“කොමසාරිස්වරු කියන්නේ බොරු” – මානව හිමිකම් කොමිෂන් සභා සේවකයින්ගෙන් බරපතල චෝදනා!

Share post:

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් කිහිප දෙනෙක් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභා සේවක සංගමය දැඩිලෙස විරෝධය පළකර තිබේ. 2023.03.12 දින ‘මව්බිම’ පුවත්පතේ පලවූ ප්‍රධාන පුවතකට අදාලව සිදුකරන ලද ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් මෙලෙස විරෝධය දක්වා තිබේ.

එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව අදාල පුවත්පතෙත් පලකර ඇති ‘මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීම දේශපාලන කුමන්ත්‍රණයක් ද?’ යන පුවතට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි, පූජ්‍ය කළුපහන පියරතන හිමි සහ අනුසුයා ශන්මුගනාදන් විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවයි.

මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව එම ආයතනයේ ප්‍රධානීන් වන්නේ සභාපතිවරයා සහ ලේකම්වරයාය. ඔවුන්ගේ අනුදැනුමකින් තොරව කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් සිදුකරන ලද උක්ත ක්‍රියාව හුදෙක්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ පනත සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සිදුකරන ලද එකක් බව සේවක සංගමය දැඩිසේ අවධාරණයට ලක්කරයි.

ශ්‍රී ලංකාව තුල සිදුවන මානව හිමිකම් කඩවීමක් පිළීබඳ සොයා බැලීමට, ඒ පිළිබඳ විමර්ශණය කිරීමට සහ රජයට උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පූර්ණ බලතල හිමිවේ. එවැනි විමර්ශණයක් සඳහා පුද්ගලයෙකු කොමිෂන් සභාවට කැඳවීම සඳහා අවශ්‍ය නෛතික වටපිටාව 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් සහ පැරිස් මූලධර්ම මගින් කොමිෂන් සභාවට හිමිව ඇත.

එවැනි පසුබිමක එකී කරුණු පිළිබඳ අවබෝධයකින් තොරව අදාල කොමසාරිස්වරුන් සිව්දෙනා සිදුකර ඇති ප්‍රකාශනයන් හුදෙක්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට පවා බරපතල හානියක් බවට සේවක සංගමය සඳහන් කරයි.

පසුගිය දිනක කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ආරක්ෂක අංශ කැඳවා විරෝධතාකරුවන්ට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් කරුණු විමසීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබිණි. එලෙස කැඳවීමට පෙරාතුම කොමිෂන් සභාවේ මාධය ප්‍රකාශකවරයා විසින් අදාල කොමසාරිස්වරුන්ට මේ පිළිබඳව ලිඛිතව දන්වා තිබියදී පවා ඔවුන් එසේ කර නොමැති බවට මාධ්‍යයට ප්‍රකාශ කිරීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට, ගෞරවයට සහ පැවැත්මට බරපතල හානියක් බවට සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම කොමිෂන් සභාවට විමර්ශනයක් සඳහා සිතාසි ප්‍රකාරව පුද්ගලයන් කැඳවීමේ හැකියාව තිබුණද, මෙම විමර්ශණය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යවා ඇත්තේ සිතාසියක් නොව අදාල විමර්ශණය සඳහා වන සාකච්ඡාවකට පැමිණීම සඳහා කරන ලද ඉල්ලීමක් බවත් මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙවැනි කරුණක් සම්බන්ධයෙන් විමසීමේදී මාධ්‍ය ආයතනයක් විසින් අදාල ආයතනයේ ප්‍රධානීන් සම්බන්ධකරගෙන කරුණු විමසනවා වෙනුවට මෙලෙස කොමසාරිස්වරුන් කිහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒවා තහවුරුකර නොගෙන පළකිරීම මගින් මාධ්‍ය සදාචාරද උල්ලංඝනය කර තිබේ.

මෙම ක්‍රියාව මගින් අදාල කොමසාරිස්වරුන් සිව්දෙනා කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් ගනු ලබන ස්වාධීන සහ නිවැරදි තීරණ සම්බන්ධයෙන් ජනතාව තුල වැරදි මතයක් ඇතිකිරීමේ උත්සහයක නිරත වන බවද සේවක සංගමය කරුණු දක්වමින් කියා සිටියි.
1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 03 වැනි වගන්තියට අනුව, එහි කොමසාරිස්වරයෙක් ලෙස පත්වීම සඳහා ‘මානව හිමිකම්වලට අදාල කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් ඇත්තාවූ තැනැත්තන් අතුරින් තෝරාගත යුතුය’ යන්න පැහැදිලිව සඳහන්ව තිබේ. එසේ වුවද මෙම සිදුවීමට සම්බන්ධ කොමසාරිස්වරු අතරින් ඇතමෙක් මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවන් වූවන්, අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වැරදිකරුවන් බවට පත්වූවන් සහ ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා උසස්වීම් ලබාගැනීම් සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූ පුද්ගලයන් බව කොමිෂන් සභා සේව සංගමය විසින් මේ වනවිටත් ව්‍යවස්ථාදායක සභාවට වාර්තාකර ඇති බවද සඳහන් කරයි.

මෙලෙස වගකීම් විරහිතව සහ ආයතනික පනත උල්ලංඝනය කරමින් කටයුතු කරන කොමසාරිස්වරුන් මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සාධාරණයක් ඉටුකරන පුද්ගලයන් නොවන බැවින්ට ඔවුන්ට මානව හිමිකම් කොමිෂන් සභා සේවක සංගමයේ බරපතල විරෝධය දක්වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

නිලන්ත ජයවර්ධන විසින් රවී සෙනෙවිරත්නට යැවූ බව කියන ‘අති රහස්‍යයි’ ලියුම මෙන්න !

ප්‍රහාරයට දින 12යි / සැකකරුවන් සිව්දෙනයි - ඔවුන් ගැනත් ඇත්තේ පරණ තොරතුරු සැකකරුවන්ගේ යාවත්කාලීන ක්‍රියාකාරකම් හෝ සැරිසැරුම් ගැන කිසිවක්...

බුද්ධි තොරතුරෙන් පසු ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය පියවර ගත්තා – අදත් රැස්වුණා : වැඩ බලන පොලිස්පති ආරුගම්බේ ගැන කතා කරයි !

ආරුගම්බේ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබීමෙන් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වී කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කළ බවත්, අද...

‘යාපනයෙන් පිට ඕනෙ තැනක හා’ : ලලිත් – කුගන් නඩුවෙන් මගහරින්නට කිසිවක් නැති වූ විට ගෝඨාභය දුන් උත්තරය !

දේශපාලන සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

SLIIT සිය 25 වන සංවත්සර සැමරුම සඳහා සංවත්සර ලාංඡනයක් එළිදක්වමින්, වසරේ වැඩසටහන් පෙළගැස්ම ඉදිරිපත් කරයි !

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම වූ විශිෂ්ටත්වයක් සමගින් දශක දෙකකට වැඩි ජයග්‍රහණ රැසක සුවිශේෂී වූ සන්ධිස්ථානයක් කරා ලඟා වීමේ...