Home Blog Page 198

නඳුන්ගේ – සලිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි මව පියා අභියාචනාධිකරණයට

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙකු ලෙස හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකරුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

මීට පෙර සලිඳු මල්ෂි නොහොත් කුඩු සළිඳු නමින් හඳුන්වන පුද්ගලයාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

තම දරුවාට ද මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම මෙන් ඉරණමක් අත්කරදීමේ සැලසුමක් ඇති බවට දැනගන්නට ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් ය.

නීතියට අනුව ඕනෑම දඬුවමක් සිය දරුවාට ලබාදෙන ලෙසත්, නීතියෙන් බැහැර ව දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත් සළිඳුගේ මව ඉල්ලා ඇත.

සබැඳි පුවත්

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවට : ඝාතනය කිරීමේ සැලසුමක් ගැන මව හෙළි කරයි !

2023 බුකර් ජාත්‍යන්තර ත්‍යාගයේ දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ !!

0

2023 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය ( International Booker Prize ~ 2023 ) සදහා සලකා බලන නවකතාවල දිගු ලැයිස්තුව ( Ling List ) ඊයේ දින ලන්ඩන් නුවර දී බුකර් ත්‍යාග කමිටුව විසින් ප්‍රකාශයට පත්කරන ලදි.

හැදින්වීම ——
2005 දී ආරම්භ කරන ලද මෙම ත්‍යාගය පිරිනමන්නේ”කොමෙන්වෙල්ත්” ( Commonwealth ) සංවිධානයට අයත් රටවල්වල වෙසෙන නවකතාකරුවන් විසින් ඒ ඒ භාෂාවලින් රචිත නවකතා ජාත්‍යන්තර භාෂාව වන ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය වී අයර්ලන්තයේ හෝ එංගලන්තයේ දී ප්‍රකාශයට පත් කරන ලද හොදම නවකතා අතුරෙන් හොදම නවකතාව වෙනුවෙනි. ඊට පෙර ක්‍රියාත්මකවන්නා වූ පිළිගත් ක්‍රමවේදයක් ඇත්තේ ය. එනම් එම ප්‍රකාශයට පත්වන නවකතා අතුරෙන් විශිෂ්ටතම නවකතා දොළහ තෝරා “දිගු ලැයිස්තුව” ( Long List ) වශයෙන් ද ඉන් විශිෂ්ටතම නවකතා හයක් තෝරා “කෙටි ලැයිස්තුව” ( Short List ) වශයෙන් ද ඉක්බිතිව ඉන් විශිෂ්ටතම නවකතාව තෝරා වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය පිරිනමන්නේ ය.
ඒ අනුව මෙවර ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ නවකතා දොළහක් දිගු ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ ය. ඒවා
පිළිවෙළින් මෙසේ ය.

දිගු ලැයිස්තුව ( Long List ) 2023

  1. Boulde
    By Eva Boltasov ( Spain )
  2. Whele
    By Cheon Myeony ( South Korea )

3.The Gospel Accounting to New World
By Movyse Conde ( France )

  1. Standing Heavy
    By Gauz ( ivory cost )

5.Time Shelter
By George Gospodinova ( Bulgaria )

6.Is Mother Dead
By Vigdis Hjorth ( Norwegia )

7.Jimi Hendrix Live in Lviv
By Andrey Kurkov ( Russia )

  1. The Birthday Party
    By Lourent Maurignier ( France )

9.While We Were Dreaming
Clemens Meyer ( Germany )

  1. Pyre
    By Perumal Murugan ( India )

11.A System So Magnificent
it is Blinding
By Amanda Svensson ( Sweden )

12. Ninth Building
Zou Jingzhi ( China )

මෙම දිගු ලැයිස්තුවේ වූ විශේෂතා කෙබඳුද ?

මෙවර ජාත්‍යන්තර බුකර් ත්‍යාගයේ දීගු ලැයිස්තුව විවිධ රටවල්වල ලේඛක ලේඛිකාවන්ගේ නවකතා වලින් විචිත්‍රවත් වී තිබෙන බව පෙනේ. එය ඉතා සුබවාදී ලක්ෂණයකි. එහිලා රුසියානු නවකතාවක් ( Jimi Hendrix Live in Lviv – 2023 ) තේරීම සුවිශේෂී සිද්ධියක් වන්නේ ය . එපමණක්ද නොව මෙහි නවකතා රචනා කළ ලේඛක- ලේඛිකාවන් කීප දෙනෙකුම කවියන් හා නාට්‍ය රචකයන් වීම විශේෂයෙන් සදහන් කරනු වටී. ඔවුන් අතර ස්පාඤ්ඤය ජාතික ලේඛිකා Eva Boltasov ප්‍රකට කිවිදියක් වන අතර ඉන්දිය ලේඛක Perumal Murugan ප්‍රකට කවියකු වන්නේ ය .මෙහි ප්‍රංශ නවකතාකාරණියක වන Movyse Conde ප්‍රකට නාට්‍ය රචිකාවියක වන අතර චීන ලේඛක Zou Jingzhi ප්‍රකට නාට්‍ය රචකයකු ද වන්නේ ය . එසේම පළමුවරට ප්‍රංශ නවකතා දෙකක් දිගු ලැයිස්තුවට ඇතුළත් වී තීබීම විශේෂත්වයකි.

නුදුරු දිනෙක මෙම නවකතාව දොළහ අතුරෙන් හොදම නවකතා හය තෝරා කෙටි ලැයිස්තුව ( Short List ) ද අවසනට ඉන් හොදම නවකතාව තෝරා බුකර් ජාත්‍යන්තර ත්‍යාගය ද පුදනු ඇත.
අපි ඔවුනට මුලු හදවතින්ම සුබ පතමු!

විශේෂ සටහන ——
මෙම ජාතයන්තර බුකර් ත්‍යාගය මෙරට සිංහල භාෂාවෙන් නවකතාකරණයේ යෙදෙන සුවහසක් නවකතාකරුවන් හා නවකතාකාරණියන් පැත්තෙන් බලන කල්හි අතිශයින්ම වැදගත් වන්නේ ය .
ඒ මන්ද ? එනම් ඒ මෙම දිගු ලැයිස්තුවට තේරී පත්ව ඇති නවකතාකරුවන් හා නවකතාකාරණියන් තම මව් භාෂාවෙන් නවකතාකරණයේ නියැලෙන්නෝ වෙති. එනමුත් ඔවුන්ගේ නවකතාව ඒ ඒ රටවල්වල බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රමවත් වැඩපිළිවෙලක් මගින් ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය වී අයර්ලන්තයේ හා එංගලන්තයේ දී ප්‍රකාශයට පත්ව ඇත්තේ ය. එමගින් ඔවුනට ජාත්‍යන්තරය වෙත ප්‍රවිශ්ඨ වීමට අවකාශය හිමිව ඇත්තේ ය. එනමුත් මෙරට අවාසනාව වන්නේ රාජ්‍ය මැදිහත්වීමක් තුළින් එවන් වූ සාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවක් තියා ඒ පිළිබඳව සිතන්නටවත් මෙරට නිසි බලධාරීන් අකමැති වීමයි.එවන් වූ වපසරියක් තුළ මෙරට සිංහල භාෂාවෙන් නවකතාකරණයේ නියැලෙන සුවහසක් නවකතාකරුවන්ට හා නවකතාකාරණියන්ට ජාත්‍යන්තර අවකාශය මෙන්ම එහිලා ජාත්‍යන්තර ත්‍යාගය ද සැබවින්ම සදා සිහිනයක් බවට පත්ව ඇත්තේ ය .

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

“කොමසාරිස්වරු කියන්නේ බොරු” – මානව හිමිකම් කොමිෂන් සභා සේවකයින්ගෙන් බරපතල චෝදනා!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් කිහිප දෙනෙක් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභා සේවක සංගමය දැඩිලෙස විරෝධය පළකර තිබේ. 2023.03.12 දින ‘මව්බිම’ පුවත්පතේ පලවූ ප්‍රධාන පුවතකට අදාලව සිදුකරන ලද ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් මෙලෙස විරෝධය දක්වා තිබේ.

එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව අදාල පුවත්පතෙත් පලකර ඇති ‘මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීම දේශපාලන කුමන්ත්‍රණයක් ද?’ යන පුවතට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි, පූජ්‍ය කළුපහන පියරතන හිමි සහ අනුසුයා ශන්මුගනාදන් විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවයි.

මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව එම ආයතනයේ ප්‍රධානීන් වන්නේ සභාපතිවරයා සහ ලේකම්වරයාය. ඔවුන්ගේ අනුදැනුමකින් තොරව කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් සිදුකරන ලද උක්ත ක්‍රියාව හුදෙක්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ පනත සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සිදුකරන ලද එකක් බව සේවක සංගමය දැඩිසේ අවධාරණයට ලක්කරයි.

ශ්‍රී ලංකාව තුල සිදුවන මානව හිමිකම් කඩවීමක් පිළීබඳ සොයා බැලීමට, ඒ පිළිබඳ විමර්ශණය කිරීමට සහ රජයට උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පූර්ණ බලතල හිමිවේ. එවැනි විමර්ශණයක් සඳහා පුද්ගලයෙකු කොමිෂන් සභාවට කැඳවීම සඳහා අවශ්‍ය නෛතික වටපිටාව 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් සහ පැරිස් මූලධර්ම මගින් කොමිෂන් සභාවට හිමිව ඇත.

එවැනි පසුබිමක එකී කරුණු පිළිබඳ අවබෝධයකින් තොරව අදාල කොමසාරිස්වරුන් සිව්දෙනා සිදුකර ඇති ප්‍රකාශනයන් හුදෙක්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට පවා බරපතල හානියක් බවට සේවක සංගමය සඳහන් කරයි.

පසුගිය දිනක කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ආරක්ෂක අංශ කැඳවා විරෝධතාකරුවන්ට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් කරුණු විමසීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබිණි. එලෙස කැඳවීමට පෙරාතුම කොමිෂන් සභාවේ මාධය ප්‍රකාශකවරයා විසින් අදාල කොමසාරිස්වරුන්ට මේ පිළිබඳව ලිඛිතව දන්වා තිබියදී පවා ඔවුන් එසේ කර නොමැති බවට මාධ්‍යයට ප්‍රකාශ කිරීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට, ගෞරවයට සහ පැවැත්මට බරපතල හානියක් බවට සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම කොමිෂන් සභාවට විමර්ශනයක් සඳහා සිතාසි ප්‍රකාරව පුද්ගලයන් කැඳවීමේ හැකියාව තිබුණද, මෙම විමර්ශණය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යවා ඇත්තේ සිතාසියක් නොව අදාල විමර්ශණය සඳහා වන සාකච්ඡාවකට පැමිණීම සඳහා කරන ලද ඉල්ලීමක් බවත් මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙවැනි කරුණක් සම්බන්ධයෙන් විමසීමේදී මාධ්‍ය ආයතනයක් විසින් අදාල ආයතනයේ ප්‍රධානීන් සම්බන්ධකරගෙන කරුණු විමසනවා වෙනුවට මෙලෙස කොමසාරිස්වරුන් කිහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒවා තහවුරුකර නොගෙන පළකිරීම මගින් මාධ්‍ය සදාචාරද උල්ලංඝනය කර තිබේ.

මෙම ක්‍රියාව මගින් අදාල කොමසාරිස්වරුන් සිව්දෙනා කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් ගනු ලබන ස්වාධීන සහ නිවැරදි තීරණ සම්බන්ධයෙන් ජනතාව තුල වැරදි මතයක් ඇතිකිරීමේ උත්සහයක නිරත වන බවද සේවක සංගමය කරුණු දක්වමින් කියා සිටියි.
1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 03 වැනි වගන්තියට අනුව, එහි කොමසාරිස්වරයෙක් ලෙස පත්වීම සඳහා ‘මානව හිමිකම්වලට අදාල කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් ඇත්තාවූ තැනැත්තන් අතුරින් තෝරාගත යුතුය’ යන්න පැහැදිලිව සඳහන්ව තිබේ. එසේ වුවද මෙම සිදුවීමට සම්බන්ධ කොමසාරිස්වරු අතරින් ඇතමෙක් මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවන් වූවන්, අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වැරදිකරුවන් බවට පත්වූවන් සහ ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා උසස්වීම් ලබාගැනීම් සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූ පුද්ගලයන් බව කොමිෂන් සභා සේව සංගමය විසින් මේ වනවිටත් ව්‍යවස්ථාදායක සභාවට වාර්තාකර ඇති බවද සඳහන් කරයි.

මෙලෙස වගකීම් විරහිතව සහ ආයතනික පනත උල්ලංඝනය කරමින් කටයුතු කරන කොමසාරිස්වරුන් මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සාධාරණයක් ඉටුකරන පුද්ගලයන් නොවන බැවින්ට ඔවුන්ට මානව හිමිකම් කොමිෂන් සභා සේවක සංගමයේ බරපතල විරෝධය දක්වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

උස්බෙකිස්තානය හිටපු ජනාධිපති දියණියගේ මහ පරිමාණ වංචාවක් හෙළිවෙයි : රජය සතු දේපලත් හොරකම් කරලා

උස්බෙකිස්තානයේ ඒකාධිපති පාලකයෙකු වන හිටපු ජනාධිපති ඉස්ලාම් කිරිමොව්ගේ වැඩිමල් දියණිය වන 50 හැවිරිදි ගුල්නාරා කිරිමොව් අමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 240ක වංචාවක් සිදු කර ඇතැයි බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක වාර්තාවක් අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව ඇය විසින් රටවල් 12ක පමණ අති සුඛෝපබෝගි නිවාස මෙන්ම දේපල මිලදී ගැනීම් කර ඇති අතර පුද්ගලික ජෙට් යානයක් පවා මිලදී ගෙන ඇත.

මෙම මිලදී ගැනීම් සඳහා උස්බෙකිස්තාන රජයට අයත් මුදල්ද ඇය විසින් වංචා කර ඇති අතර බොහෝමයක් මුදල් ඇය අල්ලස් සහ දූෂණ මාර්ගයෙන් ඉපයූ ඒවා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ටොම් මේන් පවසන්නේ ගුල්නාරාගේ මෙම වංචාව මෙතෙක් සිදුවූ විශාලතම අල්ලස් හා දූෂණ වලින් එකක් බවයි.

ඇය විසින් මිලදී ගනු ලැබූ ලන්ඩනයේ සහ ඒ අවට දේපල පහක් කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ් අතර බකිංහැම් මාලිගයට බටහිර දෙසින් පිහිටි මහල් නිවාසයක්ද වේ.

කෙසේ වෙතත්, ගුල්නාරා සහ ඇගේ සගයින් ‌එලෙස මිලදී ගත් බව කියන දේපල වලින් කිහිපයක් දැනටමත් විකුණා ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි.

ගුල්නාරාගේ පෙම්වතා වන රුස්ටම් මදුමරෝව් සහ ඇයගේ සගයින් යැයි කියනු ලබන තවත් පිරිසක් මිලදී ගනු ලැබූ දේපල වල “කොටස් කරුවන්” ලෙස ලැයිස්තුගත කර ඇති අතර මේ වනවිට “ඇයට අයත් බැංකු ගිණුම් ගණදෙනු වෙනත් රටවල් විසින් අත්හිටුවා ඇත.

මේ අතර එක්සත් රාජධානිය, රුසියාව , එක්සත් අරාබි එමීර් රාජ්ය්ය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඩුබායි සහ හොංකොං ඇතුළු රටවල් 12 ක ඩොලර් බිලියන 1 කට වැඩි වත්කම් හිමි අපරාධ කණ්ඩායමක කොටස්කාරිනියක ලෙසටද ඇයට චෝදනා එල්ල වේ.

ඇගේ පියා ඉස්ලාම් කිරිමොව් 1989 වසරේ සිට 2016 වසරේ ඔහු මිය යන තුරුම ජනාධිපතිවරයා ලෙස උස්බෙකිස්තානය පාලනය කළේය. ඒකාධිපති පාලකයෙකු ලෙස ප්‍රකට ඔහු ගෙන ගිය පාලනය කාගෙත් දෝශ දර්ශනය ලක්වූයේය.

කෙසේවෙතත් ඉස්ලාම් ජනාධිපතිධුරයේ කටයුතු කළ කාලසීමාවේදී අතිවිශාල මුදලක් වංචා කිරීම හේතුවෙන් තම දියණිය “ගුල්නාරා” නිවාස අඩස්සියේ තැබීමට කටයුතු කළේය.

තම හිතුවක්කාර දියණිය නිවාස අඩස්සියේ කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇයව සිරගත කිරීමටද ජනාධිපති පියා නියෝග කළ අතර, ඇය බන්ධනාගාරයෙන් නිදහස් වූයේ පියාගේ අභාවයෙන් පසුවය.

ගුල්නාරා “ගූගුෂා” යන නාමයෙන් ප්‍රකට පොප් ගායිකාවක් වන අතර ඇය ස්වර්ණාභරණ සමාගමක් පවත්වාගෙන ගිය අතර සහ ස්පාඤ්ඤයේ තානාපති ලෙස කටයුතු කළේය.

ගුවන් යානා ප්‍රමාදයක් : ගුවන් ගමන් පාලකවරුන් වර්ජනයට එක්වෙයි !

දීපව්‍යාප්තව අද (15) ක්‍රියාත්මක වන වර්ජනය හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක් අඩපණ වී තිබේ.

කෙසේ වෙතත් ඉන්ධන සැපයුම අඩාල නොවී සිදුකරමින් පවතින බව බලධාරීහු පවසති.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් තහවුරු කළ බවයි.

ගුවන් ගමන් පාලකවරුන් අද (15) දින ක්‍රියාත්මක වැඩවර්ජනයට සහාය දැක්වීමට මීට ටික වේලාවකට පෙර තීරණය කළේය.

ඒ අනුව ඔවුන් අද (15) පස්වරු 02.00 දක්වා කාලය තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානාවල ප්‍රමාද වීම් සිදු විය හැකි බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා, හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බාධා ඇති නොවන බව ද ඔහු පැවසීය.

මේ අතර අද (15) දින ක්‍රියාත්මක වැඩවර්ජනයෙන් දිවයින පුරා රෝහල් කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ. එසේ ම පාසල් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු ද සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවට : ඝාතනය කිරීමේ සැලසුමක් ගැන මව හෙළි කරයි !

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙකු බවට හැඳින්වෙන නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා සහ සළිඳු මල්ෂිත හෙවත් පානදුරේ සළිඳු නමැත්තා මෙරටට රැගෙන ආ බව පොලිසිය පාර්ශ්වයෙන් තහවුරු කරයි.

අද (15) පෙරවරු 7.20ට පමණ ඔවුන් කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ද සඳහන් කළේය. මෙම සැකකරුවන් මුම්බායේ සිට කටුනායක ගුවන්තොටුපොළට රැගෙන විත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ විශේෂ කණ්ඩායමක් වෙත මෙම සැකකරුවන් බාරදීමට නියමිත බව ද වාර්තා විය.

මේ අතර හරක් කටා නමැත්තා සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබූ සලිඳු මල්ෂි නොහොත් කුඩු සළිඳු නමින් හඳුන්වන පුද්ගලයාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

සිය දරුවාට ද මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම මෙන් ඉරණමක් අත්කරදීමේ සැලසුමක් ඇති බවට දැනගන්නට ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් ය. නීතියට අනුව ඕනෑම දඬුවමක් සිය දරුවාට ලබාදෙන ලෙසත්, නීතියෙන් බැහැර ව දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත් සළිඳුගේ මව ඉල්ලා ඇත.

සිය දරුවා පාසල් අධ්‍යාපනය හොඳින් අවසන් කළ දරුවෙකු බවත්, නරක ඇසුර හේතුවෙන් දරුවා නොමග ගිය බවත් ඔහුගේ මව එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එසේම www.news19.lk වෙබ්අඩවිය සමග අදහස් දක්වමින් එම මව සඳහන් කරන්නේ කුඩු සලිඳු යන අන්වර්ථ නාමය ද ඔහුට ලබාදුන්නේ පොලිසිය විසින් බවයි. එම නිසා තමන් දරුවාගේ ජීවිතය පිළිබඳ දැඩි බියකින් පසුවන බවත්, පොලිසිය අවස්ථා කිහිපයකදී එම අනතුර පිළිබඳ ඉඟි පළකර ඇති බවත් එම මව අදාළ වෙබ්අඩවිය වෙත පවසා ඇත.

වර්ජනය කෘර ලෙස මර්දනය කරන්න : ගිජු ලිහිණි මාධ්‍ය ලේ ඉල්ලයි !

ක්‍රියාත්මක වැඩවර්ජන සම්බන්ධ විවේචන ගොඩනගමින් එම වර්ජකයන් කෘර ලෙස මර්දනය කරන ලෙස DailyMirror පුවත්පත ඉල්ලා සිටී.

විවාදයට ලක්ව තිබෙන බදු සංශෝධනය බලපාන අය හා වර්ජනයට සහයෝගය දෙන අය සංසන්දනය කරමින් DailyMirror පුවත්පතේ ඊයේ (14) දින කතුවැකිය තුළ අපූරු තර්ක ගොඩනගයි.

ප්‍රධාන වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් සහ දේශපාලන පක්ෂ මෙම විරෝධය ගොඩනගන බව කියන කතුවරයා, මේ රටේ ජනතාවට සහන දෙන්නේ රජය අයකරන බදුවලින් බව කියමින් බදු අයකරගැනීමට විරුද්ධ අය එම සහන ප්‍රතික්ෂේප කරන බවට අවලාද නගයි. එසේම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබන ශිෂ්‍යයන් මහත් ඝෝෂා කරමින් ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයට වැයකරන බදු අඩුකරමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමටදැයි කතුවරයා අසයි.

මේ රටේ ජීවත්වන සාමාන්‍ය වැසියන් පවා මේ වන විට ඇතිව තිබෙන ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවන් පාලකයන් බව පිළිගන්නා අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි දනී.

DailyMirror කතුවරයා ඊයේ පෙරේදා උපන් එකකු මෙන් මේ ලියන්නේ ඉංග්‍රීසියෙන් කියවන පාඨකයාට ය. නමුත් පාඨකයන් කතුවරයාට වඩා මේ රටේ ඉතිහාසයේ බදු වංචාකරුවන් කවුරුන්ද යන වගත්, හිටපු ජනාධිපති ගෝඨා ඇතුළු වත්මන් ආණ්ඩුවේ රාජපක්ෂ කල්ලිය ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් බදු සංශෝධන සහ වැරදි ආර්ථික පිළිවෙත් මගින් ආර්ථිකය කාබාසිනියා කළ හැටිත් දනී. සමස්තයක් ලෙස 80 දසකයේ පටන් ම මේ රටේ ආර්ථිකය දක්කාගෙන ගියේ IMF ඇතුළු ලෝක අධිරාජ්‍යවාදයේ නිර්දේශයන් තුළ නවලිබරල්වාදී වැඩපිළිවෙළක බව රහසක් නොවේ. දැන් රනිල් ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ පිළිවෙත වන්නේ එම මාවතේ ම ඉදිරියට යමින් ජනතාව මත බදු පටවමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට ය.

පසුගිය දසකයක කාලය තුළ මේ රටේ බදු වංචා කළ සමාගම්, ධනකුවේරයන් සම්බන්ධ තොරතුරු අනාවරණය කරන්නේද මෙම පුවත්පත්වල ම ය. ආනයන-අපනයන වෙළඳාම තුළින් බිලියන පනස් ගණනක් මෙරටට නොගෙන්වා වංචනිකව ආයෝජනය කරන්නට හෝ තැන්පත් කරන්නට කටයුතු කර ඇත්තේ ශිෂ්‍යයන් හෝ වෘත්තිය සමිති හෝ නොවන බව ද කතුවරයා හොඳින්ම දනී.

මේ හා සමානව කතුවැකිය කොලම සමීපයෙන් පළවන කොලමකින් ‘මාධ්‍යවේදී’ රංග ජයසූරිය කියන්නේ චිලියේ පිනෝචේ, ඉන්දුනීසියාවේ සුහර්තෝ, චීනයේ චියැං කායි ෂෙක් වැනි අපරාධකරුවන් විසින් සිදු කළ ආකාරයට කටයුතු කළ යුතු බව ය.

එම රටවල එම පාලකයන් අනුගමනය කළ කෘර මර්දනය සාධාරණිකරණය කරමින් රංග ජයසූරිය පවසන්නේ එවැනි සංහාරයන්ගෙන් පසුව එම රටවල් දීර්ඝ කාලයක ස්ථාවර පාලනයක් පිහිටුවා ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් බව ය.

මේ නිසා රනිල් වික්‍රමසිංහට ‘මාධ්‍යවේදී රංග’ බලකරන්නේ වර්ජකයන් වලපල්ලට යවා හෝ ඔහුගේ කෘර මර්දනකාරී පාලනයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ සහ වත්මන් රනිල්-රාජපක්ෂ පාලනයත් අනුමත කරමින් ක්‍රියාවට නගා ඇති කප්පාදු ක්‍රියාවලියත් ආරක්ෂා කරගන්නා ලෙස ය.

මේ ආකාරයට ශිෂ්‍ය ව්‍යාපාරයට හා වැඩකරන ජනතාවගේ සාධාරණ අරගලවලට අවලාද නගමින් ඒ ක්‍රියාමාර්ග කෘර ලෙස පොඩිපට්ටම් කරන ලෙස කේවට්ට උපදෙස් දෙන්නට මේ අයට හැකි නම්, අප කියන්නේ ඔවුන් පත්තරකාරයන් නොව, මිනීමරුවන්ට පාන අල්ලන’වුන් බව ය. මේ වන විට ආර්ථික අර්බුදය නිසා ඇති වන ගැටළුවලට මුහුණ දෙන්නට නොහැකිව මිය ගොස් සිටින වැඩිහිටියන් පමණක් නොව, හය හතර නොතේරෙන දරුවන් විරෝධතාවලදී මියගිය’වුන් සියල්ලන්ගේ ම ඝාතකයා, වත්මන් ආර්ථික සමාජ දේශපාලන අර්බුදයට පාර කැපූ පාලකයන් හා ඔවුන් හා කල්ලි ගැසී සිටින ව්‍යාපාරික පැලැන්තියයි.

රනිල්-රාජපක්ෂ ඇතුළු පාලක කල්ලිය මෙන්ම මේ රටේ ධනකුවේර පැලැන්තිය සිදුව ඇති මරණවලට පමණක් නොව, ඉදිරියේදීත් මියයන රෝගීන්, බිළිඳුන් සම්බන්ධ වගකීම බාරගත යුතු ව ඇත. එම පැලැන්තියේ DailyMirror පුවත්පතේ හිමිකාර විජේවර්ධනලා ද සිටී. විජේවර්ධනලාගේ පත්තර අධිරාජ්‍යයේ ‘කටු කන පත්තරකාරයන්’ සිටින බව ඇත්තකි. ඔවුන් මතක තබාගත යුත්තේ තමන් යැපෙන්නේද අයුක්ති සහගත සමාජ ක්‍රමයක නිස්කාරණේ මිය යන හා මරාදමන මිනිසුන්ගේ ලේ මස් මත බව ය. ඉදිරියේ රනිල්-රාජපක්ෂ පාලක කල්ලිය විරුද්ධ මතධාරීන් මර්දනය කරන විට ඊට මේ ගිජුලිහිණි මාධ්‍ය අනුබල දුන් බව ජනතාව මතක තබාගනු ඇත. වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍යයන් මරාදමන ලෙස වක්‍ර ව ලියන්නට මේ ඝාතක පෑන්වලට හැකි නම්, ඒ පෑන්වල ඒ පත්තර පිටුවල ලේ තැවරී ඇති බව කිව හැකිය.

  • චන්දන සිරිමල්වත්ත

(ක්ෂිතිජය සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසත්, ලංකා සහ ජනරළ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙසත් කටයුතු කර ඇති ලියුම්කරු, මාධ්‍ය මර්දනයට සහ ජනමාධ්‍යයට එල්ල වන බලපෑම්වලට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ සෘජු ව පෙනීසිටින්නෙකි.)

හිම සහ පටිච්ච සමුප්පාදය —

0

අධිකය
දරුණු හිම පතනය
වැසී ඇත ලිප්ටන් වටරවුම
සුදෝ සුදුවන් හිමෙන්.

මේ

ඉතා භයානක
ශීත ඍතුවක් ම ය.

උහුලනු බැරිව සීතල
ගල් ගැසී මිය ගොසිනි
තලතුනා පරෙයියන්
මුකවාඩමත් එක්ක ම
ඇස්බැස්ටෝස් පියසි යට.

හිම පතනයෙන් වැසී
අන්ධය ඇස් වාට්ටුව.

පෙරළි පෙරළී
හිම ක්‍රීඩා කරති
හිමවලස්සු
හයිඩ් පිටියෙහි.

පෙරළී තිබේ
ඉබ්බන්වල හංදියෙහි
හිම කන්දක් පාමුල ම
නත්තල් සීයාගේ කරත්තය
උඩුකුරු
ලැම්බෝගිනි රථයක් අද්දර.

පාවෙයි
යෝධ ග්ලැසියර
බේරේ වැවේ බොර දිය පිට.

ලැග සිටිති
සීල් මත්ස්‍යයෝ
කොම්පඤ්ඤ වීදියෙහි
කඩපිල් මත.

ළපලු පත් හැලී ගිය
වෙව්ලනා නිර්වස්ත්‍ර අතු රිකිලි හිරිවැටුණ
වයස්ගත කේඬෑරි වෘක්ෂයෝ ඔත්පල ය
හිම මිදුණ
විහාර මහාදේවී උද්‍යානයෙහි.

හිමෙන් යට වී ඇත
නගර සබා මන්දිරයෙහි
අලංකාර වැසිකිලි පෝච්චි

ලිස්ස ලිස්සා
හිම උඩ ම පලායති
පිනිමුවෝ
ඩීන්ස් පාරෙහි

පෙනෙයි
වහල විතරක්
හිමෙහි ම ගිලුණ
චූන් පාන් රථයක

ආවේ ය
වෙව්ල වෙව්ලා
හුදෙකලා මිනිසෙක්
හිම පොරවක් රැගෙන

බින්දේ ය
ඝන හිම තට්ටු
පහර දී වේගයෙන් හිම පොරවෙන්
පාදා ගත්තේ ය ඔහු
ලිප්ටන් වටරවුම

දුටුවේ ය
ඔහු එවිට
හිම යට ම ගිනියම්ව
රත්වෙවී කැකෑරෙන
දයලෙක්තික භෞතිකවාදය
සහ
පටිච්ච සමුප්පාදය

කුමාර හෙට්ටිආරච්චි

උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….

0

ආසියාවේ බොලිවුඩ් කොලිවුඩ් ප්‍රේක්ෂක පාරිභෝගික තීරුව හොලිවුඩ් වෙළදපළ ඇතුලට ගන්නත් හොලිවුඩ් වෙළදපළට මේ පැත්තේ අනන්‍යතාවක් හදන්නත් එක්ක ”නාටු නාටු” සිංදුවට මේ පාර ඔස්කා එකේ ලොකු තැනක් දුන්නට නම් කමක් නැහැ හැබැයි මම නම් නාටු අහන්නේ නැහැ.

ඒ නිසා මේක හැමෝම ගැන කතාවක් නෙවෙයි මම ගැන කතාවක් විතරක් හැටියට ගන්න.

එහෙම කියන්නේ නාටු අහන ප්‍රේක්ෂක ශ්‍රාවක ප්‍රජාවගේ රසවින්දනය පීචන් කරන්නවත්, මම අහන්නේ වෙනස් ඒවා කියල අනන්‍යතාවක් හදන්නවත් නෙවෙයි. එයාලට ඒක රසවිඳින්න අයිතියක් තියනවා. සහ සමහර වෙලාවට අපිත් 6/8 බයිලා අහනවා. නටනවා. ඒ නිසා එහෙම අවුලක් නැහැ. හැබැයි ඔස්කා ලෙවල් එකේ චිත්‍රපටියක් කිව්වම සහ සිංදුවක් කිව්වම අපේ පොඩි ‘මෙව්වා එකක්’ තිබ්බ. ඒ මෙව්වා එක එන්නේ පොඩි සීරියස් බවක් එක්ක.

ඔය ජනප්‍රියම ජෝන් ට්‍රැවල්ටායි ඔලිවියා නිව්ටන් ජෝනුයි Grease එකේ කියන You’re The One That I Want සිංදුවේ උනත් පොඩි වෙනසක් තිබ්බ ඒ කාලේ හැටියට. සංස්කෘතික වෙනසක්. සංස්කෘතික නිදහසක් වගේ එකක්. ඒ වගේ වෙන්න සිහින මවන ගතියක් වගේ එකක්.

Philadelphia ෆිල්ම් එකේ Street of Philadelphia වගේ සිංදුවක්, Casabalanca එකේ As Time Goes By වගේ, The Graduate එකේ Mrs. Robinson වගේ, Butch Cassidy And The Sundance Kid එකේ Raindrops Keep Fallin’ on My Head වගේ, The Woman in Red එකේ I Just Called To Say I Love You වගේ, Robin Hood එකේ Everything I Do I Do It For You වගේ, Full Metal Jacket එකේ Hello Vietnam සහ Paint It Black වගේ, Forrest Gump එකේ පිහාටු සිංදුව (Feather Song) වගේ හෝ අවම වශයෙන් Once Upon A Time in Hollywood එකේ රෝලින් ස්ටෝන් කියන Out of Time වගේ සිංදු එක්ක තිබ්බම නාටු කියන්නේ අර අපි හැමදාම දකින සාමාන්‍ය වේග රිද්ම දෙමළ (හෝ හින්දි) සිංදුවක් විතරයි.

කොත්තු රොටී කොටන සද්දෙට වැඩිය අමුතු මුකුත් ඒ සිංදුවේ නම් ඇහෙන්නේ නැහැ. හොලිවුඩ් එකේ අපිට සාන්දෘෂ්ටික ගතිය මේ වගේ සිංදුවක නැහැ. හැබැයි දකුණු ඉන්දීය සාන්දෘෂ්ටික බවක් මේකේ සමහර විට ඇති. ඒ නිසා ලොකුවට යමක් කියන්නත් බැහැ.

සිංදුව හදපු කෙනා කියන විදියට නම් මහාරාෂ්ට ප්‍රාන්තයේ තිබ්බ තෙලඟනා ගමේ එයා හැදුනු වැඩුන අමු සහ ගැමි ගතිය තමයි මේ සිංදුවට පාදක වුණා කියන්නේ. ඒ හැදුන වැඩුන ගමේ රිද්මය තමයි මේ සිංදුවේ පවත්වා ගත්ත කියල කියන්නේ. ඒකට එකඟ වෙන්න පුළුවන්. ඒත් මොකක්ද මේ සිංදුවේ තියන අනික් මේ වගේම සිංදු වලින් වෙනස් වන සැළකිය යුතු වෙනස?
හොලිවුඩ් කියන්නේ සිහිනයක්. මේ සිංදුව අරන් එන සිහිනය මොකක්ද? නාටු වගේ වෙන එක ද? නැත්නම් Forrest Gump එකේ ෆොරෙස්ට් වගේ වෙන එක ද? උස් පහත් තැන් පසු කරමින් අනන්තය දක්වා ගමන් කරන පිහාටුවක් වන් පැවැත්මක් අපි Forrest Gump එකේ පිහාටු ගීතය ඇතුලේ දැක්ක.

නිකම් අහන්නකො Eddie Vedder කියන ගායකයා Into the Wild ෆිල්ම් එකට කියන Guaranteed කියන සිංදුව. ඇඟ හිරි වැටෙනවා සමස්ත මිනිස් ශිෂ්ටත්වය ගැනම.

නැටුම් පැත්තෙන් ගත්තොත් මීට වඩා හොඳට නටන සිංදු තියනවා ප්‍රභුදේවා ඉන්න. විජේ ඉන්න. අනේ මං දන්නේ නැහැ දැන් දැන් හොලිවුඩ් ටේස්ට් එක. කමක් නැහැ අපිට වැඩිය සිංදු අහල තියෙන උං වෙන්න ඇතිනේ ඕවයේ ඉන්නේ.
මොඩ් හොලිවුඩ් උඹල නාටු අහපල්ලා. මම පරණ රෝලින් ස්ටෝන්, බ්රුස් ස්ප්‍රින්ටීන්, සයිමන් සහ ගාෆන්කල් අහන්නම් පරණ විදියට.
ආයිත් කියන්නේ උඹල පලයල්ලා. අපි නවතින්නම්.
(මේ සිංදුවේ ෆොටෝ එකක් බිත්තියේ අලවන්නෙත් ෆිට් එකේ නෙවෙයි. සොරි).

Guaranteed soundtrack by Eddie Vedder for the movie Into the Wild (2007).

මහේෂ් හපුගොඩ

ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරුවන් වර්ජනයකට : කාර්‍ය මණ්ඩල නිවාඩු අවලංගුයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (මාර්තු 14) දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ සඳහන් කළේ, දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බවය.

ඒ් අනුව මාර්තු 15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සාමාන්‍යාධිකාරියා සියලු අංශවල ප්‍රධානීන් වෙත දන්වා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 27 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස මෙය ප්‍රකාශයට පත්කර තිබේ.

සාමාන්‍යාධිකාරීවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ වෘත්තීය සමිතිය විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සිය සේවා වලින් ඉවත් වීමට ගනු ලැබූ තීරණයත් සමගය.

ආසාධාරණ බදු අය කිරීම්, වැඩිවන ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ඔවුන් මීට පෙර මාධ්‍ය වෙත පවසා තිබිණි.