ලොව විශාලතම ගිනිකන්ද නැවතත් සක්‍රීය වෙයි – ජනතාවට අනතුරු ඇඟවීම්!

Share post:

හවායි දූපත්වල පිහිටා ඇති ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද ලෙස සැලකෙන මවුනා ලෝවා ගිනිකන්ද නැවතත් සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැසිෆික් සාගරයේ ඇමරිකාවට කිලෝමීටර් 2000ක් බටහිර දෙසට වන්නට පිහිටා ඇති හවායි දූපත් සමූහයට අයත් දූපතක පිහිටා ඇති මෙම ගිනිකන්ද අවසන් වරට සක්‍රීය වී ඇත්තේ 1984 වර්ෂයේදී ය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකව වෙනස්විය හැකි බැවින් අදාල ප්‍රෙද්ශය අවට විශාල අළු පතිතවීමක් බලාපොරොත්තුවිය හැකි බවයි.

ගිනිකන්ද සක්‍රීය වීමත් සමග ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූ අතරම අවදානම ‘ඉතා අවදානම්‘ තත්වයක පවතින බවට ප්‍රකාශ කරනු ලැබීය.

මේ වනවිට ගිනිකන්දේ එක් පැත්තකින් ලාවා ගලා බැසීම ආරම්භ වී ඇතත් ඒ ආසන්නයේ පිහිටි හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය අවට අවදානම් කලාපයක් ලෙස තවමත් නම්කර නොමැත.

කෙසේනමුත් ඇතිවිය හැකි තත්වයන් සලකා බලා මෙම දූපත් සමූහය වෙත පැමිණෙන ගුවන් යානා සඳහා විශේෂ දැනුවත් කිරීම් සිදුකර ඇති අතර සවුත්වෙස්ට් ගුවන් සේවය සිය ගමන්වාර ප්‍රමාණය ද සීමාකර තිබේ.

එමෙන්ම ආසන්නයේ පිහිටි හොනලුලූ දූපතේ ජනතාවටද ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස දැනුම් දී තිබෙන බව සැලවේ.

මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රෙද්ශයක් පුරා විහිඳී පවතී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...