“ඒ මිනිහා” කියවූ, කවිවර පොත් කියවිමේ සැඳෑව

Share post:

මංජු නැදගමුව FB සමාජ මාධ්‍ය ජාලයේ අතිශය ජනප්‍රිය චරිතයක්.ඔහු වරින් වර FB බිත්තියේ එල්ලපු විවිධාකාර නිර්මාණ මේ ප්‍රේක්ෂකාගාරයේ බොහෝ දෙනා කියවා රසවිඳ ඇති බව මා දන්නවා .

මංජු නැදගමුව සාහිත්‍යකරණයට පිවිසෙන්නේ ඔහුගේ කුලුඳුල් කව් පොත” වෙඩිඋණ්ඩ හා පිනි බිංඳු පලකරමින් 2016 වසරේ. “උර්දු කව්යක්” ඔහු විසින් පළකරනු ලබන්නේ 2019 දී දෙවන කවි පොත ලෙසින්. උර්දු කවියේ කාව්‍ය නිර්මාණ බොහෝ රසිකයින්ගේ විචාරකයින් ගේ ප්‍රසාදයට පත් වූ බව මතකයි. ඒ අතරමැද 2017 වසරේ දී මංජු නැදගමුව “මගදිග කතා” (ලුහුඩු කතා) සංග්‍රහයක් පළකරනවා.

සාහිත්‍යකරණය ඔහුගේ ජීව්තයේ කොටසක්ම බවට පත්කරගනිමින් කටයුතු කරන්නෙකු විදිහට මංජු නැදගමුව ට මා කැමතියි. විශේෂයෙන්ම ඔහු විසින් මුද්‍රණද්වාරයෙන් පළකිරීමට සැලසුම්කොට ඇති “මනුසඳ සැරිය” අපේ රටේ ප්‍රවීණ මෙන්ම ආධුනික, නවක සාහිත්‍යකරුවන්, සාහිත්‍යකාරියන්⁣ගේ ජීවන තොරතුරු, නිර්මාණ තොරතුරු ඇතුළත් අගනා වටිනා
අත්පොතක්, නාමාවලියක් හෝ ඒ ආකාරයේ පළවූ අපූරු සංග්‍රහයක් වනු නොඅනුමානයි.

“මනුසඳ සැරිය” වැනි අපේ රටේ සාහිත්‍යකරුවන්ගේ තොරතුරු ඇතුළත් සංග්‍රහයක් පළකිරීමේ යුතුකම පැවරී ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට, සාහිත්‍ය අනුමණ්ඩලය ට වුවත් ඔවුන්ට ඊට වඩා වැදගත් රාජකාරි ඉටුකරන්නට ඇති නිසා මෙවැනි අර්ථවත් කටයුත්තක් කිරීමට කාලය මුදල් සොයා ගැනීමට අපහසුවී ඇතැයි මම විශ්වාස කරනවා.
මේ සැන්දෑවේ අපූරු සාහිත්‍ය ක්‍රියාකාරකම් කිහිපයක්ම සිදුවන බව කව්වර ප්‍රකාශන ආයතනයේ ආරාධනාවේ සඳහන් සඳහන් විය.

අලුත්ම සාහිත්‍ය කෘති හතරක් පිළිබඳ කතාබහ ඇතුළු කව්වර ප්‍රකාශන ආයතනයේ ගමන් මග පිළිබඳව. මට පැවරී ඇත්තේ මංජු නැදගමුව ගේ “ඒ මිනිහා” කෙටි කතා සංග්‍රහය ගැන මගේ අදහස් ප්‍රකාශකිරීමටය. මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න බොහෝ දෙනා මංජු ගේ කෘතිය වගේම අනෙක් කෘතින් කියවා ඇතැයි කියා මා සිතනවා. පොත් දොරට වැඩුමකදී පාඨකයින් නොකියවූ පොතක් ගැන කතාකරනවට වඩා මේ ආකාරයේ කතිකාවන් පැවැත්වීම අර්ථවත් කියලයි මට හිතෙන්නේ.
පළමුවෙන්ම කව්යට, ගීතයට, ඇල්මක් තිබූ මංජු නැදගමුව කෙටිකතා ශානරය තෝරාගැනීම සතුටට කරුණක්. ඒ වගේම ඔහු⁣ගේ ඉදිරි ගමන්මගට සුබ පතන්නත් මේ වෙලාවේ අමතක කරන්නෙ නෑ.

කෙටිකතාව යනු කුමක්ද පිළිබඳ විවිධ අර්ථකතන ඇතිබව අප දන්නවා.මහාභාරත කතා, බයිබල් කතා, කැන්ටබරි කතා, ඊෂොප් උපමා කතා, ආදී වශයෙන් විවිධ කතා කියවා ඇති අපට වඩාත් ළංවන්නේ ජාතක කතා.වර්තමානයේ කෙටිකතාව ට ලෝක සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් හිමිව ඇතත් අපේ රටේ නම් ජනප්‍රියම ශානරය වන නවකතාවට පසු කෙටිකතාව අභිබවා කව්ය ඉදිරියට ඒමේ ප්‍රවණතාවක් තමයි දක්නට ඇත්තේ.
නයිජීරියානු ජාතික නවකතාකරුවෙක්, කෙටිකතානරුවෙක් හා කවියෙක් වන BEN OKRI 1992 දි කෙටි කතාවට නිර්වචනය සපයා ඇත්තේ මෙහෙමයි.

“Novel is a river.but a short story is a glass of water .
A novel is a forest ,but a short story is a reed.Its more atonic .The atom way cintain the secret structure of the universe
(Ben Okri)

නවකතාව ගඟක්නම් කෙටිකතාව ඉන් ගත් දිය දෝතක් වැනිය. නවකකාව වනාන්තරයක් නම් කෙටිකතාව එහි ප්‍රරෝවිගනය වන කුඩා බීජයකි. එය වඩා සමාන මූල ද්‍රව්‍යයකට නොව එහි තැනුම් ඒකකය වන පරමාණුවටයි. එහි විශ්වයේ රහස් සැඟවී තිබේ”.
කෙටිකතාවක කාරණා කීපයක් තිබිය නොහැකියැයි ඇතැම් විචාරකයින් පවසන කල එය එසේ නොවන බවට සාක්ෂි සපයන කෙටිකතා සාහිත්‍ය ලෝකයේ ඇති බව පෙනෙනවා.

කෙටිකතාව ජීවිතයෙන් පෙත්තක් Slice of life යන අර්ථයෙන් අපට නිතර අසන්නට ලැබෙනව. චරිතයන්, චරිතාංගයක් මතු කිරීමට වඩා දයාසේන ගුණසිංහ සාහිත්‍යාවරයා එහදී ප්‍රකාශ කොට ඇති “කෙටිකතාව ජීවිතයේ සමීප රූපයකැයි” යන කියමනට මං කැමතියි. එකඟවෙනවා. සමීප රූපය අපට වඩාත් හුරු පුරුදු චිත්‍රපටයේදී.සමීප රූපයකට හසුනොවන සියුම් ඉරියව් ලක්ෂණ, කිසිවක් නැතිතරම්. ඒවගේම කෙටිකතාව නම් සමීප රූපයේදී ජීවිතයේ සියුම් භාව ප්‍රකාශන ඉරියව් දැකගන්න⁣ට පුළුවන් .

මංජු නැදගමුව ගේ කෙටි කතා එකොළ ඒවයේ අත්දැකීම් මුල්කොටගෙන වර්ගීකරණය කළහොත් මෙසේ හඳුන්වන්න පුළුවන්.

1 අල්වැට ඈත ගමක ගොවි දියණියකගෙ අපූරු සංකල්පනාවක් මතුකරන නිර්මාණයක්

2.අමුත්තා නාගරික මධ්‍යම පන්තියක විවාහක යුවලකගේ හදාවඩාගන්නා දරුවකු හා පියෙකුගේ දාරක ස්නේහය මතුකරන
නිර්මාණයක් .

  1. දිගු රැයක්, භාවනා, අපූරු දඬුවම වැනි කතා තුළින් කතුවරයා කියන්නට උත්සහ ගන්නේ මධ්‍යම පාංතික ජීව්තයේ පුද්ගල
    මනෝභාව කුටුම්භයක දක්නට ඇති ගැටුම් සිදුවීම් ආදිය පිළිබඳවයි.

4.නමක් නැති කතාවක් මෙහි එන චරිත අපට ආගන්තුකයි. එහි ඉන්දියානු කතාවක ඡායාවක් දක්නට ලැබෙනවා. බිහාර්, සන්දී , අභිනයා, රාජේන් බාලමුදිර්, වැනි චරිත අපට ආගන්තුක බව දැනුනත් එහි අද්දැකීම්මට අපව හවුල්කර ගන්නට මංජු සමත් වෙනවා.

  1. කොයිංසාමි, ජොසප්පු, පොසිටිව් අම්මා, ඒ මිනිහා වැනි කතා හා ඒවායේ සිද්ධි හා චරිත මතින් මා මුලින් සඳහන් කළ
    දයාසේන ගුණසිංහ කෙටිකතාකරුවාගේ අර්ථකථන සනාථ කරනවා. ජීවිතයේ සමීප රූප මේ හැම කතාවකම අඩුවැඩි
    වශයෙන් ඇති බව අපට දැනෙනවා. කතාකරුවකුගේ කුලුදුල් උත්සාහය ලෙස එය අපට අගයකළ හැකිය.

කෙටි කතාවක් රසවිඳීමේදී හෝ විශ්ලේශනයකදී ප්‍රධාන කොට සලකා බැලෙන කතාතේමාව, ආකෘතිය, සන්දරභය,
අන්තර්ගතය, ආඛ්‍යානය, චරිත නිරූපනය, ප්‍රතිභාව කාලය හා අවකාශය ලක්ෂණ වගේම විශ්වසනීයත්වය ද පිළිබඳ අවබෝධයකින් මංජු නැදගමුව තම කතා නිර්මාණය කොට ඇති බව පැවසිය හැකිය.
මේ කතා සංග්‍රහයේ බොහෝ කතා හි නිරූපිත සිදුවීම් හා චරිත මුහුණ දෙන ජීවිතයේ සංකීර්ණ අවස්ථා හා මානව ගැටලු
ඉදිරිපත්කිරීමේදී කතාකරු දක්වා ඇති ප්‍රතිභාව හේතුකොටගෙන බාඨක ග්‍රහණය නොබිදෙන කතා රසය නොඅඩුව ඇති කතා ගොන්නක් රස විඳීමට අපට අවස්ථාව ලැබෙන බව කිව යුතුය.

මංජු නැදගමුව එක් එක් කතාවේ පරිසරයට ,චරිතවලට අනුරූප භාෂාව භාවිතකොට තිබීමත් සඳහන් කළයුුතුය.
“අලිවැට” හි භාෂා භාවිතය ට හාත්පසින්ම වෙනස් භාෂාවක් භාවනා කතාවෙහි දක්නට හැකිය.
“ආකාසෙ බීරිම් නරල තිබුණට වැහි වැටුනෙ නෑ.කෝං ගහ පාමුල මොනර පිහිටු විසිරිලා තිබුණට රසික ඒව එකතු කළෙත් නෑ.මුරුංගයි සියඹලා කරලුයි බිමට පාත්වෙලා තිබුණ.

කොහොඹ ගස් හෙවනෙ පැදුරක පරන ඇදුම් වගයක් දාල තිබුණෙ රෙදි පෙට්ටියට කූඹු ඇවිත් හිටිය නිසා.ගෙයි පිළිකන්නෙ වට්ටක්ක වැල ළිඳ ළඟටම ඇදිල තිබුණෙ හරියට ළිඳෙන් වතුර පොදක් ඉල්ලන්න ගිහින් වගේ.එ් වට්ටක්ක වැලේ පොහොට්ටු හැදිල තිබුණ.”(අලිවැට පිටුව 17)

“පියතිලක ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගෑදී සිට්යේ ලතා තේ එක ගෙනෙන තුරුය. ඇය විනාඩි කීපයකට පසු තේ කෝප්පය රැගෙන පියතිලක වෙත ආවේ පෙර වුන්, පරිදි තුවාය පමණක්, ඇඳගෙනය. ඇගේ පපුව පෙදෙසේ වතුර බිංඳු, කීපයක් දක්නට ලැබිණි. පියතිලකගේ සිතිවිලි, ඒ දිය බිංදු හා තරඟකරන්නට පටන්ගත්තේය.කාලෙකට පසු ඔහුගේ ශරීරය පුරා කිව නොහැකි වූ මිහිරක් ගලා යන්නට විට. තේ, එකත් සමඟ පියතිලක ලතාගේ ඇඟිලි දෙකක්ද අල්ලා ගත්තේ ලතාට නොදැනෙන්නටය. ලතාගේද අකමැත්තක් නෙවූයෙන් ජොගින් ට්‍රක් එකේ, ඇවිදින තරුණ කොල්ලා නැගී සිටින්න⁣ට විය. ඉස්තෝපු කාමරයේ සති දෙකක සිට තනිව නිදාගත් පියතිලකට ඒ මොහොතේ තනියක් නොදැනිනි. විශ්‍රාමික බැංකු, නිළධාරියා දීර්ඝ හුදකලා විරාමයක් නිමාකරමින් සිටියේය.
ඔහු එදින පැයකට වඩා වැඩි කාලයක් ඇවිද්දේය.” (භාවනා පිටුව 80)

මංජු නැදගමුවගේ කෙටිකතා වර්තමාන සිංහල කෙටිකතාවෙි හැරවුම් ලක්ෂයක් හෝ විශිෂ්ටතම කෙටි කතා යැයි කීමට මා ඉක්මන් වන්නේ නෑ. එහෙත් නිසැක වශයෙන්ම මෑතකාලීන සිංහල කෙටිකතා අතරට එක්වන වෙනස්ම නැවුම් අත්දැකීම් රැගත් කතා එකතුවක් ලෙස “ඒ මිනිහා” හැදින්වීමට මම කැමතියි. ඔහුගේ කවි මෙන්ම කෙටිකතාද අනාගතයේදී වඩ වඩාත් රසික විචාරක සම්භාවනාවට පාත්‍රවනු ඇතැයි මා විශ්වාස කරනවා..

බුද්ධදාස ගලප්පත්ති

Related articles

ලෝක කුසලාන සංචිතය – අවසන් කණ්ඩායම් හතරේ සිහිනය ශ්‍රී ලංකාවට දුර නැහැ

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.වාර්තා වන අන්දමට නිකුත් වුණේ තේරීම් කමිටුව...

ශ්‍රී ලංකාව, අමුල් සහ ඉන්දියාව

එළඹෙන T20 ලෝක කුසලානයට එක් වන කණ්ඩායම් වල ප්‍රධාන අනුග්‍රාහකයන් ප්‍රසිද්ධ කළා.මේ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන...

‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත...

‘ලියන කලාව සහ රචනා විධික්‍රම’ ලියන්නෙකුට හොඳ ම මිතුරෙකු මුණගැසීමක් වැන්න

හරවත් ව විධිමත් ව දැනුවත් ව ලියනා සැටිත්, ලිවීමට පෙර සිතනා සැටිත්, යළි යළි ලිය ලියා පුහුණුවන සැටිත්...