරුවන්ගේ තොරතුරු ඇතුළත් සංග්‍රහයක් පළකිරීමේ යුතුකම පැවරී ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට, සාහිත්‍ය අනුමණ්ඩලය ට වුවත් ඔවුන්ට ඊට වඩා වැදගත් රාජකාරි ඉටුකරන්නට ඇති නිසා මෙවැනි අර්ථවත් කටයුත්තක් කිරීමට කාලය මුදල් සොයා ගැනීමට අපහසුවී ඇතැයි මම විශ්වාස කරනවා.
මේ සැන්දෑවේ අපූරු සාහිත්‍ය ක්‍රියාකාරකම් කිහිපයක්ම සිදුවන බව කව්වර ප්‍රකාශන ආයතනයේ ආරාධනාවේ සඳහන් සඳහන් විය.

අලුත්ම සාහිත්‍ය කෘති හතරක් පිළිබඳ කතාබහ ඇතුළු කව්වර ප්‍රකාශන ආයතනයේ ගමන් මග පිළිබඳව. මට පැවරී ඇත්තේ මංජු නැදගමුව ගේ “ඒ මිනිහා” කෙටි කතා සංග්‍රහය ගැන මගේ අදහස් ප්‍රකාශකිරීමටය. මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න බොහෝ දෙනා මංජු ගේ කෘතිය වගේම අනෙක් කෘතින් කියවා ඇතැයි කියා මා සිතනවා. පොත් දොරට වැඩුමකදී පාඨකයින් නොකියවූ පොතක් ගැන කතාකරනවට වඩා මේ ආකාරයේ කතිකාවන් පැවැත්වීම අර්ථවත් කියලයි මට හිතෙන්නේ.
පළමුවෙන්ම කව්යට, ගීතයට, ඇල්මක් තිබූ මංජු නැදගමුව කෙටිකතා ශානරය තෝරාගැනීම සතුටට කරුණක්. ඒ වගේම ඔහු⁣ගේ ඉදිරි ගමන්මගට සුබ පතන්නත් මේ වෙලාවේ අමතක කරන්නෙ නෑ.

කෙටිකතාව යනු කුමක්ද පිළිබඳ විවිධ අර්ථකතන ඇතිබව අප දන්නවා.මහාභාරත කතා, බයිබල් කතා, කැන්ටබරි කතා, ඊෂොප් උපමා කතා, ආදී වශයෙන් විවිධ කතා කියවා ඇති අපට වඩාත් ළංවන්නේ ජාතක කතා.වර්තමානයේ කෙටිකතාව ට ලෝක සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් හිමිව ඇතත් අපේ රටේ නම් ජනප්‍රියම ශානරය වන නවකතාවට පසු කෙටිකතාව අභිබවා කව්ය ඉදිරියට ඒමේ ප්‍රවණතාවක් තමයි දක්නට ඇත්තේ.
නයිජීරියානු ජාතික නවකතාකරුවෙක්, කෙටිකතානරුවෙක් හා කවියෙක් වන BEN OKRI 1992 දි කෙටි කතාවට නිර්වචනය සපයා ඇත්තේ මෙහෙමයි.

“Novel is a river.but a short story is a glass of water .
A novel is a forest ,but a short story is a reed.Its more atonic .The atom way cintain the secret structure of the universe
(Ben Okri)

නවකතාව ගඟක්නම් කෙටිකතාව ඉන් ගත් දිය දෝතක් වැනිය. නවකකාව වනාන්තරයක් නම් කෙටිකතාව එහි ප්‍රරෝවිගනය වන කුඩා බීජයකි. එය වඩා සමාන මූල ද්‍රව්‍යයකට නොව එහි තැනුම් ඒකකය වන පරමාණුවටයි. එහි විශ්වයේ රහස් සැඟවී තිබේ”.
කෙටිකතාවක කාරණා කීපයක් තිබිය නොහැකියැයි ඇතැම් විචාරකයින් පවසන කල එය එසේ නොවන බවට සාක්ෂි සපයන කෙටිකතා සාහිත්‍ය ලෝකයේ ඇති බව පෙනෙනවා.

කෙටිකතාව ජීවිතයෙන් පෙත්තක් Slice of life යන අර්ථයෙන් අපට නිතර අසන්නට ලැබෙනව. චරිතයන්, චරිතාංගයක් මතු කිරීමට වඩා දයාසේන ගුණසිංහ සාහිත්‍යාවරයා එහදී ප්‍රකාශ කොට ඇති “කෙටිකතාව ජීවිතයේ සමීප රූපයකැයි” යන කියමනට මං කැමතියි. එකඟවෙනවා. සමීප රූපය අපට වඩාත් හුරු පුරුදු චිත්‍රපටයේදී.සමීප රූපයකට හසුනොවන සියුම් ඉරියව් ලක්ෂණ, කිසිවක් නැතිතරම්. ඒවගේම කෙටිකතාව නම් සමීප රූපයේදී ජීවිතයේ සියුම් භාව ප්‍රකාශන ඉරියව් දැකගන්න⁣ට පුළුවන් .

මංජු නැදගමුව ගේ කෙටි කතා එකොළ ඒවයේ අත්දැකීම් මුල්කොටගෙන වර්ගීකරණය කළහොත් මෙසේ හඳුන්වන්න පුළුවන්.

1 අල්වැට ඈත ගමක ගොවි දියණියකගෙ අපූරු සංකල්පනාවක් මතුකරන නිර්මාණයක්

2.අමුත්තා නාගරික මධ්‍යම පන්තියක විවාහක යුවලකගේ හදාවඩාගන්නා දරුවකු හා පියෙකුගේ දාරක ස්නේහය මතුකරන
නිර්මාණයක් .

  1. දිගු රැයක්, භාවනා, අපූරු දඬුවම වැනි කතා තුළින් කතුවරයා කියන්නට උත්සහ ගන්නේ මධ්‍යම පාංතික ජීව්තයේ පුද්ගල
    මනෝභාව කුටුම්භයක දක්නට ඇති ගැටුම් සිදුවීම් ආදිය පිළිබඳවයි.

4.නමක් නැති කතාවක් මෙහි එන චරිත අපට ආගන්තුකයි. එහි ඉන්දියානු කතාවක ඡායාවක් දක්නට ලැබෙනවා. බිහාර්, සන්දී , අභිනයා, රාජේන් බාලමුදිර්, වැනි චරිත අපට ආගන්තුක බව දැනුනත් එහි අද්දැකීම්මට අපව හවුල්කර ගන්නට මංජු සමත් වෙනවා.

  1. කොයිංසාමි, ජොසප්පු, පොසිටිව් අම්මා, ඒ මිනිහා වැනි කතා හා ඒවායේ සිද්ධි හා චරිත මතින් මා මුලින් සඳහන් කළ
    දයාසේන ගුණසිංහ කෙටිකතාකරුවාගේ අර්ථකථන සනාථ කරනවා. ජීවිතයේ සමීප රූප මේ හැම කතාවකම අඩුවැඩි
    වශයෙන් ඇති බව අපට දැනෙනවා. කතාකරුවකුගේ කුලුදුල් උත්සාහය ලෙස එය අපට අගයකළ හැකිය.

කෙටි කතාවක් රසවිඳීමේදී හෝ විශ්ලේශනයකදී ප්‍රධාන කොට සලකා බැලෙන කතාතේමාව, ආකෘතිය, සන්දරභය,
අන්තර්ගතය, ආඛ්‍යානය, චරිත නිරූපනය, ප්‍රතිභාව කාලය හා අවකාශය ලක්ෂණ වගේම විශ්වසනීයත්වය ද පිළිබඳ අවබෝධයකින් මංජු නැදගමුව තම කතා නිර්මාණය කොට ඇති බව පැවසිය හැකිය.
මේ කතා සංග්‍රහයේ බොහෝ කතා හි නිරූපිත සිදුවීම් හා චරිත මුහුණ දෙන ජීවිතයේ සංකීර්ණ අවස්ථා හා මානව ගැටලු
ඉදිරිපත්කිරීමේදී කතාකරු දක්වා ඇති ප්‍රතිභාව හේතුකොටගෙන බාඨක ග්‍රහණය නොබිදෙන කතා රසය නොඅඩුව ඇති කතා ගොන්නක් රස විඳීමට අපට අවස්ථාව ලැබෙන බව කිව යුතුය.

මංජු නැදගමුව එක් එක් කතාවේ පරිසරයට ,චරිතවලට අනුරූප භාෂාව භාවිතකොට තිබීමත් සඳහන් කළයුුතුය.
“අලිවැට” හි භාෂා භාවිතය ට හාත්පසින්ම වෙනස් භාෂාවක් භාවනා කතාවෙහි දක්නට හැකිය.
“ආකාසෙ බීරිම් නරල තිබුණට වැහි වැටුනෙ නෑ.කෝං ගහ පාමුල මොනර පිහිටු විසිරිලා තිබුණට රසික ඒව එකතු කළෙත් නෑ.මුරුංගයි සියඹලා කරලුයි බිමට පාත්වෙලා තිබුණ.

කොහොඹ ගස් හෙවනෙ පැදුරක පරන ඇදුම් වගයක් දාල තිබුණෙ රෙදි පෙට්ටියට කූඹු ඇවිත් හිටිය නිසා.ගෙයි පිළිකන්නෙ වට්ටක්ක වැල ළිඳ ළඟටම ඇදිල තිබුණෙ හරියට ළිඳෙන් වතුර පොදක් ඉල්ලන්න ගිහින් වගේ.එ් වට්ටක්ක වැලේ පොහොට්ටු හැදිල තිබුණ.”(අලිවැට පිටුව 17)

“පියතිලක ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගෑදී සිට්යේ ලතා තේ එක ගෙනෙන තුරුය. ඇය විනාඩි කීපයකට පසු තේ කෝප්පය රැගෙන පියතිලක වෙත ආවේ පෙර වුන්, පරිදි තුවාය පමණක්, ඇඳගෙනය. ඇගේ පපුව පෙදෙසේ වතුර බිංඳු, කීපයක් දක්නට ලැබිණි. පියතිලකගේ සිතිවිලි, ඒ දිය බිංදු හා තරඟකරන්නට පටන්ගත්තේය.කාලෙකට පසු ඔහුගේ ශරීරය පුරා කිව නොහැකි වූ මිහිරක් ගලා යන්නට විට. තේ, එකත් සමඟ පියතිලක ලතාගේ ඇඟිලි දෙකක්ද අල්ලා ගත්තේ ලතාට නොදැනෙන්නටය. ලතාගේද අකමැත්තක් නෙවූයෙන් ජොගින් ට්‍රක් එකේ, ඇවිදින තරුණ කොල්ලා නැගී සිටින්න⁣ට විය. ඉස්තෝපු කාමරයේ සති දෙකක සිට තනිව නිදාගත් පියතිලකට ඒ මොහොතේ තනියක් නොදැනිනි. විශ්‍රාමික බැංකු, නිළධාරියා දීර්ඝ හුදකලා විරාමයක් නිමාකරමින් සිටියේය.
ඔහු එදින පැයකට වඩා වැඩි කාලයක් ඇවිද්දේය.” (භාවනා පිටුව 80)

මංජු නැදගමුවගේ කෙටිකතා වර්තමාන සිංහල කෙටිකතාවෙි හැරවුම් ලක්ෂයක් හෝ විශිෂ්ටතම කෙටි කතා යැයි කීමට මා ඉක්මන් වන්නේ නෑ. එහෙත් නිසැක වශයෙන්ම මෑතකාලීන සිංහල කෙටිකතා අතරට එක්වන වෙනස්ම නැවුම් අත්දැකීම් රැගත් කතා එකතුවක් ලෙස “ඒ මිනිහා” හැදින්වීමට මම කැමතියි. ඔහුගේ කවි මෙන්ම කෙටිකතාද අනාගතයේදී වඩ වඩාත් රසික විචාරක සම්භාවනාවට පාත්‍රවනු ඇතැයි මා විශ්වාස කරනවා..

බුද්ධදාස ගලප්පත්ති

රනිල්ට උතුරෙන් කළු කොඩි : පොලිසිය සමග ගැටුමක් !

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊයේ (19) වවුනියාවේ සංචාරය අතතුරදී විරෝධතාවක් එල්ල විය.

ඒ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙනි.

ඔවුන් විරෝධය දක්වමින් ඉල්ලා සිටියේ යුද සමයේ අතුරුදන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ ලබාදෙන ලෙසයි.

ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර තිබුණද, වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

‘කළු කොඩි – ඡායාරූප’

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනාධිපතිවරයා පැමිණ සිටි අවස්ථාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි සහ ඡායාරූප පෙන්වමින් පැවසුවේ තමන්ගේ ගැටළුවලට කඩිනම් පිළිතුරු ලබා දෙන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව උතුරේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

‘සම්බන්ධතා යොදාගන්න’

අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ඇති ජාත්‍යන්තර සබඳතා යොදාගෙන, යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඉඩ දෙන ලෙසයි.

‘ඔක්කොම විසඳන්න’

මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීමට කටයුතු කරන ලෙසයි.
විශේෂයෙන් ම ඔවුන්ගේ ඉඩම් ගැටළු විසඳීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. පළාත් මට්ටමෙන් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා කමිටු 8ක් පිහිටුවා ඇතැයි ද, එම කමිටු සමග සම්බන්ධ වී ජනතාවගේ ගැටළු ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය; උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට
දින 2057පිරෙන දා 2022 ඔක්තෝබර් 08 ගන්නාලද ඡායාරුපයක්. ඡායාරුප- Kumanan Kana

එක වසර ඉංග්‍රීසියෙන් : මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට කතාවක් !

0

රජයේ පාසල්වල එක වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රයෝගිකව භාවිත කිරීම ලබන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද (18) මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකදී අවධාරණය කළේය.
ඊට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්, එය අත්‍යවශ්‍ය කරුණක් බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ද්විභාෂික අධ්‍යාපනයක අවශ්‍යතාව

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට ම කතාබහට ලක්වූවකි. එය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද විවිධ කොමිෂන් සභා මගින් ද අවධාරණය කෙරුණු කරුණකි. යටත්විජිත රාජ්‍යයක් වුවද, මෙරට දරුවන්ට මව් භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කරන්නට ඉඩ සැලසීම අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය.
ඊට වැදගත් උදාහරණයක් වන්නේ මෙරට සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයන්ට සිංහල හෝ දෙමළ හෝ ඉගෙනගැනීම අනිවාර්ය කිරීම ය.
මෙවැනි වාතාවරණයක් යටතේ ය, ලංකාවේ පළමු අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා පත්වන්නේ. ඒ කාලයේ ක්‍රියාත්මක වූයේ කාරක සභා ක්‍රමයකි.
අධ්‍යාපන කාරක සභාවේ සභාපතිවරයා වූයේ නිල බලයෙන් කන්නන්ගරයන් ය. ඒ කාරක සභාවේ සාකච්ඡා කෙරුණු වැදගත්ම කාරණය වූයේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ය. ඊට අදාළ ව මුලින්ම පැමිණි යෝජනාව නම් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම ය. නමුත් ඒ අදහස යට ගොස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුය යන අදහස පෙරට ආවේය. එය එදවස සිදු වූ බරපතල අඩුපාඩුවකි. යම් හෙයකින් එදා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කළේ නම් අපට ගුරු කොට ගත හැකි මුලක් දකින්නට හැකියාව තිබිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය

ජාතික ප්‍රතිපත්තිය මාරු වීමෙන් පසු කන්නන්ගරයන්ගේ මූලිකත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සකස් කෙරිණි. සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් පසු යටත්විජිත යුගයේ දී ක්‍රියාත්මක කළ වඩාත් ප්‍රජාතාන්ත්‍රික ම යෝජනාවලිය හෝ ක්‍රියාවලිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ය. මේ ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ කමිටුවට සියලූ ජාතීන්, සියලූ ආගම් නියෝජනය වන පරිදි සාමාජිකයන් පත් කරනු ලැබිණි. ඉන්පසු මේ යෝජනාවලියට මහජන අදහස් ලබාගැනීමේ පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි.
මුලින්ම කන්නන්ගරයන් ඇතුළු පිරිස කළේ පුවත්පත්වල දැන්වීම් පළකිරීම ය. ඉන්පසු පාසල්, පිරිවෙන් ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන වලට මේ සඳහා යෝජනා ඉල්ලමින් ලිපි යවන ලදි. ඊටත් එහා ගොස් තවදුරටත් මේ ක්‍රියාවලිය පුළුල් කරමින් ප්‍රාදේශීය මට්ටමින් මහජන සාකච්ඡා පවත්වන ලදි. ඒ සාකච්ඡා පැවැත්වූයේ මහනුවර, ගාල්ල, මඩකලපුව, යාපනය සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ය. එය රටේ සියලූ ආගම් සහ ජාතීන් නියෝජනය වන ඉතා පුළුල් හරස්කඩකි.
කන්නන්ගරයන් ප්‍රමුඛ පිරිස කටයුතු කළ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ජන හදවත්වලට කා වැදිණි. එදා සිට අද වන තෙක් ම ඉදිරිපත් වූ අන් කිසිම පනතක් හෝ යෝජනාවලියක් ඒ තරම් ජන හදවත්වලට කා වැදී නැත.

නිදහස් අධ්‍යාපනයේ පදනම් ලියවිල්ල

සරල ව හඳුන්වන්නේ නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව යනු නිදහස් අධ්‍යාපනයේ පදනම් ලියවිල්ල ය. ඒ යෝජනාවලිය ය, මේ සා දැවැන්ත ප්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාවලියක් මගින් සකස් කෙරුණේ. ඒ වනවිටත් ලෝකයේ සමහර දියුණු රටවල් සමඟ සංසන්දනය කළ විට අදාළ යෝජනාවලියේ යම් අඩුපාඩු තිබුණද, එය සෑහෙන තරම් ඉදිරිගාමී විය. අඩුපාඩු තිබුණද, මේ ක්‍රමයේ තිබූ වඩාත් සාර්ථක ම යෝජනාව නම් ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තියයි.
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ සඳහන් ව ඇත්තේ මව්භාෂාව පදනම් කරගත් ද්විභාෂික අධ්‍යාපන යෝජනාවලියකි. එනම් අධ්‍යාපනය ආරම්භ කළ යුත්තේ හැමවිටම මව්භාෂාවෙන් ය. ලංකාවේ නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ය. බර්ගර් ජනයා ඉංග්‍රීසි භාෂාව තම මව්භාෂාව ලෙස සැලකූ නිසා ඒ කාලයේ ඉංග්‍රීසි ද මව්භාෂාවක් ලෙස සලකන ලදි.
මෙසේ අධ්‍යාපනය ආරම්භ කිරීමෙන් පසු තුන් වැනි ශ්‍රේණියේ දී ක්‍රමානුකූලව දෙවැනි භාෂාව, භාෂාවක් ලෙස ඉගැන්වීම ආරම්භ කළ යුතුය යනුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ සඳහන් වේ. එනම් සිංහල ජනතාව දෙමළ විෂයක් ලෙස ඉගෙන ගනී. දෙමළ ජනතාව සිංහල විෂයක් ලෙස ඉගෙන ගනී.

සියලුම ළමයින් ද්විභාෂික වන්නේය

ඉන්පසු අවුරුදු 14 ක් ගත වන විට, එනම් නව වැනි ශ්‍රේණියේ දී පාසල් අධ්‍යාපනය ලබන සියලූම ළමයින් ද්විභාෂික වන්නේය යන්න මෙහි අරමුණ ලෙස සඳහන් විය. එනම් කතා කිරීම, ලිවීම, සවන්දීම යන සියලූ අංශ වලින් ළමයින් ද්විභාෂික ය. අද වන විට ලෝකයේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාල පර්යේෂණ කර සොයාගෙන ඇත්තේ ඕනෑම දෙවැනි භාෂාවකින් හොඳ නිපුණත්වයක් ළඟා කර ගැනීමට නම් අවුරුදු හයක් – අටක් අතර කාලයක් ඒ භාෂාවෙන් වැඩ කළ යුතුය යන්න ය.
මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන් ද ඒ දැනුම ලබා ගත යුතුය. එම නිසා කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ පැහැදිලිව සඳහන් වන්නේ සියලූම ගුරුවරුන් අනිවාර්යෙන්ම ද්විභාෂික විය යුතු බව ය. මේ ක්‍රමයට අනුව සියලූම ගුරුවරුන් ද්විභාෂික වී, මේ ක්‍රමයට අනුව නිවැරදිව සිසුන්ට ද්විභාෂික අධ්‍යාපනය ලබාදුන්නේ නම් අද ලංකාව වඩාත් ඉදිරිගාමී තැනකට ගොස් තිබෙනු නියත ය. මුළු රට ම ද්විභාෂික වනවා කියන්නේ රටින් පිටතදී කෙසේ වෙතත් රට අභ්‍යන්තරයේ දී කිසිදු ආකාරයක භාෂා ගැටළු හෝ සන්නිවේදන ගැටලු හෝ ඇති නොවන්නේය.
ඊළඟට අප සාකච්ඡා කළ යුත්තේ කන්නන්ගරයන් මේ සා වැදගත් යෝජනාවලියක් හඳුන්වා දීමට පුරෝගාමී වුවද, එය ඉදිරියට නොගියේ ඇයිද යන්න පිළිබඳව ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙරට පැවැත්වූ පළමු මැතිවරණය, එනම් 1947 මැතිවරණයෙන් කන්නන්ගරයන් පරාජයට පත් කෙරිණි. එය පරාජය වීමක් නොවේ. ඒ කාලයේ තිබූ ප්‍රධානම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණද, එතුමා තරග කළ මතුගම ආසනයට පක්ෂයේ කිසිදු නායකයකු ඡන්ද වැඩට සහාය දෙන්නට හෝ වේදිකාවක කතා කරන්නට පැමිණ නැත. වාමාංශික යැයි කියූ පිරිස් ද වක්‍ර ලෙස සහාය ලබා දුන්නේ මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ මිනිසා පරාජයට පත් කිරීමට ය.

ජාතික ප්‍රතිපත්තිය පරාජයට පත් කිරීම

මෙවැනි බාධා මැද වුවද කන්නන්ගරයන්ගේ මේ යෝජනාවලිය සාර්ථක කරගැනීමට පෙරමුණ ගත් දැවැන්තයෙකි, ඊ.ඩබ්ලිව්.අදිකාරම්. ඔහු රට වටා ගොස් මේ ගැන දේශන පවත්වා තිබේ. ඒ අතර ඉහළ පෙළේ දේශපාලනඥයන්ගෙන් බහුතරය මීට විරුද්ධ බව ද ඔහු පවසා ඇත.
මේ දේශපාලනඥයන්ට බලපෑමක් කළේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ පාර්ශ්ව එක්ව කළ රැස්වීම් ය. ජනතාව ඊට දැඩි උනන්දුවකින් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ ජනතාව ලක්ෂ ගණන් පෙත්සම් කතානායකවරයාට එවා ඇත. තමන්ගේ ආසනයේ මන්ත්‍රීවරයාට මේ පනතට අත උස්සන ලෙස බලකරමින් ටෙලිග්‍රෑම් යොමු කර ඇත. අවසානයේදී ජාතික රාජ්‍ය සභාවේ විවාදය යන අතරතුර වල්පොළ රාහුල හිමියන් පෙරටුකොට ගත් හාමුදුරුවරුන් සහ අනෙකුත් ආගම් වල පූජකවරුන් රාජ්‍ය සභාවේ අසුන්ගෙන සිට ඇත. එවැනි බලපෑමකින් ය, ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සියල්ල පරාජය කිරීමට දත-කට මැදගෙන සිටි මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්මත කරගෙන ඇත්තේ.
කන්නන්ගරයන්ගේ යෝජනා ජනතා මැදිහත්වීමෙන් සම්මත කරගත්තද, කන්නන්ගරයන්ට නැවත අධ්‍යාපන ඇමැතිකම දෙන්නට පාලකයන් කටයුතු කළේ නැත. මේ සා වැදගත් යෝජනාවලියක් ඉදිරිපත් කළ එතුමාට ලබා දුන්නේ වෙනත් ඇමැති ධුරයකි. අධ්‍යාපන ඇමැති ධුරය ලබා දුන්නේ මුල සිටම නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූ අයකුට ය. තත්ත්වය අභාග්‍ය සම්පන්න ලෙස ඉදිරියට යන්නේ මෙසේ ය.

කනගාටුදායක 1956 වසර

ඊටත් වඩා කනගාටුදායක කරුණ නම් 1956 වර්ෂයත් සමඟ රට පුරා පැතිර ගිය වාර්ගික ප්‍රබෝධය ය. සිංහල පමණක් වැදගත් ය යන්න පැතිර ගිය ප්‍රබල මතවාදය ය. නිදහසට පෙර සිට ම යම් යම් ආකාරයේ මෙවැනි වාර්ගික කොටස් ඉස්මතු වුවද, එය ප්‍රබල ලෙස කරළියට ආවේ පනස් හය කාලයේ ය. ඒ කාලයේ දී වාර්ගික අවශ්‍යතා ජාතික අවශ්‍යතා පරදවා ඉදිරියට ආවේය. මේ වාර්ගික ප්‍රබෝධය නිසා ම මැතිවරණවලදී මෙය ජන මනස වෙනස් කිරීමට යොදා ගැනිණි. එහි කූඨප්‍රාප්තිය වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම ය. එය පනතක් හරහා ම සිදු වූ නීතිගත කිරීමකි.
එයින් පසු කන්නන්ගරයන්ගේ ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තිය පසෙකට දමා, ස්වභාෂාවෙන් පමණක් ඉගැන්විය යුතුය යන මතය ඉදිරියට ගෙනාවේය. එය දේශපාලනඥයන් විසින් වෛරය පතුරවන ආකාරයෙන් ජනතාවගේ ඔළුවට දමනු ලැබිණි. මෙය මුල සිට ම විශ්වවිද්‍යාල දක්වා ම ක්‍රියාත්මක විය. අවාසනාවට කන්නන්ගරයන් දසක ගණනාවක් ඉදිරිගාමීව දකිමින් ලෝකයට පෙර අපේ රටට හඳුන්වා දුන් ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තිය වළපල්ලට ගියේය.

මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට !

කළ යුත්තේ කඩිනමින් මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනැගීම ය. ඒ හරහා යළිත් මතුවෙමින් පවතින ජාතිවාදී සහ වර්ගවාදී රැළි යටපත් කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ එකිනෙකාට සැකයකින් තොරව ඒ දැනුම බෙදා ගත හැකි පරිසරයක් සකස් කිරීම ය. මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට වැඩක් කිරීම ය.

කෂෝගි ඝාතනය : අමෙරිකානු අධිකරණයෙන් සල්මාන් කුමරු නිදහස්

0

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වන නඩුවකින් , එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ.

සෞදියේ අගමැතිවරයා ලෙස සල්මාන් කුමරුට පැවරී ඇති නව තනතුර සලකා ඔහුව මෙසේ නඩුවෙන් නිදහස් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

සල්මාන් කුමරුගේ නියමය පරිදි කෂෝගිගේ ඝාතනය සිදුව ඇතැයි මීට පෙර ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඝාතනය පිළිබඳ සල්මාන් කුමරුට සහ පාර්ශ්ව කිහිපයකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ කෂෝගිගේ පෙම්වතිය විසිනි.

මේ සම්බන්ධ ට්විටර් සටහනක් තබමින් කෂෝගිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිෂ් සඳහන් කර තිබුණේ අද කෂෝගි නැවත වරක් මියගිය බවත් , ජෝ බයිඩ්න් විසින් මිනිමරුවන්ව ආරක්ෂා කරමින්, සෞදි ඔටුන්න හිමි කුමරුට මුක්තිය ලබා දීමෙන් ඔහු තමාගේම වචන පාවා දුන් බවද ඇය ටව්ටර් සටහන් තබමින් පවසා සිටියාය.

හැටිස් සෙන්ගිෂ් ගේ ට්විටර් සටහන

“මොනවා වුණත් චෙකොෆ් ගැන මං ආසම කතාවක් තියනවා”

0

මේ පොතට Elisaveta Fen ලියන රමණීය හැඳින්වීම පටන්ගන්නෙම තවත් රමණීය පොතක් වෙන, Stanislavisky ගෙ ‘My Life in Art’ පොතේ උද්ධෘතයකින්. එතනදී මතුකෙරෙන ප්‍රධාන දෙයක් තමයි චෙකොෆ්ගේ කලාවේ සාමාන්‍යත්වයේ අසාමාන්‍යත්වය. චෙකොෆ් ගේ නාට්‍ය පෙළක් පළවෙනි පාර කියෙව්වම දැනෙන්නේ පුස්සයිකලේකින් කඩේට ඇවිත් සිගරට් එකක් ඉල්ලන, සමකාලීන සූර්යා ගිනිකූරක් වගේ දුර්වල, කෙට්ටු සහ ඉක්මනින් ඇවිළී අවසන්වෙනසුලු මිනිහෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්. ඒක අපට හැමදාමත්, මාළු කඩයක් පල්ලේ පූස් ගැන්සියක් දකින තරමට සුලබව පාරෙදී දකින ලැබෙන සිද්ධියක්. ඒත් ටික වෙලාවකින් අපිත් දන්නෙම නැතුව අපි කල්පනා කරන්න ගන්නවා, ලංකාවේ ඉන්ධන හිඟය, ඉන්ධන හිඟය විතරක් කියල නිකං ඉන්න බැරි බලශක්ති අර්බුදය, ඒ නිසා මිනිස්සුන්ට මෝටර් බයික් වෙනුවට බයිසිකල් පදින්න සිද්ධ වීම, සමහර විට මෝටර් සයිකල් නෙමෙයි මොන්ටේරෝ පවා ගෙදර තියලා බයිසිකල් පදින්න සිද්ධ වීම, ලයිට් කැපිල්ල, සමස්තයක් ලෙස රටේ ආර්ථික අර්බුදය, උද්ධමනය, උද්ධමනය මැද්දේ පවා මිනිස්සු තමන්ගේ ජීවන රටාවල් පවත්වාගෙන යන්න දරන මහන්සිය, අරක්කු සිගරට් වල මිලගණන්, සෞඛ්‍ය ගැටලු, සෞඛ්‍ය සේවයේ අර්බුදය, ඔහොම ඔහොම ගිහිං අන්තිමට රට බංකොලොත් වීමේ ප්‍රතිවිපාක සහ රට බංකොලොත් කරපු දේශපාලනයේම සරණ පත්තන්න සිද්ධ වෙලා තිබීම වගේ දේවල්.

චෙරිවත්ත නිෂ්පාදනය කරපු ආකාරය ගැන අර මං කියපු පොතේ Stanislavisky විස්තර කරන්නේ චෙකොෆ් ගේ ජීවිතයට සම්බන්ධ රස කතා පවා මතක් කරමින්. ඒක වෙනම ලිවිය යුතු දෙයක්.

ටික කාලෙකට කලින් චෙකොෆ් ගැන උනන්දුව ලාවට ආයේ මතුවුණේ ලියනගේ අමරකීර්තිගේ ‘කෙටිකතා කලාව’ පොතේ ‘චෙකොෆ් සහ බොර්හේස්: නූතන කෙටිකතාවේ මාවත් දෙකක් ගැන විමර්ශන’ කියන පරිච්ඡේදය නිසා. ඒත් මම වැඩිය උනන්දු බොර්හේස් ගැන මිසක් චෙකොෆ් ගැන නොවන නිසා මම ඒ ගැන ඒ හැටිම දුර හිතුවේ නෑ. ඒත් මෑතකදී ඩිල්ස් එක්ක කරපු සංවාද කිහිපයකදී ඩිල්ස් චෙරි වත්ත ගැන ඇඟවුම් දෙකතුනක් මිලි ග්‍රෑම් කිහිපය බැගින් සංවාද වලට මිශ්‍ර කරපු නිසා අද උදේ මේක අතට ගත්තේ.

මොනවා වුණත් චෙකොෆ් ගැන මං ආසම කතාවක් තියනවා, Italo Calvino ගේ ‘Why Read the Classics’ කියන මහාර්ඝ පොතේ එක තැනක. ඔහු ඒක කියන්නේ හෙමිංවේට සාපේක්ෂව (ඔහුම කියන විදිහට, චෙකොෆ් සහ හෙමිංවේ අතර තියනවා ලෝක යුද්ධයක්. පළවෙනි එක!).

“Chekhov’s pretty bourgeois characters, defeated in everything except their concousness of human dignity, stand their ground as the storm approaches and retain their hope for a better future.”
චෙකොෆ්ගේ චරිත බොහෝ දේවල් දරාගෙන, පුළුවන් උපරිමයෙන් බලාගෙන ඉන්නවා, වඩාත් යහපත් හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් අඩු ගානේ අප තුළ හෝ දල්වමින්.

දැන් ඔබට අවශ්‍ය නම් පුළුවන්, ආයෙත් අර බයිසිකලේ ඇවිත් සිගරට් එකක් ගත්තු, කෙසඟ වයසක මනුස්සයා ගැන හිතන්න.

  • තරිඳු ශ්‍රී ලොකුගමගේ

ආණ්ඩුව පොලිසිය යොදවා සීමාවක් නැතුව අධිකරණයට අපහාස කරයි !

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර තවදුරටත් සිරගත කිරීමට එරෙහිව අද (18) කොළඹ නගරය පුරා ස්ථාන රැසකදී විරෝධතා රැසක් පැවැත්විණි.

පහරදීම් – අත්අඩංගුවට ගැනීම්

එම ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මෙම විරෝධතා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට, නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මූලස්ථානය ඉදිරිපිට, මල් පාර, බෞද්ධාලෝක මාවත ඇතුළු ස්ථාන රැසකදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම විරෝධතා මර්දනය සඳහා දැවැන්ත පොලිස් බලකායක් කොළඹ නගරය පුරා යොදවා තිබූ අතර, අවස්ථා ගණනාවකදී විරෝධතාකරුවන් මර්දනය සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි.
එසේම විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කළ අතර, අත්අඩංගුවට ගත් විරෝධතාකරුට පොලිස් ජීප් රථය තුළදී සහ පොලිසිය තුළදී පහර දී ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.

‘පොලිසියට ගැහුවා’

මෙම චෝදනාව සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ විහාරමහාදේවි උද්‍යානය අසල දී පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහුට පහරදීමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් තමන් නොදැනුවත් බවත්, එසේ සිදු වී ඇත්නම් ඔහුට නීතිඥවරුන් මගින් එය අධිකරණයට දැනුම් දිය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘නවත්තන්න බෑ’

විරෝධතාව සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස් රොද්‍රිගු පැවසුවේ විරෝධතා උත්සන්න වීම නිසා වසන්ත මුදලිගේ – සිරිධම්ම හිමිට එරෙහි රැඳවුම් නියෝග දීර්ඝ නොකළද, ඔවුන් හිර කිරීමේ උත්සාහය තවදුරටත් තීව්‍ර කරමින් සිටින බවයි. ඒ සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ම ඇතැම් වගන්ති යොදාගැනීමේ උත්සහයක් පවතින බවත්, ආණ්ඩුව කුමන මර්දනයක් දියත් කළ ද, මර්දනයට එරෙහි අරගලය අඩපණ කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන් කියන්නේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අසලදී ද විරෝධතාකරුවන්ට පහර දීම සිදු විය. මේ පිළිබඳව thetime.lk සමග අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කොළඹ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමක් කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට thetime.lk ඊමේල් පණිවුඩයක් යොමු කළ ද, මෙතෙක් ඊට පිළිතුරක් ලබාගත නොහැකි විය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් මූලික අයිතිවාසිකමකි. එම අයිතිය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නඩු තීන්දු රැසක් ද ලබා දී තිබේ.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.

14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.

එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.

නඩු තීන්දු

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.

වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)

දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත. 
විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)

රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.

(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsory unification of opinion achieves only the unanimity of graveyard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginnings.)
දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)  

මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
'විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.

'නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.
අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) ( ජනඝෝෂා නඩුව)

රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය එහි දී වැඩිදුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

(The right to support or to criticize the governments and political parties, policies, and programs is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.)

අධිකරණයට අපහාස කරයි ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව දිගින්-දිගටම පොලිසිය යොදවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත්, අධිකරණ තීන්දු නොසලකා හරිමින් අධිකරණයේ ගරුත්වයට හානි කිරීමත් අතිශය බරපතළ කරුණක් බවයි.

සබැඳි පුවත්

“මේ අයවැයේ ගන්න තියෙන්නෙ මාස හතරකින් ඡන්දයක් එනවා කියන එක විතරයි”

0

“බදුබර අහසට! අයවැය කාටද? යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් ඊයේ ( 2022.11.17) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති දක්වන ලද අදහස්,

අපේ මාතෘකාව බදුබර අහසට අයවැය කාටද? කියලා තිබුණට අයවැය අහසට බදුබර කාටද? කිව්වත් ලොකු වෙනසක් නැහැ කියලා මට හිතෙනවා. මේ මහපොළවේ අයවැයක් නෙවෙයි. නමුත් මහපොළවේ ඉන්න ජනතාවට ලැබුණේ බදුබරක්. රනිල්ගේ කතාව සම්පූර්ණයෙන් තියෙන්නේ අහසේ. මහපොළවේ තිබෙන යථාර්තය, ප්‍රශ්නය අතගාලාවත් නැති අයවැයක් මේක. 74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් තමයි 77වැනි අයවැය. එක්තරා දේශපාලන සරදමක් තිබෙනවා. මොකද 74 වසරක සාපයට වගකිය යුත්තෙක් වන රනිල් වික්‍රමසිංහ විසින්ම මේ අයවැය ඉදිරිපත් කිරීම එක්තරා ආකාරයක සරදමක්. රනිල් අයවැය කතාවේ මුල් පිටුවේ කියනවා නිදහසින් පසු 75වැනි වසර ගෙවන අපේ රට පත්ව ඇති තත්වය ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? අපට වැරදුනේ කොතනද අප වරද්දාගත්තේ කොතනද? මේ කියන්නේ කවුද? මුලින්ම යෞවන කටයුතු ඇමති, තරුණ ඇමති, කර්මාන්ත ඇමති, හයපාරක් අගමැති, දැන් පිනට ජනාධිපති. රනිල් ජනතාවගෙන් අහනවා මොකද වුනේ කියලා. රනිල් ජීවිත කාලයේ වැඩිපුරම කාලා ඇත්තේ පාර්ලිමේන්තුවෙන්. ජීවත් වෙලා තියෙන්නේ ජනතා මුදල්වලින්. ඒ තරම් පාර්ලිමේන්තුවේ හිටියා. ඔය පාර්ලිමේන්තුවේ බහුතරයක් එහෙමයි. උන් අපෙන් අහනවා කාටද වැරදුනේ කියලා.

“වොක්ෂ්වැගනුත් නෑ පොල් ගසුත් නෑ”

ඊට පස්සේ කියනවා ජනප්‍රිය තීරණ නෙවෙයි හරි තීරණ ගන්න ඕනලු. කවුද එපා කිව්වේ. ජනප්‍රිය තීරණ නෙවෙයි නිවැරදි තීරණ ගන්න කියන රනිල් නෙවෙයිද බ්‍රේස්ලට් දෙන්න කතා කළේ. අගමැති විදියට වොක්ෂ්වැගන් කර්මාන්ත ශාලාවක් ගේනවා කියලා පොල් ගස් කපලා දැම්මා. වොක්ෂ්වැගනුත් නෑ පොල් ගසුත් නෑ. කුඬේ යටින් යන අයට වාහනයක් දෙනවා කිව්වා. එහෙම කරපු අය දැන් කියනවා නිවැරදි තීරණ ගන්න ඕනෑලු. අනුන්ට ණය වෙමින් ගිහින් වැඩක් නෑලු. මෙහෙම කියන්නේ රට ප්‍රපාතයකට ඇදල දාලා. පළිඟු මැණිකේ සූරසේන ගෙනාපු ආර්ථිකය තමයි මේ තියෙන්නේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට තමන්ට අනිත් එකාට වැඩියෙන් ණය ලැබෙනවා කියලා පාරම්බෑවේ නැද්ද? ණය ගැනීම අභිමානයක් විදියට හිතපු අය අද තමයි මේ කතාව කියන්නේ. රනිල් ඕවා කිව්වට වැඩක් නෑ මොකද රනිල්වයි රනිල්ගේ ප්‍රතිපත්තියි එලවලා දාන්න ජනතාව තීරණය කරලා ඉවරයි. රනිල් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ. ජනතාව තීරණය අරන් ඉවරයි අවස්ථාවක් එනකල් ඉන්නේ.

අයවැය කතාව මුල ඉඳල අගට කියවල බලන්න ජනප්‍රිය තීරණ නැතුව නිවැරදි තීරණ තියෙන්නේ මොනවද කියලා. මේ අයවැය පුරාවට තියෙනවද මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන නිවැරදී තීරණයක්. මේකේ තියෙන්නෙත් පරණ වට්ටෝරුවම තමයි. මේ අයවැයෙන් කියනන් පුළුවන් එක දෙයක් තියෙනවා. ඉදිරි මාස 04ක් ඇතුළත ඡන්දයක් එයි කියලා. මොකද සමෘද්ධි දීමනාව, වැඩි හිටි දීමනාව වෙනුවෙන් බිලියන 20ක් වෙන් කරලා තියෙනවා. ඒවා ආපහු අය කරගන්නේ ජනතාවගෙන්ම තමයි. මේ ඊයේ පෙරේදා නැවත රුපියල් බිලියන 130ක් මුදල් අච්චු ගහලා තියෙනවා. බදු ගැහුව්වා. යම් වැටුපක් ලබන සියලු දෙනාට මේ බදුබර දරාගන්න බැහැ. දැන් යම් ඉහළ රැකියාවක් කරපු අය රට දාලා යන්න පටන් අරන්. රටේ ඉන්න උගත්තු පලවා හරින ආර්ථිකයක් මේක.

“රනිල් එක්ක, මහින්ද එක්ක, සජිත් එක්ක මේ මැච්එක ගහන්න බෑ”

මේ අයවැය තමයි මේ තරම් ආදායම් වියදම් ප්‍රසාරණය කරපු අයවැයක් බවට පත්වෙලා තිබෙන්නේ. ටි්‍රලියන 7.5ක් දක්වා වියදම් ප්‍රසාරණය කරලා. ඒ ණය ගන්න උවමනාව නිසා. ණය සීමාව වැඩිකරන්න කරපු වැඩක්. නමුත් අයවැය හිගය පියවන්න ණය ගන්නේ කොහොමද ආණ්ඩුව. මොකද දැන් ණය ගෙවන්නේ නැහැ. නමුත් ඩොලර් බිලියන 2.3ක් විදේශ ණය ගන්න බලාපොරොත්තු වෙනවා. රනිල් අයවැය ඉවර වෙන්න කලින් කියන්න ඕනෑ මොන රටවල්වලින්ද ණය ගන්නේ කියලා. අයවැය කියන්නේ උපකල්පනයක්. ඒක යථාර්තවාදී වෙන්න ඕනෑ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වෙන්න ඕනෑ. දැන් මේ අයවැය හිගය පියවන්න බැරි වුනොත් මොකද වෙන්නේ. ණය ගන්න බැරි වුනොත් ජනතාවගෙන් අය කර ගන්න වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බැංකු පද්ධතියෙන්. මීට කලිනුත් දේශපාලන තීරණ වෙනුවෙන් දේශීය බැංකු පද්ධතියෙන් ණය අරන් බැංකු පද්ධතිය විනාශ කළා. දැනුත් කරන්න යන්නේ ඒක. මේ විදියට ගියොත් 2008 ඇමරිකාවට වෙච්ච දේත් ග්‍රීසියට වෙච්ච දේත් ලංකාවට සිදුවෙන එක වළක්වාගන්න බැරිවෙන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කියල තියන්න ඕනෑ. ඒ නිසා අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගන්න ඕනෑ. මොකද ආර්ථිකයේ කොඳු නාරටිය කියන්නේ බැංකු පද්ධතිය. ඒ නිසා අපේ මහාචාර්ය තුමා කිව්වා අයවැයෙන් මැච් එක ගහන්න පුළුවන් විදියට පිටිය හදාගන්න ඕනෑ කියලා. නමුත් පිටිය හදාගත්තත් මැච් එක ගහන්න කට්ටිය ඉන්නවද? රනිල් එක්ක, මහින්ද එක්ක, සජිත් එක්ක මේ මැච්එක ගහන්න බෑ. ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා මැච් එක ගහන්න පුළුවන් හොඳම කණ්ඩායම තෝරගන්න කියලා.

අපි ආවාම අපිට කරන්න පුළුවන් දේ මාස 06න් කරලා පෙන්වනවා. නමුත් අවුරුදු 74ක් කාලා විනාශ කරපු රට මාස 06න් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න එපා. නමුත් ඒ මාස 06 ඇතුළේ වංචාව දූෂණය නාස්තිය නතර කරලා පෙන්වනවා. නිවැරදි තීරණ ගන්න කියන රනිල් ජනාධිපති වැය ශීර්ෂය අඩු කළාද? එහෙම කළේ නැහැ. ජනාධිපති වැය ශීර්ණය 50%කින් අඩු කරලා පෙන්නුවා නම් ඔන්න ඒක නිවැරදි තීරණයක්. ඇමති මණ්ඩලේ වියදම් අඩු කරලා පෙන්නවා. නිල නිවාස වියදම් අඩු කරනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. එහෙම කිව්ව නම් අහසට ගිය අයවැය පොඞ්ඩක් පොළවට බර වෙන්න තිබුණා. ආරක්ෂක වියදම් වැඩි කරගෙන තියෙනවා. නමුත් වියදම් කරන්න සල්ලි තියෙනවද දන්නේ නැහැ.

“ත්‍රෛයිලෝක විජය පත්‍ර ගැන කතා කරනවා, වැඩිම බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයින්ට”

ඊට පස්සේ රනිල් කියනවා දූෂිතයින් හිරේ දානවා කියන එක ප්‍රවාදයක්ලු. රනිල් එහෙම කියන්නේ නැතුව ඒක යථාර්ථයක් කියන්නද? මහ බැංකුව කඩල විනාශ කරපු කෙනා වෙන මොනවා කියන්නද? දූෂිතයෙක් තවත් දූෂිතයෙක්ට දඩුවම් දෙන්නේ නැහැ කියලා අනුර සහෝදරයා නිතර කියනවා. ඒක දැන් රනිල් කියනවා දූෂිතයෝ ගැන මාත් එක්ක කතා කරන්න එපා කියලා. අපි රනිල්ගෙන් හොරුන්ට දඩුවම් දීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ආර්ථික ක්‍රමය වෙනසක් ගැන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නැත්නම් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් හදනවලු. මොනවද මේ කියන්නේ. මඤ්ඤං වෙලා ඉන්නේ. වැරදුනා කියලා තේරුම් ගනිල්ලා. ඒක පිළිගන්නේ නැතුව බයිලා කියනවා. මේ රටේ ජනතාව රවට්ටන්න බෑ තවදුරටත්. පරාජය බාරගනිල්ලා. මේ ආර්ථිකය යටතේ කාටද ආරක්ෂාව සැලසුනේ. තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න අම්මලා තාත්තලා ඉස්කෝල ළඟ. කුඩුවලින් අයිස්වලින් තමන්ගේ දරුවන් බේරගන්න බෑ. දැන් ත්‍රෛයිලෝක විජය පත්‍ර ගැන කතා කරනවා. ඕක ආවොත් දේශපාලකයෝ බිස්නස් එක පටන් ගන්නවා. හොඳම උදාහරණය මේ රටේ වැඩිම බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයින්ට.

“මේ අයවැයේ ලබන අවුරුද්දේ කරන දේවල් ගැන මොකුත් කතාවක් නැහැ”

තව පැත්තකින් විකුණන්න කතා කරනවා. එක වෙලාවක කිව්වා පාඩු ලබන ආයතන විකුණලා ලාබ ලබන්න පුළුවන් කියලා. දැන් කියනවා ලාබ ලබන ඒවා විකුණන්න ඕනලු සංචිතය වැඩි කර ගන්න. ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් කියනවා හෘදසාක්ෂිට අනුව එකඟ නෑලු නමුත් අයවැයට ඡන්දේ දෙන්න වෙනවලු. උන්ගේ අයවැය වැඩ කරන්නේ හරහට වෙන්න ඇති. මේ වගේ උන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. රනිල් ලබන අවුරුද්දට ඉදිරිපත් කරන අයවැයෙන් කියන්නේ 2048 කියන දේවල්. ලබන අවුරුද්දේ කරන දේවල් ගැන මොකුත් කතාවක් නැහැ. කරන්න තියෙන්නේ ණය ගන්නවා. නැත්තන් සල්ලි අච්චු ගහනවා. ඒත් නැත්නම් දේශීය බැංකුවල සල්ලි ටික ගන්නවා. ලෙඩා මලත් බඩ සුද්දයි කියලා ඉන්නවා.

ඒ නිසා මේක වෙනස් කරන්න ඕනෑ. මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කතා කරන්නේ මේ අයවැය ගැන විතරක් නෙවෙයි. ජනතාව සමඟ මේ ආර්ථික කතා බහ අපි පටන් ගන්නවා. ජනතාව සමඟ මේ ගමන වෙනස් කරන ජවයට අපි එකතු වෙනවා.”