මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවට : ඝාතනය කිරීමේ සැලසුමක් ගැන මව හෙළි කරයි !

Share post:

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙකු බවට හැඳින්වෙන නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා සහ සළිඳු මල්ෂිත හෙවත් පානදුරේ සළිඳු නමැත්තා මෙරටට රැගෙන ආ බව පොලිසිය පාර්ශ්වයෙන් තහවුරු කරයි.

අද (15) පෙරවරු 7.20ට පමණ ඔවුන් කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ද සඳහන් කළේය. මෙම සැකකරුවන් මුම්බායේ සිට කටුනායක ගුවන්තොටුපොළට රැගෙන විත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ විශේෂ කණ්ඩායමක් වෙත මෙම සැකකරුවන් බාරදීමට නියමිත බව ද වාර්තා විය.

මේ අතර හරක් කටා නමැත්තා සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබූ සලිඳු මල්ෂි නොහොත් කුඩු සළිඳු නමින් හඳුන්වන පුද්ගලයාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

සිය දරුවාට ද මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම මෙන් ඉරණමක් අත්කරදීමේ සැලසුමක් ඇති බවට දැනගන්නට ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් ය. නීතියට අනුව ඕනෑම දඬුවමක් සිය දරුවාට ලබාදෙන ලෙසත්, නීතියෙන් බැහැර ව දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත් සළිඳුගේ මව ඉල්ලා ඇත.

සිය දරුවා පාසල් අධ්‍යාපනය හොඳින් අවසන් කළ දරුවෙකු බවත්, නරක ඇසුර හේතුවෙන් දරුවා නොමග ගිය බවත් ඔහුගේ මව එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එසේම www.news19.lk වෙබ්අඩවිය සමග අදහස් දක්වමින් එම මව සඳහන් කරන්නේ කුඩු සලිඳු යන අන්වර්ථ නාමය ද ඔහුට ලබාදුන්නේ පොලිසිය විසින් බවයි. එම නිසා තමන් දරුවාගේ ජීවිතය පිළිබඳ දැඩි බියකින් පසුවන බවත්, පොලිසිය අවස්ථා කිහිපයකදී එම අනතුර පිළිබඳ ඉඟි පළකර ඇති බවත් එම මව අදාළ වෙබ්අඩවිය වෙත පවසා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...