පාකිස්තානය : මැයි 09 විරෝධතාකරුවන්ට යුද අධිකරණයෙන් දඬුවම් ?

Share post:

මැයි 9 වැනිදා පකිස්තානයේ පැවති විරෝධතාවලට සහභාගි වූ බවට චෝදනා කරමින් සිවිල් වැසියන්ට එරෙහිව යුද අධිකරණවල නඩු ගොනු කිරීම සම්බන්යෙන් සිය රජය අවධානය යොමු කර ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මැතිව් මිලර් පවසා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස එක්සත් ජනපදය දිගින් දිගටම පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇත.

මේ වන විට විරෝධතාවලට සහභාගි වුණු දේශපාලනඥයන් ඇතුළු 5,000ක් සිරගත කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පවා කඩකරමින් පකිස්තාන පාලකයින් කටයුතු කර බව ඔහු පෙන්වා දෙයි.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද අපි මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ආරක්ෂාව සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම පිළිබඳව පාකිස්තානයේ ඉහළ නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටිනවා. යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජූනි 12 වන දින, පකිස්තාන ජාතික සභාව විසින් මැයි 9 කැරලිකරුවන්ට එරෙහිව යුධ හමුදා පනත යටතේ කඩිනමින් ක්‍රියා කළ යුතු බවට යෝජනාවක් සම්මත කරන ලද බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබිණි.

පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මානව හිමිකම්වලට ගරු කරමින් මැයි 9 සිදුවීම්වල වැරදිකරුවන්ට හමුදා පනත යටතේ නඩු පවරන ලෙස ඉල්ලා සිටියේය.

පසුගිය 9 වැනිදා ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණයේ පෙනී සිටීමට පැමිණිය විටදී පැරාමිලිටරි හමුදා,ඔහු අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට ඇතුළු වන විටම රඳවා ගන්නා අයුරු වීඩියෝ පට වල සටහන්ව තිබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පකිස්තානයේ විරෝධතා පැන නැගුණු අතර ලාහෝර්හි අණදෙන නිලධාරියෙකුගේ නිවස ඇතුළු හමුදා මූලස්ථාන මෙන්ම රාජ්‍ය දේපල වලටද හානි සිදුවිය.

කෙසේවෙතත් මැයි 9 වැනිදා දීප ව්‍යාප්තව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා තමන් ජනතාව පෙළඹූ බවට චෝදනා කරමින් තමන්ව යුධ අධිකරණය වෙත කැඳවා දඬුවම් කිරිමට සැලසුමක් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ඉස්ලාමාබාද් මහාධිකරණයේ පෙනී සිටීමෙන් පසු ඉම්රාන් ඛාන් වාර්තාකරුවන් අමතා ප්‍රකාශ කර ඇත්තේ යුධ අධිකරණයක් මගින් තමාට දිගු කාලීන සිර දඬුවමක් හෝ තම ප්‍රජා අයිතිය අහෝසි කිරීම රජයේ සැලසුම වී ඇති බවය.

සබැඳි පුවත්

Related articles

කොත්මලේ ලිවිසැරිය

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන...

‘මද සිනා නගන විල් දිය’ – රුවන්මලී දීපිකා කොඩිකාර

හෙමි හෙමිහිට පිය තබා යන හඬක්. සියුම්ව දැනෙනා විඳුමක්. ඉවසිලිවන්ත, නිරීක්ෂිකාවකගේ වදන් එකතුවක්. රුවන්මලීගේ කවි කියවූ පළමු මොහොතේදීම...

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...