කැබිනට් අනුමත විදුලි ගාස්තු 15 සිට ක්‍රියාත්මකයි : කොමිසම අඩු කළොත් අපි එකඟ වෙනවා – විදුලිබල සාමාන්‍යධිකාරි

Share post:

කැබිනට් මණ්ඩලය පසුගිය 09දා ගත් තීරණයට අනුව ජනවාරි 15දා සිට විදුලි ගාස්තු වැඩි කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම වැඩි කළ ගාස්තු අය කිරීම පිළිබඳ තොරතුරු මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට සූදානම් බවයි. සකස් කර ඇති ක්‍රමය කැබිනට් මණ්ඩලය විසින් මාසයක කාලපරිච්ඡේදයකට අනුමත කර ඇති බව ද ඔහු පැවසීය.

පෙබරවාරි 15

මෙම සියලු දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමෙන් අනතුරුව, ඔවුන් එම දත්ත පරීක්ෂා කිරීමෙන් පසු, එහි අඩුපාඩුවක් ඇත්නම් මණ්ඩලය සමග පරිශීලනය කර ලබන පෙබරවාරි 15දා වන විට මහජන උපයෝගිතා කොමිසම මේ සඳහා විධිමත් අයක්‍රමය තීන්දු කළ යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

යම් හේතුවක් මත මෙම ගණනය කිරීමේදී අඩු කිරීමක් සිදුවුවහොත් මණ්ඩලය අයක්‍රමය අඩු කර වෙනස් කිරීමට සූදානම් බව ද ඔහු පැවසීය.

ආරම්භය

මේ අනුව ඒකක 0 – 30 දක්වා රුපියල් 8ක් ව පැවති විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා ද, රුපියල් 120ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ දැමීමට නියමිතයි. එසේම ඒකක  31 – 60 දක්වා රුපියල් 10ක් ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වා ද, රුපියල් 240ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ද ඉහළ දැමීමට මෙම නව සංශෝධනයෙන් යෝජනා කර තිබේ.

60න් ඉහළ

ඒකක 60න් ඉහළ කාණ්ඩයේ ඒකක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ද නව සංශෝධනයෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව 1 – 60 දක්වා පැවති රුපියල් 16ක් වූ ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 650ක් ලෙස ඉහළ දමා ඇත.

61 – 90

ඒකක 61 – 90 දක්වා රුපියල් 16ක් ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ද, රුපියල් 360ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 650ක් දක්වා ද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත. ඒකක 91 – 120 දක්වා රුපියල් 50ක් ව පැවති ඒකකයක ගාස්තුව සංශෝධනය නොවන අතර, රුපියල් 960ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමට නියමිත ය.

121 – 180

ඒකක 121 සිට 180 දක්වා රුපියල් 75ක් ව පැවති ඒකකයක ගාස්තුව සංශෝධනය කර නොමැති අතර, එහි ද රුපියල් 960ක් ව පැවති ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1,500ක් ලෙස සංශෝධනය කර ඇත.

181 ඉක්මවීම

ඒකක 181 ඉක්මවා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට රුපියල් 75ක් ව පැවති ඒකකයක ගාස්තුව වෙනස් නොවන අතර, රුපියල් 1,500ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වා ඉහළ දැමීමට යෝජිත ය.

වේලාව අනුව

මේ අතර පරිභෝජනය කරන වේලාව අනුව ගාස්තු සංශෝධනය කර ඇත්තේ රාත්‍රී 10.30ත් – පෙරවරු 5.30ත් අතර රුපියල් 30ක් ව පැවති විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 40ක් වන ලෙස සහ රුපියල් 1,500ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2,000ක් වන ලෙසයි.

ආගමික ස්ථාන

ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා ඒකක 0 – 30 දක්වා රුපියල් 8ක් ව පැවති විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා ද, රුපියල් 90ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 400ක් දක්වා ද ඉහළ දමා තිබේ.

වේලාව

විදුලි ඒකක 31 සිට 90 දක්වා රුපියල් 15ක් ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වා ද, රුපියල් 120ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550ක් දක්වා ද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත.

වේලාව : 91 – 120

ඒකක 91 – 120 දක්වා රුපියල් 20ක් ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 42ක් දක්වා ද, රුපියල් 120ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා ද ඉහළ දමා තිබේ.

ආගමික ස්ථාන : 180 ට වැඩි

ඊට අමතරව ඒකක 180න් ඉහළ පරිභෝජනය කරන ආගමික ස්ථාන සහ පුණ්‍යායතනවලට රුපියල් 32ක් ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර, රුපියල් 1,500ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...