උස්බෙකිස්තානය හිටපු ජනාධිපති දියණියගේ මහ පරිමාණ වංචාවක් හෙළිවෙයි : රජය සතු දේපලත් හොරකම් කරලා

Share post:

උස්බෙකිස්තානයේ ඒකාධිපති පාලකයෙකු වන හිටපු ජනාධිපති ඉස්ලාම් කිරිමොව්ගේ වැඩිමල් දියණිය වන 50 හැවිරිදි ගුල්නාරා කිරිමොව් අමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 240ක වංචාවක් සිදු කර ඇතැයි බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක වාර්තාවක් අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව ඇය විසින් රටවල් 12ක පමණ අති සුඛෝපබෝගි නිවාස මෙන්ම දේපල මිලදී ගැනීම් කර ඇති අතර පුද්ගලික ජෙට් යානයක් පවා මිලදී ගෙන ඇත.

මෙම මිලදී ගැනීම් සඳහා උස්බෙකිස්තාන රජයට අයත් මුදල්ද ඇය විසින් වංචා කර ඇති අතර බොහෝමයක් මුදල් ඇය අල්ලස් සහ දූෂණ මාර්ගයෙන් ඉපයූ ඒවා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ටොම් මේන් පවසන්නේ ගුල්නාරාගේ මෙම වංචාව මෙතෙක් සිදුවූ විශාලතම අල්ලස් හා දූෂණ වලින් එකක් බවයි.

ඇය විසින් මිලදී ගනු ලැබූ ලන්ඩනයේ සහ ඒ අවට දේපල පහක් කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ් අතර බකිංහැම් මාලිගයට බටහිර දෙසින් පිහිටි මහල් නිවාසයක්ද වේ.

කෙසේ වෙතත්, ගුල්නාරා සහ ඇගේ සගයින් ‌එලෙස මිලදී ගත් බව කියන දේපල වලින් කිහිපයක් දැනටමත් විකුණා ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි.

ගුල්නාරාගේ පෙම්වතා වන රුස්ටම් මදුමරෝව් සහ ඇයගේ සගයින් යැයි කියනු ලබන තවත් පිරිසක් මිලදී ගනු ලැබූ දේපල වල “කොටස් කරුවන්” ලෙස ලැයිස්තුගත කර ඇති අතර මේ වනවිට “ඇයට අයත් බැංකු ගිණුම් ගණදෙනු වෙනත් රටවල් විසින් අත්හිටුවා ඇත.

මේ අතර එක්සත් රාජධානිය, රුසියාව , එක්සත් අරාබි එමීර් රාජ්ය්ය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඩුබායි සහ හොංකොං ඇතුළු රටවල් 12 ක ඩොලර් බිලියන 1 කට වැඩි වත්කම් හිමි අපරාධ කණ්ඩායමක කොටස්කාරිනියක ලෙසටද ඇයට චෝදනා එල්ල වේ.

ඇගේ පියා ඉස්ලාම් කිරිමොව් 1989 වසරේ සිට 2016 වසරේ ඔහු මිය යන තුරුම ජනාධිපතිවරයා ලෙස උස්බෙකිස්තානය පාලනය කළේය. ඒකාධිපති පාලකයෙකු ලෙස ප්‍රකට ඔහු ගෙන ගිය පාලනය කාගෙත් දෝශ දර්ශනය ලක්වූයේය.

කෙසේවෙතත් ඉස්ලාම් ජනාධිපතිධුරයේ කටයුතු කළ කාලසීමාවේදී අතිවිශාල මුදලක් වංචා කිරීම හේතුවෙන් තම දියණිය “ගුල්නාරා” නිවාස අඩස්සියේ තැබීමට කටයුතු කළේය.

තම හිතුවක්කාර දියණිය නිවාස අඩස්සියේ කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇයව සිරගත කිරීමටද ජනාධිපති පියා නියෝග කළ අතර, ඇය බන්ධනාගාරයෙන් නිදහස් වූයේ පියාගේ අභාවයෙන් පසුවය.

ගුල්නාරා “ගූගුෂා” යන නාමයෙන් ප්‍රකට පොප් ගායිකාවක් වන අතර ඇය ස්වර්ණාභරණ සමාගමක් පවත්වාගෙන ගිය අතර සහ ස්පාඤ්ඤයේ තානාපති ලෙස කටයුතු කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...