පාකිස්තානය : මැයි 09 විරෝධතාකරුවන්ට යුද අධිකරණයෙන් දඬුවම් ?

Share post:

මැයි 9 වැනිදා පකිස්තානයේ පැවති විරෝධතාවලට සහභාගි වූ බවට චෝදනා කරමින් සිවිල් වැසියන්ට එරෙහිව යුද අධිකරණවල නඩු ගොනු කිරීම සම්බන්යෙන් සිය රජය අවධානය යොමු කර ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මැතිව් මිලර් පවසා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස එක්සත් ජනපදය දිගින් දිගටම පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇත.

මේ වන විට විරෝධතාවලට සහභාගි වුණු දේශපාලනඥයන් ඇතුළු 5,000ක් සිරගත කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පවා කඩකරමින් පකිස්තාන පාලකයින් කටයුතු කර බව ඔහු පෙන්වා දෙයි.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද අපි මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ආරක්ෂාව සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම පිළිබඳව පාකිස්තානයේ ඉහළ නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටිනවා. යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජූනි 12 වන දින, පකිස්තාන ජාතික සභාව විසින් මැයි 9 කැරලිකරුවන්ට එරෙහිව යුධ හමුදා පනත යටතේ කඩිනමින් ක්‍රියා කළ යුතු බවට යෝජනාවක් සම්මත කරන ලද බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබිණි.

පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මානව හිමිකම්වලට ගරු කරමින් මැයි 9 සිදුවීම්වල වැරදිකරුවන්ට හමුදා පනත යටතේ නඩු පවරන ලෙස ඉල්ලා සිටියේය.

පසුගිය 9 වැනිදා ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණයේ පෙනී සිටීමට පැමිණිය විටදී පැරාමිලිටරි හමුදා,ඔහු අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට ඇතුළු වන විටම රඳවා ගන්නා අයුරු වීඩියෝ පට වල සටහන්ව තිබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පකිස්තානයේ විරෝධතා පැන නැගුණු අතර ලාහෝර්හි අණදෙන නිලධාරියෙකුගේ නිවස ඇතුළු හමුදා මූලස්ථාන මෙන්ම රාජ්‍ය දේපල වලටද හානි සිදුවිය.

කෙසේවෙතත් මැයි 9 වැනිදා දීප ව්‍යාප්තව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා තමන් ජනතාව පෙළඹූ බවට චෝදනා කරමින් තමන්ව යුධ අධිකරණය වෙත කැඳවා දඬුවම් කිරිමට සැලසුමක් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ඉස්ලාමාබාද් මහාධිකරණයේ පෙනී සිටීමෙන් පසු ඉම්රාන් ඛාන් වාර්තාකරුවන් අමතා ප්‍රකාශ කර ඇත්තේ යුධ අධිකරණයක් මගින් තමාට දිගු කාලීන සිර දඬුවමක් හෝ තම ප්‍රජා අයිතිය අහෝසි කිරීම රජයේ සැලසුම වී ඇති බවය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...