බටහිර වෙරළ තීරයෙන් තවත් මළසිරුරක් : මැරුණු ඔක්කොම අපි දන්නවා – පොලිසිය

Share post:

කොළඹ, ගෝල්ෆේස් පිටියේ කොඩි කණුව අසල තිබී අද (29) තවත් පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. පොලිසිය පවසන්නේ ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
පසුගිය කාලයේදී ගෝල්ෆේස් අවට බටහිර වෙරළ තීරයෙන් සහ ඒ ආසන්නයෙන් මෙසේ මළ සිරුරු රැසක් සොයාගැනිණි. ඒ පිළිබඳව thetime.lk කළ විමසීමකදී පොලිසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ මෙම සියලු මලසිරුරුවල අනන්‍යතා සොයාගෙන ඇති බවයි. ඒ සියලු පුද්ගලයන්ගේ මරණයට හේතු සොයාගෙන ඇත්දැයි අප කළ විමසීමේදී ඔහු පැවසුවේ ඒ පිළිබඳ නිවැරදි තොරතුරු අදාළ පොලිස් ස්ථානවලින් ලබාගත යුතු බවයි.
එසේ බටහිර වෙරළ තීරයෙන් සහ ඒ ආසන්නයෙන් සොයාගැනුණු මළසිරුරු පිළිබඳ thetime.lk සකස් කළ තොරතුරු එකතුවක් පහත දැක්වේ.

  • ගල්කිස්ස හරස් පටුමගේදී අවුරුදු 28ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් අප්‍රේල් 25 දින සොයාගැනිණි.
  • මැයි 28 දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 38ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • ජූලි 26 දින වැල්ලවත්ත වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 34ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • ජූලි 29 දින ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 19ක් වයසැති පුදගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • අගෝස්තු 01 දින ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩ ගැසූ පිරිමි පුදගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • අගෝස්තු 16 දින රත්මලාන වෙරළ තීරයට ගොඩ ගැසූ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • කළුතර උතුර, කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගැසූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් අගෝස්තු 27 හමු විය.
    මෙසේ එක දිගට මළසිරුරු හමුවීම මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක් වී තිබේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද පොලිසියෙන් තොරතුරු ඉල්ලා තිබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...