ඉම්රාන් හිතවාදීන්ගේ නඩු හමුදා අධිකරණයේ විභාග කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

Share post:

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග රට පුරා පැවති විරෝධතාවලදී හමුදා ස්ථාන වලට පහර දුන් බවට චෝදනා ලැබ සිටින සැකකරුවන් හමුදා අධිකරණයට ඉදිරිපත් කරන බව පාකිස්තාන රජය සහ හමුදාව පවසා තිබේ.

නීතිඥ නියෝජනයක් නොමැති, විවෘත නඩු විභාග නොමැති හමුදා අධිකරණවල සිවිල් නඩු විභාග කිරීම මූලික මානව අයිතිවාසිකම්වලට පටහැනි බව විවිධ සිවිල් සහ මානව හිමිකම් සංවිධාන චෝදනා පෙන්වාදෙයි.

එලෙස හමුදා අධිකරණය මගින් සිවිල් වැසියන්ගේ නඩු විභාග කිරීම අභියෝගයට ලක් කරමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබිණි.

ඒ අනුව අගවිනිසුරු උමාර් අතා බන්ඩියල් ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම පෙත්සම් විභාගය සිදු කිරීමට පියවර ගත්තේය.

පසුගිය මැයි 9 වනදා එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග එරට බොහෝ ප්‍රදේශවල කෝලාහල ඇතිවිණි.

කෝලහල අතරතුර අත්අඩංගුවට පත් කාන්තාවන් සහ බාල වයස්කරුවන් සිටීනම් එම සියලුම පුද්ගලයින්ගේ විස්තර ලබාදෙන විනිසුරු මඩුල්ල විසින් ඉල්ලා සිටියේය.

එහිදී එරට නීතිපති මන්සූර් උස්මාන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් 102 දෙනකු හමුදාව භාරයේ සිටින බවය.

එහෙත් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් අතර කාන්තාවන් හෝ බාලවයස්කරුවන් නැති බවත්, කිසිදු මාධ්‍යවේදියකු හෝ නීතිඥයකු අත්අඩංගුවට ගෙන නැති බවත් පාකිස්තාන නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

කෙසේවෙතත් එරට සමාජ ක්‍රියාකාරීන් වෙනත් මානව හිමිකම් සංවිධාන පෙන්වාදෙන්නේ එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකු සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

කෙසේවෙතත් එවැනි සැකකරුවකු සිටින්නේ නම් ඔහු නිදහස් කරන බව පොලිස්පතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

සබැඳි පුවත්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...