ශ්‍රී ලංකාවට ලෝක පරාජයක් : තරගාවලියත් 3-0

Share post:

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමකට හිමි වූ දැවැන්තම පරාජය ලෙස වාර්තා අතරට එක්වෙමින් ඉන්දියාව සහ සංචාරක ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසන් එක්දින තරගාවලිය ඊයේ (15) ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවිය.

මින් පෙර නවසීලන්තය හමුවේ අයර්ලන්තය ලකුණු 290කින් පරාජය වීම ඉහළම ලකුණු පරතරයකින් පරාජය වූ තරගය ලෙස වාර්තා වුණු අතර මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 317කින් පරාජයයට පත්විය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයකදී දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව විය. මීට පෙර , 2012 වසරේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 43 කට ද, 1986 සාජා හිදී ලකුණු 55 කට ද, 2014 මැන්චෙස්ටර් නුවරදී ලකුණු 67 කට ද දැවී ගොස් තිබිණ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියානු පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර විරාත් කෝලි නොදැවී ලකුණු 166ක් රැස් කළ අතර ඒ ඔහුගේ 46 වැනි ශතකය වේ. එමෙන්ම ශුබ්මන් ගිල් (116) සිය දෙවැනි එක්දින ශතකය වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 131ක විශිෂ්ඨ සබඳතාවයක් ගොඩ නැගුවේය.

කෝලිගේ ඉනිම හයේ පහර 8කින් සහ හතරේ පහර 13 අලංකාරවත්වත් විය.

ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 390ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, එම ඉලක්කය හමුවේ ශ්‍රී ලංකා පිලට කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 73ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුණ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19 ක් රැස් කළේය.

මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක පූර්ණ තරගාවලි පරාජයක් අත් විය. ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් ලකුණු 67 ක පරාජයක් හිමිවූ අතර දෙවැනි එක් දින තරගය කඩුලු 4 කින් පරාජයට පත්විය.

මේ තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගැනීමට විරාත් කෝලි සමත් විය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව

අවිශ්ක ප්‍රනාන්දු – 1 නුවනිදු ප්‍රනාන්දු – 19
කුසල් මෙන්ඩිස් – 4
චරිත් අසලංක – 1
දසුන් ශානක – 11
වනිදු හසරංග – 1
චාමික කරුණාරත්න – 1
දුනිත් වෙල්ලාලගේ – 3
කසුන් රාජිත – 13
ලහිරු කුමාර – 9
අශේන් බණ්ඩාර අනතුරකට ලක්ව පිටියට පැමිණියේ නැත.

ඉන්දියානු ලකුණු පුවරුව

රෝහිත් ශර්මා – 42
ශුබ්මන් ගිල් – 116
විරාත් කෝලි (නොදැවී) – 166
ශ්‍රෙයාස් අයියර් – 38
කේ.එල් රාහුල් – 7
සූර්ය කුමාර් යාදව් – 4
අක්සර් පටෙල් (නොදැවී) – 2

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...