රණවීරගේ කඳු නගින්නෝ ජනගත වීම සහ විජේසිරිවර්ධනගේ කතාව

Share post:

ආරියවංශ රණවීරගේ කඳු නගින්නෝ කාව්‍ය සංග්‍රහය ජනගත වීම වෙනුවෙන් ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන කළ කතාව සිංහල කවියේ රසික සභාවේ අවධානයට ලක් කිරීම වැදගත් දෙයකි . මූලික වශයෙන්ම ඔහුගේ දෙසුම හුදෙක් රණවීර කේන්ද්‍රීය නොවී සිංහල කවිය ද කේන්ද්‍රයේ තබා ගනිමින් කළ එකක් වීම වැදගත් දෙයකි . රණවීරට මතු නොව එහි සිටි අපේ කාව්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කවියන් වන රත්න ශ්‍රී, නන්දන, හෑගොඩ වැනි අය වෙත ද ආදරෙයෙන් අමතන ව්ජේසිරිවර්ධනගේ දෙසුම සිංහල කාව්‍ය සංවාදයට ශාස්ත්‍රීය පර්‍යාලෝකයක් කැඳවාගෙන ඒමේ අවශ්‍යතාවය ද ඉඟි කරයි . රණවිර ගැන කතා කිරීමට ලැබීම වරප්‍රසාදයක් ලෙස දකින්නට තරම් ඔහු නිහතමානී ද වෙයි .

රණවීරගේ කවිය මූලික වශයෙන් විවිධ දෘෂ්ටිවාදවලින් විචාරාත්මකව ඈත් වූ භාවිතයක්‍ ය යන සමන් කුමාරගේ නිරීක්ෂණය ඉතා නිවැරදි එකක් බව ප්‍රකාශ කරන අතරම ඒ කාව්‍ය භාවිතය රණවීරගේ ජීවිත දැක්ම ඇසුරින් වටහා ගැනීමේ වැදගත්කම දඔහු ප්‍රකාශ කරයි . එහි දී මූලික වශයෙන් රණවීර ලෝකායත කවියකු වන බව ඔහු ප්‍රකාශ කරයි .’චූල කවියක්’නම් රණවීරගේ කවියෙන්ම රණවීර තමා මහ මැවුම්කරු ගැන වද නොවන බව ප්‍රකාශ කරයි . රසල්ගේ සම්බන්ධතා ත්‍රිත්වය ඇසුරින් සහිත්‍ය ප්‍රවාද ගොඩ නැගීමට විජේසිරිවර්ධන තුළ ඇති ප්‍රියතාවය දිගටම පෙනෙන ලක්ෂණයකි . ඒ සම්බන්ධතා හුදෙක් වියුක්තව නොව අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බව ‍රසල්ට කෘතඥ වෙමින් පවසන ඔහු ඒ සම්බන්ධතා ත්‍රිත්වයට ඉහළින් ඇති විශ්වීය මානයක් හදුනාගත හැකි කවියක් ගැන ද ප්‍රකාශ කරයි . එහි දී ඒ ලක්ෂණය නන්දන වීරසිංහගේ කවියේ ඇති බවට ඔහු කරන නිරීක්ෂණය ඉතා වැදගත් වන අතරම එය සංනිදර්ශනාත්ම්කව කිරීම ද වැදගත් දෙයකි .

ආචාර්‍ය විජේසිරිවර්ධනගේ දේශනයේ දී මතු කළ කව් ලැකිය, පද්‍ය කරණය වැනි මාතෘකා නිදර්ශන සහිතව පුළුල්ව කළ හැකි නම් එය තරුණ කවි පරපුරට වැදගත් විය හැකි දෙයකි .

ඔහුගේ ගිම්හානේ යන්න ගිහින් කෘතියේ එන දීර්ඝ සංවාදයේ එන අක්මේවාදය,ප්‍රංශ සංකේත වාදය වැනි සංකල්පවල සම විෂමතා පදනම් කර ගනිමින් අප අතර දීර්ඝ සංවාද ඇති නොවීම ද අපේ කව්‍ය සංවාද මණ්ඩපවල සීමාවන් හෙළිදරව් කරයි . සිරිගුණසිංහ ප්‍රංශ සංකේතවාදී කවියෙන් ආභාසය ලැබුවා වැනි හුදු ප්‍රකාශවලට සීමා නොවී ඒවා අර්ථවත් ලෙස මතු කර ගන්නට අවශ්‍ය පසුබිමක් ද විජේසිරිවර්ධන ගෙන එන සංවාදය තුළ වෙයි .
ගුණදාස අමරසේකරගේ විද්ගධ රසිකත්වයට ගරු කරමින් වුවද ඔහූගේ හදබස ප්‍රවාදයේ සීමා මතු කිරීමට රණවීරගේ හදබස ගැන විකල්ප අදහස් සහිත ලිපිය වැදගත් බව ප්‍රකාශ කිරිම ද විජේසිරිවර්ධනගේ කතාවේ සාධනිය ලක්ෂණයකි .

කවියට සහ කවියාට විජේසිරිවර්ධන මහතා තුළ ඇති ඇල්ම පසුගිය වසර කීපය තුළම නිරීක්ෂණය කළ හැකි වූ දෙයකි . එහෙයින් ඔහු සමග නූතන සිංහල කවිය ගැන අර්ථ්වත් සංවාදයක් කළ හැක්කේ කෙසේද යන්න ගැන සොයා බැලීම ඉතා වැදගත් දෙයකි .

විභවිය ඇසුරෙහි සිදුවූ කාව්‍ය සංවාදය නොවන්නට රණවීරගේ කවිය වටහ ගැනීම තවත් ප්‍රමාද වන්නට තිබුණි .එහෙයින් රණවීරගේ කඳු නගින්නෝ ගැන කතාබහ කරන්නට ආචාර්‍ය විජේසිරිවර්ධන තරම් සුදුසු කෙනෙක් කොහිද?

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...