ඉම්රාන් හිතවාදීන් දඩයමක් : හමුදාව යොදවා ව්‍යාපාර මුද්‍රා තබයි !

Share post:

ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය ඉලක්ක කර ගනිමින් රජයේ හමුදාව යොදවා දැවැත්න රජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හිටපු අගමැතිවරයාට හිතවාදී පන්ජාබ් ප්‍රාන්තයේ ව්‍යාපාරික ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් මෙම මර්දනය සිදු කෙරෙන බවද වැඩිදුරටත් එම එම පුවත් වාර්තා වල සඳහන් වේ.

වත්මන් පාලානාධිකාරිය, හමුුදාව යොදවා හිටපු අගමැතිවරයාට සහාය දක්වන ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කිසිඳු හේතුවක් නොමැතිව වසා දමන බවත් ප්‍රමුඛ පෙළේ PTI ආධාරකරුවකු සහ පාකිස්තානයේ පැරණිතම වානේ නිෂ්පාදකයෙකු වන හම්මාඩ් අසාර් අල් අල් ජසීරා පුවත් සේවය වෙත පවසා තිබුණේ සිය පවුල සතු ව්‍යාපාරය වන AFCO ස්ටීල් ඉන්ඩස්ට්‍රීස් සතියකට වැඩි කාලයක් පොලිසිය විසින් වසා දැමූ බවයි.

“අපගේ මූලස්ථානය සහ ලාහෝර්හි කර්මාන්තශාලාව යන දෙකම ජූනි 1 වැනිදා අගභාගයේදී වටලනු ලැබුවා.

පොලිස් නිලධාරීන් සහ දිස්ත්‍රික් නිලධාරියෙක් පැමිණ අතින් ලියන ලද සටහනකින් පරිශ්‍රය මුද්‍රා තැබුවා,”

“එම නිලධාරීන් සතුව කිසිදු ලේඛනමය සාක්ෂියක් හෝ මුද්‍රා තැබීමේ වරෙන්තුවක් නොතිබුණත්, කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබුවා.

එම අවස්ථාවේදී පොලිසිය තම කාර්ය මණ්ඩලයට හිරිහැර කළ බවත් ඔවුන් එසේ කරන්නේ මන්දැයි පැවසීම ප්‍රතික්ෂේප කළ බවද ඔහු පවසා තිබේ.

පසුව අපි පෙත්සමක් ගොනු කළා. ජුනි 7 වන දින ලාහෝර් මහාධිකරණය අපට සහනයක් ලබා දුන්නා. ඒ අනුව අපගේ කර්මාන්ත ශාලාව නැවත විවෘත කරන ලෙස බලධාරීන්ට නියෝග කළා.” යැයි ” ඔහු වැඩිදුටත් පැවසීය.

මේ අතර පන්ජාබ් හි සර්ගෝධා නගරයේ දිගුකාලීන පක්ෂ ආධාරකරුවෙකු අල්ජසීරා වෙත පවසා තිබුණේ ඔහුගේ පවුලට අයත් මංගල ශාලා ව්‍යාපාරය මැයි අග දී පොලිසිය විසින් වසා දැමූ බවයි.

“අපි 2018 වසරේ සිට මෙම මංගල ශාලා ව්‍යාපාරය පවත්වාගෙන යනවා. කිසි දිනක මෙවැනි ගැටලුවකට මුහුණ දුන්නේ නැහැ, එහෙත් පසුගිය මැයි 31 වන දින පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණි අපගේ ව්‍යාපාරයට මුද්‍රා තැබුවා.

මංගල ශාලාවට කිසිදු හානියක් සිදු නොකළත් ඔවුන් අපගේ නිවස වටලා දොර ජනෙල් කඩා නිවසේ කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

පන්ජාබ් ප්‍රාන්තයේ Amir Mir, the interim information minister for Punjab province, අමීර් මිර්, මාධ්‍ය වෙත පවසා තිබුණේ ප්‍රාන්තයේ විවිධ ව්‍යාපාරවලට මුද්‍රා තැබූ බවත්, නීතිය කඩ කළ අයට පමණක් එලෙස බලපෑම් එල්ල වන බවත්ය.

එමෙන්ම නම සදහන් කිරීමට අකමැති තවත් PTI ආධාරකරුවෙකු පැවසුවේ, ලාහෝර්හි පිහිටි තම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය පසුගිය මස අගදී පොලිසිය විසින් වසා දැමූ බවයි.

“මගේ ප්‍රදර්ශනාගාරයට මැයි 30 වැනිදා පොලිස් නිලධාරීන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු අය ඇතුළු 20කට වැඩි පිරිසක් ආවා. කාර්යාලයට සීල් තැබීමට හේතුව ඔවුන් සඳහන් කළේ නැහැ. ඔවුන් අපේ ලැප්ටොප් පරිගණක අරගෙන, අපේ කැමරා කඩා දමා ගියා,”

“අපගේ ප්‍රදර්ශනාගාරය සාමාන්‍යයෙන් මාසයකදී යතුරුපැදි 400කට වඩා අලෙවි කරන අතර, සාමාන්‍යයෙන් එකක මිල රුපියල් 240,000කට වඩා වැඩියි. මේ විදිහට අපගේ ආයතනය වසා දැමුවිට කොච්චර ව්‍යාපරයට පාඩු වෙනවද? ඒ හේතුවෙන් තමන්ට රුපියල් මිලියන ගණනක ආදායමක් අහිමි වූ බවද ඔහු පවසා ඇත.

මැයි 9 වන දින ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ආධාරකරුවන්ගේ රට පුරා විරෝධතා ආරම්භ කළේය.

පාකිස්තාන පුරා පැතිරී ගිය ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් අතර ටෙහ්රීකි ඉන්සාෆ් පාක්ෂිකයන් අතිවිශාල පිරිසක් මේ වනවිටත් සිරභාරයේ රඳවා ගෙන ඇත.

කෙසේවෙතත් පක්ෂ ආධාරකරුවන් සහ කම්කරුවන් පොලීසියට චෝදනා කර ඇත්තේ ඔවුන් බිය ගැන්වීමේ අරමුණින් රටපුරා රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස සහ ව්‍යාපාර වැටලීම් සිදු කර අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවයි.

එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් සහ පාසල් සිසුන් ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...