මහා බාධක කොරල්පරය ‘විනාශයට පත්වීමේ අවදානම්’ ලැයිස්තුවට

Share post:

ලොව විශාලතම කොරල්පරය ලෙස සැලකෙන මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අධි අවදානමක් ඇති ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කරන ලෙසට යෝජනා ඉදිරිපත්වී තිබේ.

1981 වර්ෂයේදී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම්කරන ලද මහා බාධක කොරල්පරය මෑත කාලීනව සිදුවූ පාරිසරික වෙනස්වීම් නිසා දැඩිලෙස හානියට ලක්වූ නිසාවෙන්, ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකිරීම පසුගිය මාර්තුවේ දී සිදුවිය.

එකී පර්යේෂණය පදනම් කරගෙන නිකුත් කරන ලද වාර්තාවේ ඉතා බරපතල ලෙස පෙන්වා දී ඇත්තේ මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අවදානම සලකා බලා එය එකී ලයිස්තුවට ඇතුලත් කරන ලෙසට ය.

කොරල්පරය පිහිටි සාගර සීමාවේ ජලයේ ගුණාත්මකභාවයේ දැඩි පිරිහීමක් පසුගිය කාලය පුරාම සිදුවීම නිසාවෙන් කොරල් පරය ක්‍රමයෙන් මියයමින් සිටින බව සමුද්‍ර පර්යේෂණ විශේෂඥයින් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මීට කාලයකට පෙර ය. කෙසේ වෙතත් පවතින තත්වය යටතේ එකී සාගර සීමාවේ ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර සඳහා විශේෂ ආයෝජනයන් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.

ඒ නිසා මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අධි අවදානමක් ඇති ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කිරීම තුලින් යුනෙස්කෝවේ සෘජු මැදිහත්වීම එයට ලබාදීම මෙන්ම, එයට පෙරාතුව ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම ඒ සඳහා යොමුකිරීමේ වැදගත්කම මෙම වාර්තාව මගින් ඉස්මතුකර තිබේ.

අවදානම් ලයිස්තුවට දාන්න එපා!

මින් පෙර 2021 වර්ෂයේදී ද යුනෙස්කෝව මගින් මෙම ලෝක උරුමය අවදානම් ලයිස්තුවට ඇතුලත් කිරීමට යෝජනා කළ නමුත් එවකට ඕස්ට්‍රේලියානු රජය එයට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ලෝක උරුම කමිටුව විසින් අදාල යෝජනාව නිශ්ප්‍රභකරන ලදි.

එහෙත් කමිටුව විසින් මහා බාධක කොරල්පරයේ ආරක්ෂාව සහ පැවැත්ම සුරක්ෂිත කරනු පිණිස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පියවර සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධ සවිස්තර වාර්තාවක් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියහ.

වර්ග කිලෝමීටර 2300ක සාගර කලාපයක් පුරා පැතිර ඇති මෙම ලෝක උරුම කොරල්පරය ගෝලීය වශයෙන් වටිනාකමක් ඇති පාරිසරක උරුමයක් ලෙස පිළිගෙන තිබේ. ඒ නිසා එම උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සිදුකරන යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් එම උරුමයේ පැවැත්ම ආරක්ෂා කිරීමට හැකියාව ලැබෙන බව මෙම වාර්තාව ඉදිරිපත්කල විශේෂඥයන්ගේ මතයවී තිබේ.

Reef2050 සැලසුම

2015 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ත රජය විසින් සම්පාදනය කරනු ලැබූ Reef2050 උපක්‍රමික සැලසුම මගින් මෙම ලෝක උරුමයේ පැවැත්ම 2050 වර්සය වනවිට තහවුරු කිරීම ඉලක්කය වී තිබිණි.

ඒ උදෙසා පරිසර දූෂණය වැලැක්වීම, හරිතාගාර ආචරණය පාලනය, සාගර ජලයට අපද්‍රව්‍ය නිකුත් කිරීම පාලනය වැනි ඉතා පුළුල් වැඩ පිළිවෙලක් රජය මගින් යෝජනා කර තිබිණී. ඒ සඳහා රජය මගින් භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කරනු ලැබූ අතර ඒ මගින් Reef2050 වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්ද ආරම්භ කරන ලදි.

කෙසේ නමුත් එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙද්දී පවා මහා බාධක කොරල්පරයේ ආරක්ෂාවට තර්ජන එල්ලවන සාධකවල සැලකිය යුතු අඩුවක් නොපෙන්වන බව නව වාර්තාවෙන් පෙන්වා දී තිබේ. එවැනි වටපිටාවක වඩාත් සුදුසුම පියවර ලෙස මෙකී උරුමය විනාශවීමේ තර්ජනය වැඩි ලයිස්තුවට ඇතුලත් කර ගෝලීය වශයෙන් ආරක්ෂණ යාන්ත්‍රණයකට යා යුතු බව යෝජනාවී තිබේ.

මූලාශ්‍රය සහ ඡායාරූප – theguardian.com

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...