රනිල්ට උතුරෙන් කළු කොඩි : පොලිසිය සමග ගැටුමක් !

Share post:

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊයේ (19) වවුනියාවේ සංචාරය අතතුරදී විරෝධතාවක් එල්ල විය.

ඒ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙනි.

ඔවුන් විරෝධය දක්වමින් ඉල්ලා සිටියේ යුද සමයේ අතුරුදන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ ලබාදෙන ලෙසයි.

ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර තිබුණද, වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

‘කළු කොඩි – ඡායාරූප’

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනාධිපතිවරයා පැමිණ සිටි අවස්ථාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි සහ ඡායාරූප පෙන්වමින් පැවසුවේ තමන්ගේ ගැටළුවලට කඩිනම් පිළිතුරු ලබා දෙන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව උතුරේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

‘සම්බන්ධතා යොදාගන්න’

අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ඇති ජාත්‍යන්තර සබඳතා යොදාගෙන, යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඉඩ දෙන ලෙසයි.

‘ඔක්කොම විසඳන්න’

මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීමට කටයුතු කරන ලෙසයි.
විශේෂයෙන් ම ඔවුන්ගේ ඉඩම් ගැටළු විසඳීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. පළාත් මට්ටමෙන් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා කමිටු 8ක් පිහිටුවා ඇතැයි ද, එම කමිටු සමග සම්බන්ධ වී ජනතාවගේ ගැටළු ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය; උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට
දින 2057පිරෙන දා 2022 ඔක්තෝබර් 08 ගන්නාලද ඡායාරුපයක්. ඡායාරුප- Kumanan Kana

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...