මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවට : ඝාතනය කිරීමේ සැලසුමක් ගැන මව හෙළි කරයි !

Share post:

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙකු බවට හැඳින්වෙන නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා සහ සළිඳු මල්ෂිත හෙවත් පානදුරේ සළිඳු නමැත්තා මෙරටට රැගෙන ආ බව පොලිසිය පාර්ශ්වයෙන් තහවුරු කරයි.

අද (15) පෙරවරු 7.20ට පමණ ඔවුන් කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ද සඳහන් කළේය. මෙම සැකකරුවන් මුම්බායේ සිට කටුනායක ගුවන්තොටුපොළට රැගෙන විත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ විශේෂ කණ්ඩායමක් වෙත මෙම සැකකරුවන් බාරදීමට නියමිත බව ද වාර්තා විය.

මේ අතර හරක් කටා නමැත්තා සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබූ සලිඳු මල්ෂි නොහොත් කුඩු සළිඳු නමින් හඳුන්වන පුද්ගලයාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

සිය දරුවාට ද මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම මෙන් ඉරණමක් අත්කරදීමේ සැලසුමක් ඇති බවට දැනගන්නට ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් ය. නීතියට අනුව ඕනෑම දඬුවමක් සිය දරුවාට ලබාදෙන ලෙසත්, නීතියෙන් බැහැර ව දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත් සළිඳුගේ මව ඉල්ලා ඇත.

සිය දරුවා පාසල් අධ්‍යාපනය හොඳින් අවසන් කළ දරුවෙකු බවත්, නරක ඇසුර හේතුවෙන් දරුවා නොමග ගිය බවත් ඔහුගේ මව එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එසේම www.news19.lk වෙබ්අඩවිය සමග අදහස් දක්වමින් එම මව සඳහන් කරන්නේ කුඩු සලිඳු යන අන්වර්ථ නාමය ද ඔහුට ලබාදුන්නේ පොලිසිය විසින් බවයි. එම නිසා තමන් දරුවාගේ ජීවිතය පිළිබඳ දැඩි බියකින් පසුවන බවත්, පොලිසිය අවස්ථා කිහිපයකදී එම අනතුර පිළිබඳ ඉඟි පළකර ඇති බවත් එම මව අදාළ වෙබ්අඩවිය වෙත පවසා ඇත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...