පිරිමි ගොඩාක් මැද පාපන්දු පිටියේ හමුවන සලීමා

Share post:

වසර 92ක ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරමින් රුවන්ඩාවේ සලීමා මුකන්සංගා ප්‍රථම වතාවට පිරිමි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවුවාය.

පසුගිය වසරේ ටෝකියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේද විනිසුරුවරියක ලෙස කටයුතු කළ ඇය , 1958 දී ආරම්භ කරන ලද අප්‍රිකානු කුසලාන පිරිමි තරගාවලියේද විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.

ඒ එලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙසද ඇය ඉතිහාස ගතවෙමිනි.

තවමත් 34 හැවිරිදි වියෙහි පසුවන සලීමා, ස්ටෙෆනි ෆ්‍රැපර්ට් සහ යොෂිමි යමෂිටා වැනි සහායක විනිසුරුවරියන් තිදෙනෙකු සමග මෙම තරගාවලියට සහභාගි වනු ඇත.

මෙවැනි තරගාවලියක විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසාදයක්, බවද එමෙන්ම එමගින් අවස්ථා බලාපොරොත්තුවෙන් සිටින අප්‍රිකාවේ අනෙකුත් කාන්තා නිලධාරිනියන්ට දොරටු විවර වනු ඇතැයි ඇතැයි තමන් විශ්වාස කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවාය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...