රනිල්ට උතුරෙන් කළු කොඩි : පොලිසිය සමග ගැටුමක් !

Share post:

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊයේ (19) වවුනියාවේ සංචාරය අතතුරදී විරෝධතාවක් එල්ල විය.

ඒ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙනි.

ඔවුන් විරෝධය දක්වමින් ඉල්ලා සිටියේ යුද සමයේ අතුරුදන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ ලබාදෙන ලෙසයි.

ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර තිබුණද, වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

‘කළු කොඩි – ඡායාරූප’

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනාධිපතිවරයා පැමිණ සිටි අවස්ථාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි සහ ඡායාරූප පෙන්වමින් පැවසුවේ තමන්ගේ ගැටළුවලට කඩිනම් පිළිතුරු ලබා දෙන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව උතුරේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

‘සම්බන්ධතා යොදාගන්න’

අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ඇති ජාත්‍යන්තර සබඳතා යොදාගෙන, යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඉඩ දෙන ලෙසයි.

‘ඔක්කොම විසඳන්න’

මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීමට කටයුතු කරන ලෙසයි.
විශේෂයෙන් ම ඔවුන්ගේ ඉඩම් ගැටළු විසඳීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. පළාත් මට්ටමෙන් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා කමිටු 8ක් පිහිටුවා ඇතැයි ද, එම කමිටු සමග සම්බන්ධ වී ජනතාවගේ ගැටළු ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය; උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට
දින 2057පිරෙන දා 2022 ඔක්තෝබර් 08 ගන්නාලද ඡායාරුපයක්. ඡායාරුප- Kumanan Kana

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...