ඉම්රාන් හිතවාදීන්ගේ නඩු හමුදා අධිකරණයේ විභාග කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

Share post:

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග රට පුරා පැවති විරෝධතාවලදී හමුදා ස්ථාන වලට පහර දුන් බවට චෝදනා ලැබ සිටින සැකකරුවන් හමුදා අධිකරණයට ඉදිරිපත් කරන බව පාකිස්තාන රජය සහ හමුදාව පවසා තිබේ.

නීතිඥ නියෝජනයක් නොමැති, විවෘත නඩු විභාග නොමැති හමුදා අධිකරණවල සිවිල් නඩු විභාග කිරීම මූලික මානව අයිතිවාසිකම්වලට පටහැනි බව විවිධ සිවිල් සහ මානව හිමිකම් සංවිධාන චෝදනා පෙන්වාදෙයි.

එලෙස හමුදා අධිකරණය මගින් සිවිල් වැසියන්ගේ නඩු විභාග කිරීම අභියෝගයට ලක් කරමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබිණි.

ඒ අනුව අගවිනිසුරු උමාර් අතා බන්ඩියල් ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම පෙත්සම් විභාගය සිදු කිරීමට පියවර ගත්තේය.

පසුගිය මැයි 9 වනදා එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග එරට බොහෝ ප්‍රදේශවල කෝලාහල ඇතිවිණි.

කෝලහල අතරතුර අත්අඩංගුවට පත් කාන්තාවන් සහ බාල වයස්කරුවන් සිටීනම් එම සියලුම පුද්ගලයින්ගේ විස්තර ලබාදෙන විනිසුරු මඩුල්ල විසින් ඉල්ලා සිටියේය.

එහිදී එරට නීතිපති මන්සූර් උස්මාන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් 102 දෙනකු හමුදාව භාරයේ සිටින බවය.

එහෙත් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් අතර කාන්තාවන් හෝ බාලවයස්කරුවන් නැති බවත්, කිසිදු මාධ්‍යවේදියකු හෝ නීතිඥයකු අත්අඩංගුවට ගෙන නැති බවත් පාකිස්තාන නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

කෙසේවෙතත් එරට සමාජ ක්‍රියාකාරීන් වෙනත් මානව හිමිකම් සංවිධාන පෙන්වාදෙන්නේ එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකු සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

කෙසේවෙතත් එවැනි සැකකරුවකු සිටින්නේ නම් ඔහු නිදහස් කරන බව පොලිස්පතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...