පාකිස්තාන් අගමැතිගේ නිවසට ප්‍රහාරයක් – චෝදනාව ඉම්රාන් ඛාන්ගේ පාර්ශවයට!

Share post:

පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි මේ වනවිට අත්අඩංගුවේ පසුවන පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඉනම්රාන් ඛාන් නියෝජනය කරන පකිස්තාන තෙහෙරීක් ඊ ඉන්සාෆ් (Pakistan Tehreek-e-Insaf) පක්ෂයේ 500 කට අධික පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිහිටි ලාහෝර් නගරයට කඩා වැදී වාහන කිහිපයකට ගිනි තබා තිබේ.

පංජාබ් පොලිසිය සඳහන් කළේ, විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවයි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ ආධාරකරුවන් රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කළහ.

මේ වනවිට විරෝධතාකරුවන් 1000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

එමෙන්ම විරෝධතා මැඩ පැවැත්වීම සඳහා බලුකිස්තාන්, පන්ජාබ් සහ කයිබර්-පක්තුන්ක්වා යන පළත්වලට පාකිස්තාන හමුදාව කැඳවා ඇති අතර අන්තර්ජාල සේවාද තාවකාලිකව අවහිර කර ඇත.

ඉම්රාන් ඛාන්ව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හැරිය අතර එතැන් සිට මහා මැතිවරණයක් වෙනුවෙන් ඔහු ප්‍රචාරක කටයුතු නිරතවිය.

එලෙස බලයෙන් පහකිරීමෙන් පසු වංචා දූෂණ සහ දේශද්‍රෝහී ක්‍රියා ආදි චෝදනා ගණනාවක් එල්ල කර හිටපු අගමැතිවරයාට එරෙහිව නඩු පවරා ඇත.

පසුගිය 9 වැනිදා ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණයේ පෙනී සිටීමට පැමිණිය විටදී පැරාමිලිටරි හමුදා,ඔහු අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට ඇතුළු වන විටම රඳවා ගන්නා අයුරු වීඩියෝ පට වල සටහන්ව තිබිණි.

ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබාදුන් අතර මෙයද දේශපාලනික අරමුණින් පැවරූ නඩුවක් බව හිටපු අගමැතිවරයා පවසා සිටී.

පසුගිය නොවැම්බර් මාසයේදී ගුජරන්වාලා නුවර වසීරාබාද් පළාතේ පැවති විරෝධතා පාගමනක් අතුරතුර ඔහුගේ රථ පෙළට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඉම්රාන් ඛන්ගේ දකුණු පාදයට වෙඩි පහර 3ක් එල්ල වී තිබිණි.

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන් සැත්කමකට භාජනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...