කෂෝගි ඝාතනය : අමෙරිකානු අධිකරණයෙන් සල්මාන් කුමරු නිදහස්

Share post:

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වන නඩුවකින් , එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ.

සෞදියේ අගමැතිවරයා ලෙස සල්මාන් කුමරුට පැවරී ඇති නව තනතුර සලකා ඔහුව මෙසේ නඩුවෙන් නිදහස් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

සල්මාන් කුමරුගේ නියමය පරිදි කෂෝගිගේ ඝාතනය සිදුව ඇතැයි මීට පෙර ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඝාතනය පිළිබඳ සල්මාන් කුමරුට සහ පාර්ශ්ව කිහිපයකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ කෂෝගිගේ පෙම්වතිය විසිනි.

මේ සම්බන්ධ ට්විටර් සටහනක් තබමින් කෂෝගිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිෂ් සඳහන් කර තිබුණේ අද කෂෝගි නැවත වරක් මියගිය බවත් , ජෝ බයිඩ්න් විසින් මිනිමරුවන්ව ආරක්ෂා කරමින්, සෞදි ඔටුන්න හිමි කුමරුට මුක්තිය ලබා දීමෙන් ඔහු තමාගේම වචන පාවා දුන් බවද ඇය ටව්ටර් සටහන් තබමින් පවසා සිටියාය.

හැටිස් සෙන්ගිෂ් ගේ ට්විටර් සටහන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...