ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරුවන් වර්ජනයකට : කාර්‍ය මණ්ඩල නිවාඩු අවලංගුයි

Share post:

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (මාර්තු 14) දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ සඳහන් කළේ, දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බවය.

ඒ් අනුව මාර්තු 15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සාමාන්‍යාධිකාරියා සියලු අංශවල ප්‍රධානීන් වෙත දන්වා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 27 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස මෙය ප්‍රකාශයට පත්කර තිබේ.

සාමාන්‍යාධිකාරීවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ වෘත්තීය සමිතිය විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සිය සේවා වලින් ඉවත් වීමට ගනු ලැබූ තීරණයත් සමගය.

ආසාධාරණ බදු අය කිරීම්, වැඩිවන ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ඔවුන් මීට පෙර මාධ්‍ය වෙත පවසා තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...