බටහිර වෙරළ තීරයෙන් තවත් මළසිරුරක් : මැරුණු ඔක්කොම අපි දන්නවා – පොලිසිය

Share post:

කොළඹ, ගෝල්ෆේස් පිටියේ කොඩි කණුව අසල තිබී අද (29) තවත් පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. පොලිසිය පවසන්නේ ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
පසුගිය කාලයේදී ගෝල්ෆේස් අවට බටහිර වෙරළ තීරයෙන් සහ ඒ ආසන්නයෙන් මෙසේ මළ සිරුරු රැසක් සොයාගැනිණි. ඒ පිළිබඳව thetime.lk කළ විමසීමකදී පොලිසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ මෙම සියලු මලසිරුරුවල අනන්‍යතා සොයාගෙන ඇති බවයි. ඒ සියලු පුද්ගලයන්ගේ මරණයට හේතු සොයාගෙන ඇත්දැයි අප කළ විමසීමේදී ඔහු පැවසුවේ ඒ පිළිබඳ නිවැරදි තොරතුරු අදාළ පොලිස් ස්ථානවලින් ලබාගත යුතු බවයි.
එසේ බටහිර වෙරළ තීරයෙන් සහ ඒ ආසන්නයෙන් සොයාගැනුණු මළසිරුරු පිළිබඳ thetime.lk සකස් කළ තොරතුරු එකතුවක් පහත දැක්වේ.

  • ගල්කිස්ස හරස් පටුමගේදී අවුරුදු 28ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් අප්‍රේල් 25 දින සොයාගැනිණි.
  • මැයි 28 දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 38ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • ජූලි 26 දින වැල්ලවත්ත වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 34ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • ජූලි 29 දින ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩ ගැසූ අවුරුදු 19ක් වයසැති පුදගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • අගෝස්තු 01 දින ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩ ගැසූ පිරිමි පුදගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • අගෝස්තු 16 දින රත්මලාන වෙරළ තීරයට ගොඩ ගැසූ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු විය.
  • කළුතර උතුර, කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගැසූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් අගෝස්තු 27 හමු විය.
    මෙසේ එක දිගට මළසිරුරු හමුවීම මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක් වී තිබේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද පොලිසියෙන් තොරතුරු ඉල්ලා තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...