ගුවන් යානා ප්‍රමාදයක් : ගුවන් ගමන් පාලකවරුන් වර්ජනයට එක්වෙයි !

Share post:

දීපව්‍යාප්තව අද (15) ක්‍රියාත්මක වන වර්ජනය හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක් අඩපණ වී තිබේ.

කෙසේ වෙතත් ඉන්ධන සැපයුම අඩාල නොවී සිදුකරමින් පවතින බව බලධාරීහු පවසති.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් තහවුරු කළ බවයි.

ගුවන් ගමන් පාලකවරුන් අද (15) දින ක්‍රියාත්මක වැඩවර්ජනයට සහාය දැක්වීමට මීට ටික වේලාවකට පෙර තීරණය කළේය.

ඒ අනුව ඔවුන් අද (15) පස්වරු 02.00 දක්වා කාලය තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානාවල ප්‍රමාද වීම් සිදු විය හැකි බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා, හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බාධා ඇති නොවන බව ද ඔහු පැවසීය.

මේ අතර අද (15) දින ක්‍රියාත්මක වැඩවර්ජනයෙන් දිවයින පුරා රෝහල් කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ. එසේ ම පාසල් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු ද සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...