ඉරානය සුළුවෙන් තකන්න පුළුවන් ද?

Share post:

ඊයේ පොඩ්ඩක් බිසී වෙලා හිටියත් අද ඉඳන් World Cup එක ගැන හෑලි සීරිස් එක පටන් ගන්නවා. ඒ යටතේ මුළින්ම ලියන්න හිතුවේ ඉරානය ගැන. අද ඉරානය සහ එංගලන්තය ලෝක කුසලාන බිමට ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 6. 30 එකතු වෙනවා.
ඇත්තටම ඉරානය කියන නම ගත්තම ඔවුන් ඇවිල්ලා ලොකු ප්‍රභල නමක් නෙමෙයි. මේක එංගලන්තය බොහොම පහසු ජයග්‍රහණයක් ලබා ගනීවි කියලා බොහොමයක් දෙනා විශ්වාස කරනවා. හැබැයි ඉරානය මේ වගේ මැච් වලදි ටිකක් අමාරු ටෙක්නික්ස් ටිකක් පාවිච්චි කරනවා. ප්‍රධානම දේ තමයි ඔවුන් ලොකු ටීම් එකක් හම්බවුණ ගමන්ම දා ගන්න බස් එක!
ඉරානය කියන්නේ මෑත කාලීනව ආසියාවේ හොඳම බස් එකක් පාක් කරන ටීම් එක කිව්වොත් හරි. මොකද එයාලා ඩීප් බැක් ලයින් එකක් එක්ක මැච් එකට එනවා. මේ වගේ ලොකු ටීම් එකක් හම්බවෙනකොට ඇටෑකින් මයින්ඩ් එකක ගහලා ජයග්‍රහණය කරන්න බෑ කියලා එයාලා දන්නවා. ඉතින් ඉරානය එන්නෙම මැච් එක ඩ්‍රෝ කරගන්න බලාගෙන ඔවුන්ගේ සැලැස්ම හරිම සරලයි.

ඉරානය ඒෂියන් කොලිෆයර්ස් වල ගැහුවේ 4-1-4-1 කියන ෆෝමේෂන් එක. හැබැයි එතනින් එහාට ඔවුන් ලොකු ටීම්ස් හම්බවෙද්දී 4-1-4-1 එකට යන්න වගේම ඩිෆෙන්ස් ලයින් එකේ අවම 5ක් දාන්න කටයුතු කරනවා. මේක ගොඩක් වෙලාවට මැච් එක මැදදි 6 දෙනෙක් දක්වා වැඩි වෙනවා. ගෝල්කීපර් ත් එකතු කලාම සමස්ථ ඉරාන් ඩිෆෙන්ස් එක 7 ක් විතර වෙලා. මේ විදිහට පාක් කරන බස් එක දිගටම ගෝල් එකක් වදිනකන්ම කන්ටිනියුව් වෙනවා.

ඉරානය ඇටෑක් එකට එන්නෙ බොහොම අඩුවෙන්. තමන්ට බෝලය ලැබුණට පස්සේ ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයෝ 3 දෙනා පාවිච්චි කරලා ඉක්මනින් කවුන්ටර් ඇටෑක් එකකට යන්න ඉරානය පෙළඹෙනවා. මේක තමයි ඔවුන් ගෝලයක් වාර්තා කරගන්න පාවිච්චි කරන උපක්‍රමය. එතනින් එහාට පොසිෂන් තියාගෙන ගහන්න ඕනි වගේ දේවල් ලොකු ටීම් එකක් එක්ක ගහද්දි ඉරානයට අදාල නෑ.

2014 ලෝක කුසලානයේදී ආජන්ටිනාවට එරෙහිව ඉරානය දාපු ලෝ බ්ලොක් එක බොහොම ජනප්‍රිය එකක්. මේ මැච් එකේදි අවස්ථා කිහිපයකදීම බ්ලොක් එකෙන් අරගත්ත බෝලය අරන් භයානක කවුන්ටර් ඇටෑක් දෙන්න ඉරානයට පුළුවන් වුණා. අන්තිම විනාඩියේදී මෙසී ගහපු මැජික් ගෝල් එක නිසා 1-0 කින් ආජන්ටිනා මේ මැච් එක දිනුවා.

2018 ලෝක කුසලානයේදී ඉරානය මොරොක්කෝවට එරෙහිව ගෝල 1-0 ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ස්පාඤ්ඤ මැච් එක 1-0 ක් විදිහට පරාජය වෙද්දි පෘතුගාල මැච් එක 1-1 ක් විදිහට අවසන් කරගන්න ඉරානයට පුළුවන් වුණා. මේ මැච් වලදි ඉරාන බස් එක අනිත් ටීම්ස් වලට සෑහෙන හිසරදයක් වුණා. සාමාන්‍යයෙන් ඉරානය මෑත කාලීනව ලොකු ටීම්ස් හම්බෙද්දි ඒ තරග බොහොම පොඩි ගෝල සංඛ්‍යාවක් වාර්තා වුණ තරග කියලා හඳුන්වන්න පුළුවන්.

අමතක කරන්න හොඳ නැතිම දේ තමයි මේ වෙද්දි ඉරානය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 20 වන තැන දිනාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දැනට දවස් කිහිපයකට උඩදි ඔවුන් උරුගුවේ පාරජයට පත් කරන්නත් සමත් වුණා. ආසියාවේ ෆුට්බෝල් රෑන්කින් වල උඩම ඉන්න ටීම් එකත් ඉරානය. අද ඉරාන් දාන ලෝ බ්ලොක් එකේ ඩිසිප්ලින් එක මතයි එංගලන්තය ට මේ බ්ලොක් එක කඩාගන්න යන වෙලාව මතයි තරගයේ අවසන් තීරණය සටහන් වේවි.

ශාමින්ද ජයරත්න

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...