උස්බෙකිස්තානය හිටපු ජනාධිපති දියණියගේ මහ පරිමාණ වංචාවක් හෙළිවෙයි : රජය සතු දේපලත් හොරකම් කරලා

Share post:

උස්බෙකිස්තානයේ ඒකාධිපති පාලකයෙකු වන හිටපු ජනාධිපති ඉස්ලාම් කිරිමොව්ගේ වැඩිමල් දියණිය වන 50 හැවිරිදි ගුල්නාරා කිරිමොව් අමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 240ක වංචාවක් සිදු කර ඇතැයි බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක වාර්තාවක් අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව ඇය විසින් රටවල් 12ක පමණ අති සුඛෝපබෝගි නිවාස මෙන්ම දේපල මිලදී ගැනීම් කර ඇති අතර පුද්ගලික ජෙට් යානයක් පවා මිලදී ගෙන ඇත.

මෙම මිලදී ගැනීම් සඳහා උස්බෙකිස්තාන රජයට අයත් මුදල්ද ඇය විසින් වංචා කර ඇති අතර බොහෝමයක් මුදල් ඇය අල්ලස් සහ දූෂණ මාර්ගයෙන් ඉපයූ ඒවා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ටොම් මේන් පවසන්නේ ගුල්නාරාගේ මෙම වංචාව මෙතෙක් සිදුවූ විශාලතම අල්ලස් හා දූෂණ වලින් එකක් බවයි.

ඇය විසින් මිලදී ගනු ලැබූ ලන්ඩනයේ සහ ඒ අවට දේපල පහක් කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ් අතර බකිංහැම් මාලිගයට බටහිර දෙසින් පිහිටි මහල් නිවාසයක්ද වේ.

කෙසේ වෙතත්, ගුල්නාරා සහ ඇගේ සගයින් ‌එලෙස මිලදී ගත් බව කියන දේපල වලින් කිහිපයක් දැනටමත් විකුණා ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි.

ගුල්නාරාගේ පෙම්වතා වන රුස්ටම් මදුමරෝව් සහ ඇයගේ සගයින් යැයි කියනු ලබන තවත් පිරිසක් මිලදී ගනු ලැබූ දේපල වල “කොටස් කරුවන්” ලෙස ලැයිස්තුගත කර ඇති අතර මේ වනවිට “ඇයට අයත් බැංකු ගිණුම් ගණදෙනු වෙනත් රටවල් විසින් අත්හිටුවා ඇත.

මේ අතර එක්සත් රාජධානිය, රුසියාව , එක්සත් අරාබි එමීර් රාජ්ය්ය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඩුබායි සහ හොංකොං ඇතුළු රටවල් 12 ක ඩොලර් බිලියන 1 කට වැඩි වත්කම් හිමි අපරාධ කණ්ඩායමක කොටස්කාරිනියක ලෙසටද ඇයට චෝදනා එල්ල වේ.

ඇගේ පියා ඉස්ලාම් කිරිමොව් 1989 වසරේ සිට 2016 වසරේ ඔහු මිය යන තුරුම ජනාධිපතිවරයා ලෙස උස්බෙකිස්තානය පාලනය කළේය. ඒකාධිපති පාලකයෙකු ලෙස ප්‍රකට ඔහු ගෙන ගිය පාලනය කාගෙත් දෝශ දර්ශනය ලක්වූයේය.

කෙසේවෙතත් ඉස්ලාම් ජනාධිපතිධුරයේ කටයුතු කළ කාලසීමාවේදී අතිවිශාල මුදලක් වංචා කිරීම හේතුවෙන් තම දියණිය “ගුල්නාරා” නිවාස අඩස්සියේ තැබීමට කටයුතු කළේය.

තම හිතුවක්කාර දියණිය නිවාස අඩස්සියේ කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇයව සිරගත කිරීමටද ජනාධිපති පියා නියෝග කළ අතර, ඇය බන්ධනාගාරයෙන් නිදහස් වූයේ පියාගේ අභාවයෙන් පසුවය.

ගුල්නාරා “ගූගුෂා” යන නාමයෙන් ප්‍රකට පොප් ගායිකාවක් වන අතර ඇය ස්වර්ණාභරණ සමාගමක් පවත්වාගෙන ගිය අතර සහ ස්පාඤ්ඤයේ තානාපති ලෙස කටයුතු කළේය.

Related articles

වැටුපට සිරගතවූවෙකුගේ මතකය පහුරුගෑම හෙවත්, සිරකරුවා දෙස යතුරු හිලකින් බැලීමට බලකිරීම

මො.ල. සෙනවිරත්නගේ “සිපීර්” කියපන් මටඅහන්නම් මමබැනපන් මටඅහන්නම් මමගහපන් මටවිඳින්නම් මමමරපන් මමමැරෙන්නම් මමකොඳුරන්න එපා මටමුමුණන්න එපා මටඉවසන්න බෑ මට එක්තරා නත්තල්...

චෝදනා කළ කොමිසමත් එක්ක වැඩ බලන පොලිස්පති හවුලකට යයි : ශානි අධීක්ෂණයට ෆ්‍රයිඩ් රයිස් වෝටර් මෙලන් – අනුර ඊළඟට මොනවා කරයිද ?

ආන්දෝලනයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අධ්‍යක්ෂ ධුරය දරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති...

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය...

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva...