නඳුන්ගේ – සලිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි මව පියා අභියාචනාධිකරණයට

Share post:

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙකු ලෙස හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකරුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

මීට පෙර සලිඳු මල්ෂි නොහොත් කුඩු සළිඳු නමින් හඳුන්වන පුද්ගලයාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

තම දරුවාට ද මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම මෙන් ඉරණමක් අත්කරදීමේ සැලසුමක් ඇති බවට දැනගන්නට ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් ය.

නීතියට අනුව ඕනෑම දඬුවමක් සිය දරුවාට ලබාදෙන ලෙසත්, නීතියෙන් බැහැර ව දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙසත් සළිඳුගේ මව ඉල්ලා ඇත.

සබැඳි පුවත්

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවට : ඝාතනය කිරීමේ සැලසුමක් ගැන මව හෙළි කරයි !

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...