ලොව විශාලතම ගිනිකන්ද නැවතත් සක්‍රීය වෙයි – ජනතාවට අනතුරු ඇඟවීම්!

Share post:

හවායි දූපත්වල පිහිටා ඇති ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද ලෙස සැලකෙන මවුනා ලෝවා ගිනිකන්ද නැවතත් සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැසිෆික් සාගරයේ ඇමරිකාවට කිලෝමීටර් 2000ක් බටහිර දෙසට වන්නට පිහිටා ඇති හවායි දූපත් සමූහයට අයත් දූපතක පිහිටා ඇති මෙම ගිනිකන්ද අවසන් වරට සක්‍රීය වී ඇත්තේ 1984 වර්ෂයේදී ය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකව වෙනස්විය හැකි බැවින් අදාල ප්‍රෙද්ශය අවට විශාල අළු පතිතවීමක් බලාපොරොත්තුවිය හැකි බවයි.

ගිනිකන්ද සක්‍රීය වීමත් සමග ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූ අතරම අවදානම ‘ඉතා අවදානම්‘ තත්වයක පවතින බවට ප්‍රකාශ කරනු ලැබීය.

මේ වනවිට ගිනිකන්දේ එක් පැත්තකින් ලාවා ගලා බැසීම ආරම්භ වී ඇතත් ඒ ආසන්නයේ පිහිටි හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය අවට අවදානම් කලාපයක් ලෙස තවමත් නම්කර නොමැත.

කෙසේනමුත් ඇතිවිය හැකි තත්වයන් සලකා බලා මෙම දූපත් සමූහය වෙත පැමිණෙන ගුවන් යානා සඳහා විශේෂ දැනුවත් කිරීම් සිදුකර ඇති අතර සවුත්වෙස්ට් ගුවන් සේවය සිය ගමන්වාර ප්‍රමාණය ද සීමාකර තිබේ.

එමෙන්ම ආසන්නයේ පිහිටි හොනලුලූ දූපතේ ජනතාවටද ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස දැනුම් දී තිබෙන බව සැලවේ.

මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රෙද්ශයක් පුරා විහිඳී පවතී.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...