Home Blog Page 250

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජය පැරදුමින් තොරව බේරාගනියි

0

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ශ්‍රී ලංකාව මෙම තරගය ජයගැනීමත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිමාකිරීමට සමත් විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළේය. Najibullah Zadran පන්දු 76කදී ලකුණු 77ක් රැස්කළේය.

මෙම අසීරු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන කුසල් සහ පැතුම් ලකුණු 101ක සබඳතාවක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් සහ පැතුම් නිස්සංක ලකුණු 35ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය. දසුන් ශානක ලකුණු 43ක් රැස්කළේය.

අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ලකරමින් රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

මොහොමඩ් නබී කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

මහා බාධක කොරල්පරය ‘විනාශයට පත්වීමේ අවදානම්’ ලැයිස්තුවට

0

ලොව විශාලතම කොරල්පරය ලෙස සැලකෙන මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අධි අවදානමක් ඇති ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කරන ලෙසට යෝජනා ඉදිරිපත්වී තිබේ.

1981 වර්ෂයේදී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම්කරන ලද මහා බාධක කොරල්පරය මෑත කාලීනව සිදුවූ පාරිසරික වෙනස්වීම් නිසා දැඩිලෙස හානියට ලක්වූ නිසාවෙන්, ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකිරීම පසුගිය මාර්තුවේ දී සිදුවිය.

එකී පර්යේෂණය පදනම් කරගෙන නිකුත් කරන ලද වාර්තාවේ ඉතා බරපතල ලෙස පෙන්වා දී ඇත්තේ මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අවදානම සලකා බලා එය එකී ලයිස්තුවට ඇතුලත් කරන ලෙසට ය.

කොරල්පරය පිහිටි සාගර සීමාවේ ජලයේ ගුණාත්මකභාවයේ දැඩි පිරිහීමක් පසුගිය කාලය පුරාම සිදුවීම නිසාවෙන් කොරල් පරය ක්‍රමයෙන් මියයමින් සිටින බව සමුද්‍ර පර්යේෂණ විශේෂඥයින් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මීට කාලයකට පෙර ය. කෙසේ වෙතත් පවතින තත්වය යටතේ එකී සාගර සීමාවේ ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර සඳහා විශේෂ ආයෝජනයන් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.

ඒ නිසා මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අධි අවදානමක් ඇති ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කිරීම තුලින් යුනෙස්කෝවේ සෘජු මැදිහත්වීම එයට ලබාදීම මෙන්ම, එයට පෙරාතුව ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම ඒ සඳහා යොමුකිරීමේ වැදගත්කම මෙම වාර්තාව මගින් ඉස්මතුකර තිබේ.

අවදානම් ලයිස්තුවට දාන්න එපා!

මින් පෙර 2021 වර්ෂයේදී ද යුනෙස්කෝව මගින් මෙම ලෝක උරුමය අවදානම් ලයිස්තුවට ඇතුලත් කිරීමට යෝජනා කළ නමුත් එවකට ඕස්ට්‍රේලියානු රජය එයට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ලෝක උරුම කමිටුව විසින් අදාල යෝජනාව නිශ්ප්‍රභකරන ලදි.

එහෙත් කමිටුව විසින් මහා බාධක කොරල්පරයේ ආරක්ෂාව සහ පැවැත්ම සුරක්ෂිත කරනු පිණිස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පියවර සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධ සවිස්තර වාර්තාවක් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියහ.

වර්ග කිලෝමීටර 2300ක සාගර කලාපයක් පුරා පැතිර ඇති මෙම ලෝක උරුම කොරල්පරය ගෝලීය වශයෙන් වටිනාකමක් ඇති පාරිසරක උරුමයක් ලෙස පිළිගෙන තිබේ. ඒ නිසා එම උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සිදුකරන යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් එම උරුමයේ පැවැත්ම ආරක්ෂා කිරීමට හැකියාව ලැබෙන බව මෙම වාර්තාව ඉදිරිපත්කල විශේෂඥයන්ගේ මතයවී තිබේ.

Reef2050 සැලසුම

2015 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ත රජය විසින් සම්පාදනය කරනු ලැබූ Reef2050 උපක්‍රමික සැලසුම මගින් මෙම ලෝක උරුමයේ පැවැත්ම 2050 වර්සය වනවිට තහවුරු කිරීම ඉලක්කය වී තිබිණි.

ඒ උදෙසා පරිසර දූෂණය වැලැක්වීම, හරිතාගාර ආචරණය පාලනය, සාගර ජලයට අපද්‍රව්‍ය නිකුත් කිරීම පාලනය වැනි ඉතා පුළුල් වැඩ පිළිවෙලක් රජය මගින් යෝජනා කර තිබිණී. ඒ සඳහා රජය මගින් භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කරනු ලැබූ අතර ඒ මගින් Reef2050 වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්ද ආරම්භ කරන ලදි.

කෙසේ නමුත් එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙද්දී පවා මහා බාධක කොරල්පරයේ ආරක්ෂාවට තර්ජන එල්ලවන සාධකවල සැලකිය යුතු අඩුවක් නොපෙන්වන බව නව වාර්තාවෙන් පෙන්වා දී තිබේ. එවැනි වටපිටාවක වඩාත් සුදුසුම පියවර ලෙස මෙකී උරුමය විනාශවීමේ තර්ජනය වැඩි ලයිස්තුවට ඇතුලත් කර ගෝලීය වශයෙන් ආරක්ෂණ යාන්ත්‍රණයකට යා යුතු බව යෝජනාවී තිබේ.

මූලාශ්‍රය සහ ඡායාරූප – theguardian.com

තීරණාත්මක අවසන් තරගය අද

0

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසාන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වීමට නියමිතය.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 02.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 60කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ අතර දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ඇත්හැර දැමීමට තරග තීරකයින් කටයුතු කළේය.

අද පැවැත්වෙන තරගය තීරණාත්මක වන අතර යම් හෙයකින් අද තරගය ජරාජයට පත්වුහොත් ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගාවලියක් පරාජයට පත්වන පළමු අවස්ථාව වනු ඇත.

පොත් කන්ටේනර් 200ක් ‘වෙන පාරකින්’ එළියට ඇවිත් : මිල ගැන සලකා බලන්නම් – කැබිනට් ප්‍රකාශක

0

දරුවන්ට අවශ්‍ය පාසල් අභ්‍යාස පොත්වලට පනවා ඇති සෙස් බද්ද ඉවත් කිරීමට අදාළ කිසිදු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදු නොවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන පැවසීය.
අභ්‍යාස පොත්වලට පනවා ඇති සෙස් බද්ද ඉවත් කිරීමට අදාළ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි ඊයේ (29) මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
‘මේ බද්ද නිසා ඔබ කියන ආකාරයට පොත්වල මිල ඉහළයෑමක් තියෙනවා නම්, අපි ඒ ගැන කතා කරන්න සූදානම්. අධ්‍යාපන ඇමැතිතුමාගෙ පැත්තෙන් එහෙම යෝජනාවක් අවොත් ඒක සලකා බලන්න ආණ්ඩුව සූදානම්.’
වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා එසේ ද පැවසීය.පොත් කන්ටේනර් 200ක් ‘වෙන පාරකින්’ එළියට ඇවිත් : මිල ගැන සලකා බලන්නම් – කැබිනට් ප්‍රකාශක

මේක දිරිගැන්වීමක් !

එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව විමසීමට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධ කර ගැනීමට අප ගත් thetime.lk ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දිගින්-දිගටම දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සම්බන්ධ කරගනිමින් අප මේ පිළිබඳව විමසූ අතර, ඔහු සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකි වුවද, මෙම බද්ද පනවා ඇත්තේ ආනයනය කරනු ලබන පොත් සඳහා වන නිසා එය දේශීය පොත් නිෂ්පාදකයන් දිරිගැන්වීමට හේතු වනු ඇති බවයි.

‘අපිට කතා කරන්න බෑ’

කෙසේ වෙතත් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදෙන ඇට්ලස් ඇක්සීලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර සහ රිචඩ් අභ්‍යාස පොත් නිෂ්පාදන සමාගමේ සභාපති දිලානි ජයතිස්සගෙන් මේ පිළිබඳව විමසීමට thetime.lk උත්සාහ කළේය. එහෙත් එම සමාගම් පාර්ශ්වයෙන් අප වෙත ලබා දුන් පිළිතුර වූයේ රජයේ පාර්ශ්වයෙන් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි. තම නිෂ්පාදන මිල ඉහළයෑමට ප්‍රධාන හේතුව අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම බවත්, එම අමුද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ විදේශ රටවලින් බවත් එම සමාගම් පාර්ශ්වයෙන් අවධාරණය කෙරිණි.

ලිඛිත ඉල්ලීමක්

මේ පිළිබඳව thetime.lk වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පාසල් පොත් හෝ එම උපකරණ මිල ඉහළ යෑම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටෙන්නේ නම්, එය අතිශය බරපතළ ඛේදවාචකයක් වන බවයි. වැඩිහිටියන් ලෙස එහි සමස්ත වගකීම සියල්ලන් දැරිය යුතු බවත්, දරුවන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අනිවාර්යෙන්ම මුල්තැන ලබාදිය යුතු බවත් සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා, මෙම භාණ්ඩවල මිල අඩු කරන ලෙස සියලු වගකිවයුතු පාර්ශ්වවලින් ලිඛිත ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද අප වෙත සඳහන් කළේය.

රනිල්ගේ යෝජනා

පසුගිය 14දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 අයවැය වාර්තාව මගින් අධ්‍යාපනය නවීකරණය කිරීම සම්බන්ධයෙන් වන යෝජනා රැසක් හඳුන්වා දී තිබිණි. පාසල්වල අන්තර්ජාල පහසුකම් වැඩි කිරීම, පාසල් 1,000කට නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදීම, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කිරීම, පළාත් පාසල් 139ක් සඳහා ජල නල පහසුකම් ලබාදීම ඇතුළු යෝජනා රැසක් ඊට ඇතුළත් විය.

වෙන්නෙ මොකක්ද ?

මේ පිළිබඳව thetime.lk වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව නියෝජනය කරන සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් මයුර සේනානායක පවසන්නේ අයවැයෙන් මෙවැනි යෝජනා පෙන්වූවද, පාසල්වල ජල බිල්පත් පවා රජයෙන් ගෙවීම මේ වන විට අත්හිටුවා ඇති බවයි. එම බිල්පත් ගෙවීම ද මව්පියන් පිට පටවා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. ප්‍රයෝගිකව ජනතාව අත්විඳින තත්ත්වය මෙය වුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ වටිනාකම් ඉහළ දැමීම ඇතුළු වරප්‍රසාද වැඩි කර ගැනීම දිගටම සිදුකරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

බහාලුම් 200ක්?

මේ අතර ලිපිද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බහාලුම් 200කට අධික ප්‍රමාණයක් රේගුවේ ග්‍රීන් චැනල් (Green Channel) හරහා නිදහස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. ග්‍රීන් චැනල් හරහා බහාලුම් නිදහස් කිරීමට අවශ්‍ය තීරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය (RMU – Risk Managemant Unit) මගිනි.
එහි ප්‍රධානී රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදත් සිල්වාගෙන් thetime.lk මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු පැවසුවේ අදාළ බහාලුම් තොගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි. ඊට හේතුව තමන්ට ඒ පිළිබඳව නිවැරදි මතකයක් නොමැති වීම බව ද ඔහු සඳහන් කළේය.
තම ඒකකය මගින් බහාලුම් පරීක්ෂා කළ යුතු ප්‍රමාණය තීරණය කරනු ලබන බවත්, ග්‍රීන් චැනල් වෙත බහාලුම් යොමුකෙරෙන්නේ ද ඒ අනුව බවත් ඔහු පැවසීය. එහෙත් ඒවා ද අනෙක්වා තරම් නැතත්, පරීක්ෂාවට ලක්වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

හොයන්නම් – අධ්‍යක්ෂ ජනරාල්

මෙම ග්‍රීන් චැනල් හරහා මුදාහැරෙන ඇතැම් බහාලුම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ බරපතළ සැක මතු විය. ආණ්ඩුව පවසන ආකාරයට ආනයනික ලිපි ද්‍රව්‍ය සඳහා නව බද්දක් අයකිරීමට තීරණය කර තිබියදී, මෙවැනි තොගයක් ගෙන්වූ යේ කවුද යන්නද ගැටළුවකි. අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තොග නිසි පරිදි වෙළෙඳපොළට මුදාහැරෙන්නේ නම්, අභ්‍යාස පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය මිල ගණන් සැලකිය යුතු අගයකින් පහත දැමිය හැකි වන බවයි.
මෙවැනි ලිපි ද්‍රව්‍ය තොගයක් පිළිබඳව දැනුවත් ද සහ එවැන්නක් මුදාහැරිම සඳහා වෙනත් පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වූයේ ද යන්න සම්බන්ධයෙන් thetime.lk ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්ගෙන් සෘජු විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමන් එවැන්නක් පිළිබඳව නොදන්නා බවත්, අප සඳහන් කළ කරුණ පිළිබඳ සොයාබලන බවත් ය.

මහින්ද සෙනරත් ගමගේ හෙට ලියෝ තෝල්ස්තෝයි සම්මානයෙන් පිදුම් ලබයි

0

මහින්ද සෙනරත් ගමගේ, සිය ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් මේ රටේ යහපත වෙනුවෙන් දිවි නොතකා සටන් කල , ඒ ඉතිහාසයෙන් මකා හල ගමන් සගයෙක්. ඔහු අද වඩාත් ප්‍රචලිත සාහිත්‍යකරුවෙකු සහ සාහිත්‍ය පරිවර්තකයෙක් හැටියට. කිසිදා තම ආත්මය පාවා නොදුන් මේ මිනිසා, සහෝදරයා අදත් නිහඬව, අදිටන් සහගතව තම යුතුකම ඉරු කරමින් ඉන්නවා.
ඔහු රුසියානු සාහිත්‍යය පරිවර්තනය කරමින් කල මෙහෙවර අගයා හෙට(30) රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ පැවත්වෙන රුසියානු කවි සැඳෑවේදි ලියෝ තොල්ස්තෝයි සම්මානයෙන් පිදුම් ලබනවා. ඔහුත් සමග සම්මානයට පාත්‍ර වන අනෙක් සාහිත්‍යධරයා අද අප අතර නැති පසන් කොඩිකාර.
මේ සම්මානය කෙනකුට පිදෙන්නේ එක වරක් පමණයි.
ඉතින් මේ ඇරයුම මහින්දට ආදරය කරන මිනිසුන්ට. ඔහු වෙනුවෙන් ඔබේ දෑත් එකතු කරන්න හෙට 3 වෙද්දි කොලඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයට එන්නට ඔබට හැකි නම් අගෙයි. අපි ඔබේ පැමිණීම අපේක්ෂාවෙන් ඉන්නව.
ඔබ එනවා නම් අපූරු කවි සැඳෑවක අසිරිය විඳින්නටද ඔබට ලැබෙයි.

චූලානන්ද සමරනායක

ඔහු හැමදාම විශ්වාස කළේ තමන් සාහිත්‍යය තුළ සිද්ධ කරමින් ඉන්නෙ තමන්ගෙ දේශපාලනය කියල

සමහර මිනිස්සු තමන්ගෙ මුළු ජීවිතයම අනෙකා වෙනුවෙන් කැප වූ මාවතක ගමන් කරන්න තමන්ටම ප්‍රතිඥා දීපු, විසල් මානව ස්නේහයකින් ලතෙත් හදවතක් පපුව තුළ දරා ගතපු සුන්දර මිනිස්සු. අනෙකාගේ පැවැත්ම පිළිබඳ සන්වේදනය නාසිස්මයෙන් ඔබ්බට තමන්ව මෙහෙයවන්න ඔවුන්ව පොළඹවනවා. ඒක එක්තරා විදියකට තමන්ගෙ ජීවිතය හැඩගස්වා ගැනීමේ සාංදෘශ්ටිකවාදී ප්‍රවේශයක්. මම තරුණ කාලයට ප්‍රවේශ වීමත් එක්ක මට සම්මුඛ වුණු මේ විදියෙ චරිත දෙකකට, මාව මේ මොහොතේ මම දරන අදහස් වලින් ගොඩනැගුණු මිනිහෙක් කරන්න සමාරම්භක දායකත්වය ලබා දීම සම්බන්දයෙන් හැමදාම කෘතඥතාවය පුද කරනවා. ඒ එක්කෙනෙක් චූලානන්ද සමරනායක. දෙවැන්නා මහින්ද සෙනරත් ගමගේ. ඒ දෙන්නම යහපත් සමාජයක් ගැන සිහින දකින අය. එය යථාර්ථයක් කිරීම වෙනුවෙන් තමන්ගෙ යෞවනත්වයම කැප කළ පමණිනුදු නොනැවතී දැවැන්ත පරාජය වීම් සහ වසර ගණනාවක අශුභවාදී දේශපාලන අද්දැකීම් මතින් පවා තමන්ගෙ ඒ පරාර්ථකාමී සිහිනය ජීවමානව පවත්වාගෙන යමින් ඒ වෙනුවෙන් තවමත් නොනවත්වාම වැඩ කරන දෙන්නෙක්. සංකේතීය වටිනාකමක් ආරෝපණය කරගනිමින් සමාජයේ ප්‍රතිරූපයක් ගොඩනගාගැනීමේ ජනප්‍රියවාදී තර්කනයට හසු නොවී ඊට එදිරිව සාමාජයීය කාර්‍යය තුළම තමාව දිය වීමට අවංකවම ඉඩහැරීමට හැකි වීම කියන්නෙ විශාල දෙයක්.

ඉතින් මහින්ද සෙනරත් ගමගේ හෙට පැවැත්වෙන රුසියානු සාහිත්‍යය උළෙලේ දී ලියෝ තෝල්ස්තෝයි සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතව සිටින බව දැකීම අතිවිශාල ප්‍රහර්ශයක්. ඔහුගේ දේශපාලන දැක්ම ක්‍රියාවට නැංවුනු ජීවිතයේ එක්තරා මොහොතක සිදු වූ රැඩිකල් ඛණ්ඩනය වීමෙන් පසුව අතගැසූ සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ පවා දිගහැරෙන ඔහුගේ ක්‍රියාකාරීත්වය තුළින් අනවරතව ගලායන්නෙ එකම ජීවන පරමාදර්ශයක අඛණ්ඩ දහරාවක්. ඔහු පරිවර්තනය කළ කෘතීන් ඒ දේ සනාථ කරන විවෘත සාක්ෂ්‍ය සටහන් වෙනවා. මිහයිල් ෂොලොහොව්ගෙ අග්‍ර කෘතිය පමණක්ම වුව එතනදි ප්‍රමාණවත්. ඔහු හැමදාම විශ්වාස කළේ තමන් සාහිත්‍යය තුළ සිද්ධ කරමින් ඉන්නෙ තමන්ගෙ දේශපාලනය කියලයි. ඔහු සිහින දකිමින් ඉන්න යහපත් සමාජයේ ගොඩනැංවීමට දායක වන මිනිසුන් නිර්මාණය කිරීමේ බිජුවට ඔහු වපුරමින් සිටිනවා කියන එකයි එහි අදහස. විමුක්ති දේශපාලනයේ සාරාත්මවාදී හරය තුළම පවතින සාමූහික ප්‍රයත්නයක සළකුණු එක්වරම හසුකරගත නොහැකි ඔහුගේ ක්‍රියාන්විතයේ එය ද්විතීයික වූ ප්‍රපංචයක් විදියට ගොඩනැඟෙමින් පවතිනවා කියලා ඔහු විශ්වාස කරන බව මම දන්නවා. ඒක අති මානුෂීය දේශපාලනයක්. විසි වසරකට වැඩි සාහිත්‍යය ජීවිතය තුළ කළ කාර්‍යභාරය සම්බන්දයෙන් මේ නිහඬ සාහිත්‍යකරුවා මේ විදියට ඇඟයීමට ලක්වීම පිළිබඳ අසීමිත සොම්නසක් පෙරදැරිව මම ඔහුට සුබ පතනවා.

මහේෂ් කුලසිංහ

ස්වාමි – රනිල් – බැසිල් – රෝ : අලුත් පිම්මක් අත ළඟ !

0

ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ : RAW – Research and Analysis Wing හි ප්‍රධානී සමන්ත් කුමාර් ගෝල් (Samant Kumar Goel) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමත්, ඉන්පසු රෝ ප්‍රධානියා බැසිල් රාජපක්ෂ හමුවීමත් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් තිබේ.
ජනාධිපතිවරයා සහ රෝ ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ද සහභාගී වී ඇත. පසුගිය 21දා මෙසේ රෝ ප්‍රධානියා ලංකාවට පැමිණ තිබේ. ඊට දිනකට පෙර, 20දා බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණියේය.

සාගල නිහඬයි

මෙම සාකච්ඡා සම්බන්ධයෙන් විමසීමට, ඊට සහභාගී වූ සාගල රත්නායක සම්බන්ධ කර ගැනීමට thetime.lk දින දෙකක් තිස්සේ අවස්ථා 12කට වැඩි වාර ගණනක් උත්සාහ කළේය. අපට දැනගැනීමට අවශ්‍ය කාරණය කුමක්දැයි විමසීමෙන් පසු, ඔහු දිගටම අප සමග කතා කිරීමෙන් වැලකි සිටියේය.

කාලයික්කතිර් පුවත්පත

මෙවැනි සාකච්ඡාවක් පැවති බව මුලින්ම වාර්තා කර තිබුණේ යාපනයේ ‘කාලයික්කතිර් – Kalaikkathir’ පුවත්පත මගිනි. ඒ, 23දා එම පුවත්පතේ 01 පිටුවේ සහ 10 පිටුවේ ය. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද ළඟදීම මෙරට සංචාරයක යෙදීමට නියමිත බව ද එම පුවත්පත ඊට පෙර, 20දා වාර්තා කර තිබිණි.
ඉන්දියාවේ කැබිනට් ලේකම් (පර්යේෂණ) වන්නේ ද සමන්ත් කුමාර් ගෝල් ය. රෝ ක්‍රියාත්මක වන්නේ සෘජුව ම එරට අගමැති යටතේ වන ඒකකයක් ලෙස ය. එය, එරට පාර්ලිමේන්තුවට වගකියනු ලබන ආයතනයක් නොවේ. සමන්ත් කුමාර් ගෝල් මෙම තනතුරට පත්වූයේ 2019 ජුනි මාසයේදී ය.
මෙම සාකච්ඡා පිළිබඳ විධිමත් තොරතුරක් මෙතෙක් මාධ්‍යයට නිකුත් කිරීමට දෙපාර්ශ්වය ම කටයුතු කර නැත.

ස්වාමිගේ කතාව අවසන් වුවා පමණි !

මේ අතර පසුගිය සැප්තැම්බර් 28දා, ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන හින්දු අන්තවාදී දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීම ද දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමු විය. මෙම හමුව සිදු වී තිබුණේ ද කොළඹදී ය.
ගෝඨාභය රාජපක්ෂ මුණගැසීමට පෙර ඔහු මහින්ද රාජපක්ෂ ද හමු වී තිබිණි.
ඉන්දියාවේ වර්තමාන ආණ්ඩු බලය හිමි භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන සුබ්‍රමනියම් ස්වාමි රාජපක්ෂ පවුල සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වී ඇති අපරාධ සම්බන්ධයෙන් ද ඔහු අවස්ථා කිහිපයකදී අදහස් දක්වා තිබිණි. ඒ, අදාළ චෝදනා පදනම් විරහිත බව සඳහන් කරමිනි.

ස්වාමි පවුල

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සමග ‘ද හින්දු’ පුවත්පත වෙනුවෙන් වැඩිපුරම සම්මුඛ සාකච්ඡා ප්‍රමාණයක් මෙහෙයවා ඇත්තේ මාධ්‍යවේදී සුහයිසිනී හයිදර් ය. ඇය සුබ්‍රමනියම් ස්වාමිගේ දියණියකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වුවද, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට පක්ෂපාතී බවක් පෙන්වන්නේ යැයි අදාළ සම්මුඛ සාකච්ඡා සබන්ධයෙන් ඇයට චෝදනා එල්ල විය.
සුහයිසිනී හයිදර් විවාහ වී සිටින්නේ නදීම් හයිදර් සමග ය. නදීම් හයිදර් යනු ඉන්දියාවේ සිටි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන සල්මන් හයිදර්ගේ පුත්‍රයා ය. සල්මන් හයිදර්ගේ රාජ්‍ය තාන්ත්‍රික රාජකාරි සම්බන්ධයෙන් මුලදී ඇගයුමක් තිබුණද, පසුව ඔහු අන්තවාදයට සහාය දක්වන බවට චෝදනා ද එල්ල විය.

‘අපි යන්නේ කොයි පාරේ’

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ 2020 ජූලි මාසයේදී ඩේලි එෆ්ටී පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ පොදුජන පෙරමුණේ දැක්ම භාරතීය ජනතා පක්ෂයේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආකෘතියට ගොඩනැගිය යුතු බවයි. බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඊට අදාළ සාකච්ඡා කිහිපයක් ද පවත්වා තිබිණි.

රාෂ්ත්‍රීය ස්වායම්සේවක් සංග්

ඉන්පසු සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ භාරතීය ජනතා පක්ෂයේ දාර්ශනික ව්‍යාපාරය ලෙස හැඳින්වෙන රාෂ්ත්‍රීය ස්වායම්සේවක් සංග් (Rashtriya Swayamsewak Sangh – RSS) ප්‍රධානියෙකු සහ එම පක්ෂයේ ජාතික මහ ලේකම් රාම් මාධව් මෙරටට පැමිණීමට නියමිත බවයි. එම සංචාරය නියමිත පරිදි සිදු නොවූයේ අරගලය සහ ආණ්ඩුවට එල්ල වූ ජනතා විරෝධය නිසා ය.

රාම් මාධව්ගේ ප්‍රකාශය

මෙම රාම් මාධව් 2022 ජුනි මාසයේදී ‘ද ප්‍රින්ට්’ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ අදහසක් බරපතළ ආන්දෝලනයට තුඩුදුන්නේය. ඔහු එහිදී පවසා තිබුණේ ඉන්දීය මුස්ලිම් ජනතාව තමන් අදහන කොටස් කිහිපයක් ඉවත් කරගත යුතු බවයි.

පසුබිම හැදෙන හැටි

මේ අතර ජනතා විරෝධය වර්ධනය වන විට සුබ්‍රමනියම් ස්වාමි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ රාජපක්ෂලාගේ ආරක්ෂාවට ඉන්දීය හමුදා යෙදවිය යුතු බවයි. ඒ සමග ම හින්දු පුවත්පත ප්‍රවෘත්තියක් පළකළේ මෙරටට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ බරපතළ අනතුරක් ඇති බවටයි.
දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ සුබ්‍රමනියම් ස්වාමි සහ රාජපක්ෂ පවුල අතර පවතින මේ සම්බන්ධතාව සරල ව ගත නොහැකි බවත්, භාරතීය ජනතා පක්ෂයේ එක් අන්තයක් එමගින් නියෝජනය වන බවත් ය.

තීරණාත්මක හැරවුමක්

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥයන් පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය තීරණාත්මක හැරවුමක් සටහන් කළ බවයි. දෞපදී මුර්මූ ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වූයේ එම මැතිවරණයෙන් ය.

මුර්මූ ආවේ ඇයි?

භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන හැසිරීම ප්‍රධාන වශයෙන් කොටස් 03කට බෙදිය හැකිය. 1967 සිට 1995 දක්වා සහ 1995 සිට 2014 දක්වා එහි මුල් අදියර වේ. ඉන්පසු ක්‍රමයෙන් සිය අන්තවාදී ඡන්ද පදනම තබාගනිමින් පක්ෂය පුළුල් කිරීමේ කටයුතු ඔවුහු ආරම්භ කළහ. එහි තීරණාත්මක පියවරක් ලෙස ආදිවාසී කණ්ඩායම් නියෝජනය කරන මුර්මූ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය කටයුතු කළේය.

පිළිගත හැකි පක්ෂයක්

මීට පෙර 2002 වසරේදී අබ්දුල් කලාම්, 2017 වසරේදී රාම්නාත් ගෝවින්ද් ජනාධිපති ධුර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරමින් ද එම පක්ෂය වරින්-වර තමන් සියල්ලන්ට පිළිගත හැකි පක්ෂයක් බවට සංඥා නිකුත් කළේය. එහෙත් ඒ සියලු අවස්ථාවලදී තමන්ගේ හින්දු අන්තවාදී පදනම ද සුරක්ෂිත කළ ගැනීම සඳහා සුබ්‍රමනියම් ස්වාමිලා දිගටම වැඩ කළහ.

ඉලක්කය

දැන් භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය ව ඇත්තේ දකුණු දිග ඉන්දියාවට, එනම් කේරළ / තමිල්නාඩු වෙත සිය පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට ය. ආදිවාසී ගෝත්‍ර වැඩි ප්‍රමාණයක් සිටින ඊසාන දිග ඉන්දියාව නියෝජනය කරන මුර්මූ ඉහළට එසවෙන්නේ මේ තත්ත්වය තුළ ය. අසාම්, ත්‍රිපුර් හරහා ඊසාන දිග ඉන්දියාවත්, ඉන්පසු කේරළ / තමිල්නාඩු බලයත් තමන් අතට ගැනීම භාරතීය ජනතා පක්ෂයේ උපායමාර්ගය බව පෙනෙන්නට තිබේ.
කොංග්‍රස් පක්ෂයේ උදාසීන තත්ත්වය ද ඔවුන්ට මේ අවස්ථාවේ වාසිදායක වී ඇත.

අලුත් උපායමාර්ගය

මේ උපායමාර්ගය සඳහා වන තවත් මාර්ගයක් ලෙස ඔවුහු ඉස්ලාම් සහ හින්දු ආගම් අතර අර්බුදය ඉස්මතු කිරීමට ද උත්සාහ දරමින් සිටිති. රාෂ්ත්‍රීය ස්වායම්සේවක් සංග්හි මේ දිනවල කාර්යභාරය වී ඇත්තේ එයයි. එහි ප්‍රධානී, භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් රාම් මාධව් ඉන්දීය මුස්ලිම් ජනතාව තමන් අදහන කොටස් කිහිපයක් ඉවත් කරගත යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ ද මෙහි ම පියවරක් ලෙස ය.

අන්තවාදී ගමන

බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන නියෝජනය කරන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සෞදි නිදහස් සැමරුම වෙනුවෙන් කොළඹ පැවති උත්සවයකට ආරාධනා ලබා යන්නේත්, එම සංවිධානයේ පිරිස් කිලිනොච්චිය, මන්නාරම වැනි ප්‍රදේශවල පුළුල් ව්‍යාපෘති ආරම්භ කරන්නේත් එක්වරම නොවේ.

ගෝලීය උපක්‍රම

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගෝලීය දේශපාලන උපක්‍රම මතුපිටින් පෙනෙන තරම් සරල හෝ සාධාරණ හෝ නැති බවයි.

කාලයික්කතිර් පුවත්පත වාර්තා කළ පුවත

බටහිර වෙරළ තීරයෙන් තවත් මළසිරුරක් : මැරුණු ඔක්කොම අපි දන්නවා – පොලිසිය

0

කොළඹ, ගෝල්ෆේස් පිටියේ කොඩි කණුව අසල තිබී අද (29) තවත් පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. පොලිසිය පවසන්නේ ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
පසුගිය කාලයේදී ගෝල්ෆේස් අවට බටහිර වෙරළ තීරයෙන් සහ ඒ ආසන්නයෙන් මෙසේ මළ සිරුරු රැසක් සොයාගැනිණි. ඒ පිළිබඳව thetime.lk කළ විමසීමකදී පොලිසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ මෙම සියලු මලසිරුරුවල අනන්‍යතා සොයාගෙන ඇති බවයි. ඒ සියලු පුද්ගලයන්ගේ මරණයට හේතු සොයාගෙන ඇත්දැයි අප කළ විමසීමේදී ඔහු පැවසුවේ ඒ පිළිබඳ නිවැරදි තොරතුරු අදාළ පොලිස් ස්ථානවලින් ලබාගත යුතු බවයි.
එසේ බටහිර වෙරළ තීරයෙන් සහ ඒ ආසන්නයෙන් සොයාගැනුණු මළසිරුරු පිළිබඳ thetime.lk සකස් කළ තොරතුරු එකතුවක් පහත දැක්වේ.

  • ගල්කිස්ස හරස් පටුමගේදී අවුරුදු 28ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් අප්‍රේල් 25 දින සොයාගැනිණි.
  • මැයි 28 දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 38ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • ජූලි 26 දින වැල්ලවත්ත වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 34ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • ජූලි 29 දින ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 19ක් වයසැති පුදගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • අගෝස්තු 01 දින ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩ ගැසූ පිරිමි පුදගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • අගෝස්තු 16 දින රත්මලාන වෙරළ තීරයට ගොඩ ගැසූ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • කළුතර උතුර, කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගැසූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් අගෝස්තු 27 හමු විය.
    මෙසේ එක දිගට මළසිරුරු හමුවීම මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක් වී තිබේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද පොලිසියෙන් තොරතුරු ඉල්ලා තිබිණි.

ලොව විශාලතම ගිනිකන්ද නැවතත් සක්‍රීය වෙයි – ජනතාවට අනතුරු ඇඟවීම්!

0

හවායි දූපත්වල පිහිටා ඇති ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද ලෙස සැලකෙන මවුනා ලෝවා ගිනිකන්ද නැවතත් සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැසිෆික් සාගරයේ ඇමරිකාවට කිලෝමීටර් 2000ක් බටහිර දෙසට වන්නට පිහිටා ඇති හවායි දූපත් සමූහයට අයත් දූපතක පිහිටා ඇති මෙම ගිනිකන්ද අවසන් වරට සක්‍රීය වී ඇත්තේ 1984 වර්ෂයේදී ය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකව වෙනස්විය හැකි බැවින් අදාල ප්‍රෙද්ශය අවට විශාල අළු පතිතවීමක් බලාපොරොත්තුවිය හැකි බවයි.

ගිනිකන්ද සක්‍රීය වීමත් සමග ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූ අතරම අවදානම ‘ඉතා අවදානම්‘ තත්වයක පවතින බවට ප්‍රකාශ කරනු ලැබීය.

මේ වනවිට ගිනිකන්දේ එක් පැත්තකින් ලාවා ගලා බැසීම ආරම්භ වී ඇතත් ඒ ආසන්නයේ පිහිටි හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය අවට අවදානම් කලාපයක් ලෙස තවමත් නම්කර නොමැත.

කෙසේනමුත් ඇතිවිය හැකි තත්වයන් සලකා බලා මෙම දූපත් සමූහය වෙත පැමිණෙන ගුවන් යානා සඳහා විශේෂ දැනුවත් කිරීම් සිදුකර ඇති අතර සවුත්වෙස්ට් ගුවන් සේවය සිය ගමන්වාර ප්‍රමාණය ද සීමාකර තිබේ.

එමෙන්ම ආසන්නයේ පිහිටි හොනලුලූ දූපතේ ජනතාවටද ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස දැනුම් දී තිබෙන බව සැලවේ.

මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රෙද්ශයක් පුරා විහිඳී පවතී.

පාඨකයා පුහුණු කියවන්නෙකු ලෙස පෝෂණය කරන, “හතරමං හංදිය”ක්

0

සඳුන් ප්‍රියංකර විතානගේගේ ‘හතරමං හංදියක වචන’තර’ කියවන අතරෙදි වෙනත් විදෙස් කතුවරයෙකුගේ කතාවකුත් කියවන්න මෑතකදි මට වැඩසැලසුණා. ඒ කියැවීම නිසා මේ ලිවීම ලේසි වුණා. කතුවරයා ගේබ්‍රියෙල් ගර්සියා මාකේස්. ඔහුගේ Strange Pilgrims කෙටිකතා එකතුවේ එන ‘I only came to use the phone’ මැයෙන් යුතු කෙටිකතාව කියවන්න අරන්, ඔලුව කනපිට ගැහුවා වගේ දෙයක් සිද්ධ වුණේ පෙරේදා. කතාව කියවීමෙන් උපන් ශොක් එක ඊළඟ දවස වෙනකම් ම දිග්ගැස්සෙමින් තිබිලා, පහුවෙනිදා ඒකිව්වෙ අද උදේ වෙද්දි කතාවෙ ටෙක්නික්, ගැජමැටික්, එපික් තැන් යන්තම් තේරෙන මට්ටමකට ආවා. කුලියට ගත්ත කාර් එක කාන්තාරයක් ගාවදි කැඩුණු නිසා කාන්තාවක් පිහිටක් හොයන් එතනින් යන බස් එකකට ගොඩවෙනවා. අන්තිමේ ඒ බස් එක මානසික රෝහලකට ඇයව බස්සලා තියෙන්නෙ කියල දැනගද්දි පරක්කු වැඩියි. ඇයට ඕනෙවෙන්නෙ ගෙදරට කෝල් එකක් ගන්න දුරකථනයක් හොයන්න විතරයි. ඇය මානසික රෝගියෙක් කියල හිතන එතන දොස්තරලා ඇයට ඉන්ජෙක්ෂන් ලබා දීලා ඇයව එහි ම තියාගන්නවා. එතැනින් එළියට පැනල එන්න ඇය දඟලන දැඟලිල්ලෙන් වැඩක් වෙන්නෙ නෑ. ජිජැක් කියන “උමඟෙ කෙළවර එළියක් තියෙනව කියල හිතල අපි ගියාට ඒ එන්නෙ (ඔයාවත් කුඩුකරලා දාගෙන යන්න පුලුවන්) කෝච්චියෙ හෙඩ් ලයිට් එකක්” කියල හිතෙන කතාවක් මේ. ලොමුදැහැගැන්වෙන එක පැත්තකින් තිබ්බොත්, කතාවෙ ශිල්පීය ලක්ෂණ මගෙ හිත්ගත්තා.

නවකතාවක් වෙනුවෙන් වෙන වෙහෙස තරමෙම වෙහෙසක් කෙටිකතාවක් වෙනුවෙන් දරන කෙනෙක් මාකේස්. මේක සූක්ෂම කලා මාධ්‍යයක්. ඔහු පට පට ගාලා කතාව කියලා අවසන් කරන්නෙ නෑ, එකදිගට දෙබස් දාලා කතාව පුරවන්නෙ නෑ, අතීත සිද්ධි ටික කියන්නෙ කතාවෙ ම කොටසක් විදියට හොඳින් පණ පිහිටුවලා සැලකිය යුතු බරක් තියමින් පදාස පිටින් එළලා. ඔහුගෙ අනන්‍යතාවය ඒක වෙන්න ඇති. අර කතාවෙ තුන්වෙනි පිටුවට යද්දි ම පීක් එකට ඇවිත්, කියවන්නාගේ භාව කම්පනය(කැතාසිස්)වෙලා ඉවරයි. අන්තිම හරියට එද්දි ආයෙ ම උදම් රළක් වගේ ටුවිස්ට් එකක් ගේන මාකේස් අපිට බලාපොරොත්තු දල්වමින් අර කාන්තාවගේ සැමියව රෝහලට එව්වත්, ඇයව රෝහලෙන් එළියට නොයවන අදිටනින් කතාව ගොතමින් පාඨකයාව පීඩාවට පත්කරනවා. කියෙව්වට පස්සෙ භීතියකින් තක්කු මුක්කු වුණත් කතාවෙ බර දැනෙන්න ගන්නවා. ‘කෙටිකතා කලාව’ කෘතියෙදි ලියනගේ අමරකීර්ති පාඨකයා ඇඳ බැඳ තබාගෙන කතා කීමේ දක්ෂතාවය ගැන කියන තැනදි මාකේස්ගෙ නමත් යොදාගන්නෙ මේ නිසා වෙන්න පුලුවන්.

මාකේස්ගේ කෙටිකතාව කියව්වට පස්සෙ හතරමං හංදියෙ කතාවල ලක්ෂණ වඩාත් පැහැදිලිව පේන මට්ටමට ඔලුව ටියුන් වෙන්නගත්තා. මේ පොතේ කෙටි කතා කිහිපයක් ම ප්‍රබල සුලකුණු සහිතයි. කියෙව්වම අපිට අලුත් මොකක්දෝ හැඟෙනව. ඒ ටෙක්නික් මට වෙනත් කතාවලදි හමුවෙලා තිබුණේ නැහැ. කියැවීමේ සන්තෝසෙන් බඩ පිරෙන, කියැවීමේ බර දැනෙන, එක කතාවක් කියෙව්වම ඒ වේලට ප්‍රමාණවත් බව දැනෙන, මුල් කතාවේ අඩුව පුරවන්න ඊළඟ කතාව කියවන්න වුවමනා නොවෙන, එක ම තැන ඇඹරෙන්නෙ නැතිව සිද්ධි තෝරාබේරගෙන කතාව ඉදිරියට අරන් යන, සිනමැටික් මොහොතවල් මවන, ඇත්තට ම ජීවිතේ අංශුය කියල හිතෙන, මම ප්‍රියකරන ම කතා දෙක ගැන කියන්න දැන් ඉඩදෙන්න. කතා දෙකේ නම,’හද සන්තානේ විඳි සන්තෝසේ’ සහ ‘හෙල්ගාමය හිස් බැල්මක්’. මේ කතා දෙක පොත ම ටෙක්නිකලි එළිය කරනවා කියල මං විශ්වාස කරනවා.

මේ කෙටිකතාකරුවා කාව්‍යමය භාෂාවෙනුත් ශිල්පීය පක්ෂයෙනුත් අත්හදා බැලීම් කරන්න ගන්න උත්සාහයක්, ‘හද සන්තානේ – විඳි සන්තෝසේ’. ගුණදාස අමරසේකරගේ, ලෝරන්ස්ගේ කතන්දර තරම් ප්‍රමාණයෙන් දිග කතාවක් නොවුණත්, කතාවෙ ෆ්ලෝ එක නිරායාසයෙන් වෙලා වගේ දැනෙන කතාවක් මේ. A කියන සිදුවීමෙ ඉඳන් B කියන සිදුවීම ඔස්සේ C කියන සිදුවීමට යන කතුවරයා, අතීතෙ මතක් වුණයි කියල හරි, වෙන දෙයක් නිසා හරි, ආයෙ A සිදුවීම ගැන නිකමටවත් කතාව ඇතුළෙදි කියන්න යන්නෑ. එක මොහොතක් අනෙක් මොහොත එක්ක ලණුදාලා බඳින්නෙ නෑ.ඒවා කේවලයි. ස්වාධීනයි. තනි තනිව නිදහස්වයි හැසිරෙන්නෙ, මිනිස් ජීවිත වගේ. මේ විදියට එක තැන ටැග්ගැහෙන්නෙ නැතිව කතාව ගලායාම කලාත්මක බවක් කතාවට එකතුකරනවා. ඇන්ටන් චෙකොෆ් වරක් සඳහන් කරනව, ‘කතාව පටන්ගද්දි ඉස්තෝප්පු බිත්තියෙ තුවක්කුවක් හේත්තු කරල තියෙනව කියල සඳහන් වුණොත්, කතාව අවසන් වෙන්න කලින් ඒක පත්තුවෙන්න ඕනෙ” කියල. ඔහු ඒක කියන්නෙ කතාවෙ ඒකීය ධාරණාව ගැන කියන්නයි. නමුත් සඳුන්ගෙ මේ කෙටිකතාවෙ ලස්සන තමයි, කතුවරයා චෙකොෆ් කියන විදියට තුවක්කුව පත්තු කරන්න නොයෑම. ඔහු ඒ වෙනුවට කරන්නෙ, තුවක්කුව ගැන කියල, එතනින් තුවක්කුව හේත්තු කරල තිබුණු බිත්තිය ගැන කියල, බිත්තියෙ එල්ලලා තිබුණු පින්තූරේ ගැන කියල, එතනින් පින්තූරෙ හිටි කාන්තාව දාගෙන උන්නු මාලෙ ගැන කියල… මේ විදියට නොනැවතී එක තැන පල් නොවී ඉදිරියට යන එකයි. මේ ක්‍රමය මට කොච්චර ඇල්ලුවද කියනව නම් මටත් කතාවක් මේ විදියට අත් හදා බලන්න හිතුණා.

“හෙල්ගාමය හිස් බැල්මක්” කෙටිකතාව සඳුන් ප්‍රියංකරගේ නම නැතිව වෙන ම කොළයකින් කියවන්න ලැබුණා නම්, හිතෙන්නෙ විදෙස් කෙටිකතාකරුවෙක්ගෙ කතාවක පරිවර්තනයක් කියලා. භාෂාව ක්‍රිස්ටල් ක්ලියර්. දියමන්තියක් වගේ දිස්නෙ දෙන මුවහත්බවකින් යුක්තයි. කියවල ඉවරකරන්න ලෝබකමක් ඇතිවෙන කතාවක්. කතාවේ ඉන්න කාන්තාවගෙ චරිත නිරූපණය කතාව එක්ක ම බද්ධ කරල කියන විදිය සූක්ෂමයි. ඒ වැඩේට කතුවරයා නිපුණයි. කතාව මවලා ගොතලා කියන දෙයක්‍ ය කියල නොතේරෙන තරම්. චරිත විස්තරයට නොයා චරිත නිරූපණයට ඔහු හෙමින් අඩිය තියන්නෙ. සිදුවීම් තෝරගන්න විදිය, ඒවා දිගටම විස්තර කරනවද නැද්ද කියල තීරණය කරන විදිය, අරපරිස්සමින් කතාව ගොතන විදිය, කතාවට දරපු වෙහෙස අපිට පේනවා. මේ කතාවල ජීවිත පණගැහෙන හැටි, ඒ පසුබිම්, පය තියන් ඉන්න බිම ගැන ලංකාවෙ අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

මාර්ටින් වික්‍රමසිංහ මුල්කාලෙ ලිවු කෙටිකතාවල, කතුවරයා ඉස්මතුවී පෙනීම, එනම් වාදකාරයා මතුවීම මේ කෙටිකතා කිහිපයක ම දකින්න ලැබුණු දෙයක්. සඳුන් ප්‍රියංකර විතානගේ අනුදත්, අනුගමන කරන සහ පෙනී සිටින සමාජ දේශපාලන මතවාද සහ දැක්ම, චරිත මගින් මතුවීම ඇතැම්විට පමණ ඉක්මවා සිදුවීමෙන්දෝ නිර්මාණශීලීබව දෙවනුව පැමිණ අර කී දෙයින් උපන් රෙඩිමේඩ් බවක් පළමුව දැනෙන තැන් ද දකින්න පුලුවන්. ‘අබිං’ කෙටිකතාව ලීවේ අබිං කාලාදැයි අසන්නට නොසිතුණා නෙමේ. මගේ අවංක අදහස නම්, ඒ කතාව තව වවන්න, වඩන්න පුලුවන් බවයි. කතුවරයා ලියන්න සමතෙක් නිසා ඒක අපහසු නෑ. ඇතැම් කෙටිකතාවකට දෙකකට කතුවරයාගේ සවි පමණින් බරදීලා නැති බවකුත් දැනුණා. ඒනිසා, ඒ කතාවක් දෙකක් සංස්කරණ කාලයක් ඉල්ලා සිටි කතා ලෙස හඳුන්වන්න පුලුවන්. ඒ හැරුණම ‘මාෂා සහ වලස්සු’ කතාව මට සිංහල කෙටිකතා කලාවේ විකාශනය මතක් කළ කෙටිකතාවක්.

පොදුවේ මේ කෙටිකතා එකතුව සමාජයේ එක් එක් තීරු තව ක්ෂුද්‍ර අණුවලට කඩලා බිඳලා ඒ පොඩි කැබැලිත්තක් ගානෙ අරන් ‘මෙහෙම ඒවත් ලෝකෙ සිද්ධවෙනවා, ඇස් ඇරන් ඉඳපල්ලා’ කියල අපිට පෙන්වන විදියෙ කතා. මේ පොත කියෙව්ව ම, මාව පෝෂණය වුණා නේද, අලුතෙන් ඉගෙනගන්න දෙයක් තිබුණා නේද, හිත පිරුණා නේද කියල මගෙ ඔළුව තාම මට මතක් කරනවා!

දිල්ශානි චතුරිකා දාබරේ

මලික් ගේ කවි පුරාවට කිසියම් අතීත පහසක, සුවඳක දැවටෙන්නට යත්න දැරීමක් දැකිය හැකියි

0

‘සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්’ – මලික් තුසිත ගුණරත්න

කවියක් යනු නෙක දිශාවන්ට විවර වූ කවුළු රැසක් වැන්නකි. එකී කවුළු විවර කරගැනීම පිණස පාඨකයාගේ සමත්කම මත කවියෙහි අර්ථ විවිරණයෙහි දිග පලලද තීරණය වෙයි. ඇතැමෙක් කවියක එක් අරුතක් දැක කවිය මේ යයි කියයි. ඒ අතරම වෙනත් රසිකයෙක් කවියෙහි තමන් දකිනා අරුත එය නොව වෙනකකැයි කියයි. මෙසේ කවිය විවිධ පිවිසුම් වෙත මග විවර කිරීමේදී ඒ අල්ලා ගැනීමට රසිකයා තුළ වන සමත්කම මත කවිය පෙරලා පොදු වින්දන කලාපයකට ඇතුළු වෙයි. කවිය යනු සැබැවින්ම තනි තනිව කියවා විඳීමටත් වඩා සමූහ වශයෙන්ද කියවන නිර්මාණ බවට පත් කරගැනීම සමාජයක හරවත් බවට වැදගත් වෙයි.

මලික්ගේ නව කවි එකතුව කියවන්නට ගත් අවස්ථාවේ මගේ සිත එක්වරම නතරවූ කවියකින් මේ සටහන ඇරඹිය යුතු යයි සිතමි. ඔහු ඒ කවිය නම් කරනුයේ අපේ ඇසුරට පස් වසයි යනුවෙනි. කවිය බෙහෙවින් සරල සේ මතුපිටින් බලන විට හැඟෙයි. එහි ව්‍යංගාර්ථ නැතැයි සිතෙන තරම්ය. සරල දෙබසකි. ඒ දෙබසද වාහනයක යන තුරුණු යුවළකගේය. කථකයා දෙබස සිහිකරයි. එය එක්තරා ආකාරයක ආත්ම වධයකින් ගැලවෙන්නට දරන තැතක් වැනිය. අතීතාවර්ජනයක් හරහා කථකයා තමන් ගැන මෙනෙහි කරයි. දෙදෙනා සහ දෙදෙන අතර වන සම්බන්ධය එහි දිග පලල ගැන මෙනෙහි කරයි. ආදරය, එහි පදනම ආදරයයි. එහෙත් ඒ ආදරයට ඒ අයුරින්ම පවතින්නට හැකිද? ඔවුන් දෙදෙන යනු තම රිස්සක් කල හැකි ජීවීන් දෙදෙනකුද නැතිනම් සමාජයේ විලංගු වලින් ගැලවීගත නොහී එහිම සිරව සිටින්නන්ද?
කවිය ඇරඹෙනුයේ මෙලෙසිනි.

ඕනිමද
ඔයා ඇහුවා
ඇත්තටම ගෙනාවෙ නැද්ද
නෑ.. මංජ එච්චරටම හිතුවෙ නෑ
ඕනිමද ඇත්තට
එයා ආයෙ ඇහුවා
සුදු රිබන් දෙක ඔතාගෙන සිරුරේ
මල් පොකුර පසු අසුන අසුනේ
මට නං නෙවෙයි …. ඒත් අම්මට

කවියා අපට ගෙන එනුයේ විවාහවී මධු සමය ගත කිරීමට යන යුවලකගේ කතාවකි. මනාළිය තීරණාත්මක සුදු රෙදි කඩ ගෙනවිත් නැත. මනාළයා කියන්නේ තමන්ට නොව එය ඇවැසි තම මවට බවකි. එසේ කවියෙහිදී ඔහු වරකාපොලදී කාරය නවතා සුදු රෙදි කඩක් ගෙන එන්නට බස්සවන්නේද සිය මනාලියමය. ඒ ඔෙවුන් දෙදෙනාගේ සම්බන්ධයෙහි තීරණාත්මක හැරවුමකි. ඉන්පසුව යළි ජීවිතය ඇරඹෙනුයේ පරණ පෙම්වතුන් දෙදෙනා අතර නොවේ. එය වෙනමම සම්බන්ධයකි. පස් වසරක පෙමකට පසුවත් ජීවියට බාධා පමුණුවන් පැරණි දම්වැල් සහ ඉන් මහිදෙන්නට ඇති අපහසුව මෙහි බරපතල ලෙස මතු කෙරෙයි. මලික්ගේ කවි අතර මට තදින් දැනුන මේ කවියෙහි විවිධ මානයන් අදත් අපට විවාහ මංගල යෝජනා තීරයන් මෙන්ම දෙයියෝ සාක්කි වැනි විශේෂාංඝ යයි කියනා හෑලි තුළින් දැකිය හැකිය. මලික් ගේ කවිය බෙහෙවින් සංවේදී ලෙස කූටප්‍රාප්තිය කරා එළඹෙයි. එය රසිකයා හට පෙර කී පරිදි විවිධ කවුළුවලින් පිවිසිය හැකි කවියකි.

මලික් ගේ කවි පුරාවටම වාගේ කිසියම් අතීත පහසක, සුවඳක දැවටෙන්නට යත්න දැරීමක්, අහිමි වූ නිමේෂයන් කෙරේ සිත තුළ වන සංකාසහගත වැලපුමක් වැනි යමක් දැකිය හැකිය. ඒ හැඟුම් අතර ඒ ලෙවල් ගුරුතුමිය යනු වෙන ලෙවල් එකක කවියකැයි කිව යුතුය. එය යෞවනය ගැන සියුම් කියවීමකි. උසස් පෙල පංතියක ඉන්නා යොවුනන් හට උපාධිය සමත් වූ අලුත පළමු ගුරු පත්වීම ලැබ එන ගුරුවරියක යනු මල් වෙඩිල්ලකි. දෙපිරිස අතර වන වයස් පරතරයෙහි අඩු බව මෙන්ම දෙපිරිසම පසුවන වයස් සීමාවන් මත මේ ජීවිතයේ වෙනම සුන්දර අවධියකි. ජීවිතයෙහි මේ අත්දැකීම යනු ලෙහෙසියෙන් අමතක කළ නොහැක්කකි. මලික් මතු කරනුයේ ඒ හැඟුම් කලාපයයි. මේ කවිය ව්‍යංගාර්ථවත් නිමවුමකි.

වැසි වැටී ගඟ උතුරපු කාලයකයි
ඇය ආවෙ ඒ ලෙවල් පංතියට
සරසවියෙන් නික්ම පළවෙනි පත්වීම
කෝල ගතියම තමයි හිතේ රත්වීම
පිට්ටනියෙ වෙරළ ගහත්
ඒ කාලෙම වගෙයි මල් වලින් සැරසුනේ

කවියා යෞවන සිතෙහි ඇති චකිතය මුසු සුන්දර පිබිදීම ස්පර්ශ කරයි.

ඒ දිනවල
පාඩම් කරනකොට
වාණිජ පොත මත
වත!

ඔහු එතනින් නතර නොවෙයි. ජීවිතයේ ගමන් තාලය තුළ ඔහු යළි තම පුතු හරහා අතීතය වෙත පියමනියි.

පුතා උගනිද්දී වාණිජ ධාරාව
නම කියූ සැණින් පීදිණි මල් පැලය
නින්දෙන් අවදිවී හෙමිහිට තටුගැසුව
හැඟුම පාවවිත් වැසුවා හද පපුව

කවියා ප්‍රින්සිපල් සර් නම් කවෙහිද මෙය ආසන්නයෙන්ම යන තවත් කලාපයක් වෙත පිවිසෙයි. එහි අපට හමුවන්නේ විදුහල්පතිගේ අවමගුලට යන පලැරණි සිසුවකු තම අතීත පෙමාතුර අත්දැකීමක් සහ ඒ හමුවේ තම දිවිය සසලව යළි රිද්මය අරඹන ආකාරය ගැන මතකාවර්ජනයකි. එහෙත් කථකයා තුළ තවමත් හොල්මන් කරනා අතීත සේයාවන් වරින් වර මතු වෙයි. ඔහු පෙම් බැඳ ඇත්තේ විදුහල්පති දියණියටය. මේ කවිය තුළ මලික් යොවුන් පෙම මෙන්ම ඒ හමුවේ වැඩිහිටියන්ගේ පරිණත බවද විමසන්නට උත්සුක වෙයි.

කෘතියට නම සදන කවියෙහිදීද මලික්ගේ කවියෙහි මා මුලින් කී සංකා සහගත ආපසු හැරී බැලීම මෙන්ම ඒ තුළ වන වියෝගී බවද දැකිය හැකිය.

ඉල් මහ මතක යන කවියද අවධානය යොමු කළ යුත්තකි. ඉල් මහ යනු ලංකාවෙහි දේශපාලනය තුළ බෙහෙවින් වැදගත් මාසයකි. විජේවීර ඝාතනය ඇතුළු අසූව දශකය තුළ මරා දමන ලද තරුණයන් සිහි කීරීම වෙනුවෙන් කැපවෙන ඉල් මාසයේ දේශපාලන අරුත ඝාතනයට එරෙහිවීම සහ නව ලොවකට එරෙහි මර්ධනය වෙනුවෙන් හඬ නැගීම ලෙස ගත හැකිය. එහෙත් කවියා මේ මහතකයන් සමග සිය පුද්ගලික මැමරුම් ද එක් කරයි. ඔහු ඉල් මහ තුළ වෙනම මතක ගබඩාවයක්ද ඇත. ඒ සිය මවගේ අහිමිවීම මෙන්ම විවාහ දිවියට එළඹීම යන්නයි. මේ සතුට සහ දුක දෙකම අත්විඳි මාසයකි. කවියා මේ පුද්ගලික අත්දැකීම් සමග පොදු අත්දැකීම පාස්සයි.

මලික් ගේ කවි තුළ ස්වකීය අත්දැකීම් හරහා පුද්ගල මනස මෙන්ම සමාජ ගතිකයන්ද කියවඹිට තැත් දරන කවියෙක් සිටී. ඔහු සිය කවි අතර ගද්‍ය පාඨයන්ද යොදමින් අත්හදා බැලීමකට උත්සාහ බදරයි. එහෙත් මලික් හට ගද්‍ය පාඨ වෙනුවට කවියම වඩාත් සූක්ෂම කරමින් තම නිර්මාණ වඩාත් දියුණු තලයකට ගෙන ඒමට හැකියාව තිබිණැයි යන්න මගේ පුද්ගලික අදහසයි.
ඔහු මෙසේ කෙටි කවියක් රචනා කරයි.

සමසමාජ
පක්ෂ කාර්යාලය
අභියස
ඔබ, මා
යතුර අහිමිව
නැත, තත්වය ඊටත් වඩා බරපතලය. එය පොදු වමේම යතුර අහිමිවීමක් නොවේදැයි සිතන්නට කාලය අපට බල නොකන්නේද?

චූලානන්ද සමරනායක