Home Blog Page 204

IMF ආවෙ නැතත් අපිට යන්න පුළුවන් – මහ බැංකු අධිපති : ආණ්ඩුව හොඳට වැඩ කරනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම නියමිත කාල සීමාවේදී නොලැබුණද, පවතින තත්ත්වය යටතේ රටට ඉදිරියට යෑමේ හැකියාව පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ ව ලංකාව විසින් සිදු කළ යුතු සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. මහ බැංකු ශ්‍රවණාගාරයේ පවත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සාර්ථකව ඉදිරියට යෑමේ අවස්ථාව ඉක්මනින් ම ලැබෙනු ඇති බවත්, එවිට රැට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ය.

ආණ්ඩුව විසින් ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග වන විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනය, වෙළෙඳපොල පොළී අනුපාතය අඩුකිරීම සහ වෙනත් ක්‍රියාමාර්ග හරහා රජයේ ආදායම වැඩිකර ගැනීම නිසා යහපත් ප්‍රවණතා ඇතිවෙමින් තිබෙන බව ද ඔහු අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකා රජය බැංකු පොළී අනුපාත යළි ඉහළ දැමීම මේ අවස්ථාවේ ගතයුතු ව තිබූ නිවැරදි ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. එම අරමුදල පෙන්වා දෙන්නේ මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුලක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා රජය උද්ධමනය පාලනය කිරීම සඳහා ගෙන යන සමස්ත ක්‍රියාවලිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සූම් ඔස්සේ විශේෂ සාකච්ඡාවක් ද පැවති බව මාධ්‍ය වාර්තා කළේය. එහිදී ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන් ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක ද සඳහන් විය.

මැතිවරණයට වෙන් කළ රුපියල් බිලියන 10 පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග 2ක් : පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ එපමණක් ද ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් අයවැය හරහා සම්මත කොට, වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා හෙවත් මුදල් ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාට අද (03) තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම නියෝගයට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම ද වලක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිවරිය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මගින් ගොනුකළ මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ දෙවැනි වගඋත්තරකරු ලෙස මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ නම් කර තිබේ. අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා, එහි කොමසාරිස්වරුන් වන එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නම් කර ඇත.

අට වැනි වගඋත්තරකරු ලෙස රජයේ මුද්‍රණාලයාධිපති ජී. කේ. ඩි. ලියනගේ සහ නව වැනි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සමේ අරමුණ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 3, 4, 5, 6, සහ 7 වගඋත්තරකරුවන්ට මුදල් ලබාදීම ප්‍රමාද කිරීම මගින් පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා සහ දෙවැනි වගඋත්තරකරු වන මුදල් ඇමතිවරයා විසින් පෙත්සම්කරු ඇතුළු සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකාරිත්වය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම වලක්වා ඇති බවත්, එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති 12(1) සහ 14(1)(අ) ව්‍යවස්ථාවල ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් ය.

12(1) ව්‍යවස්ථාව :

නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.

14(1)(අ) ව්‍යවස්ථාව :

සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.

2022 දෙසැම්බර් 21 සහ 29 !

1946 අංක 53 දරන සංශෝධිත පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 4(1) අනුව නිකුත් කරන ලද  2022 දෙසැම්බර් 21 දිනැති අංක 2311/26 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් පත්කිරීමට අදාළ කටයුතු ආරම්භ කළ බවත්, පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 27, 28 සහ 29 වගන්ති අනුව නිකුත් කරන ලද 2022 දෙසැම්බර් 29 දිනැති අංක 2312/44 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණය සඳහා ඇප මුදල් ලබාගැනීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් ය.

2023 ජනවාරි 04 !

එසේ ම වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් 2023 ජනවාරි 04 දිනැති නිවේදනය මගින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් මගින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 340ක් සඳහා තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැඳවීම ආරම්භ කළ බවත්, ඉන්පසු 2023 මාර්තු 09 මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

2023 පෙබරවාරි 17 !

මේ අතර 2023 පෙබරවාරි 17දා පෙත්සමේ පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදිය නොහැකි බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දීමේ අනපේක්ෂිත පුවත ඇසීමෙන් පෙත්සම්කරු දැඩි කම්පනයට පත්වූ බවත්, ඊට හේතුව ලෙස දෙවැනි වගඋත්තරකරු හෙවත් ජනාධිපතිවරයා නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් ලබාදීමේ චක්‍රලේඛයක් උපුටා දක්වා ඇති බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසූ බවත් පෙත්සම මගින් අවධාරණය කර සිටී.

රුපියල් බිලියන 10ක්

භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් ඇමතිවරයා මෙසේ කටයුතු කර ඇත්තේ 2023 අයවැය මගින් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදී බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

පාලනය කළ නොහැකි හේතු

එසේ ම පාලනය කළ නොහැකි හේතු නිසා බව සඳහන් කරමින් පෙත්සමේ වගඋත්තරකාර මැතිවරණ කොමිසම මගින් තැපැල් ඡන්ද කල්දැමූ බවත්, ඊට පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස සඳහන් රජයේ මුද්‍රණාලයාධිපති විසින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් නොමැති බව දැනුම් දීම හේතු වූ බවත් එහි සඳහන් ය.

පෙත්සම්කරුගේ ඉල්ලීම් මොනවාද ?

මේ ක්‍රියාවලිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම ගැටළුවක් වී ඇති ආකාරයත්, එමගින් පෙත්සම්කරු ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයත් පෙත්සම මගින් පැහැදිලි කර ඇත.

මැතිවරණ කොමිසම අලුත් වෙයි : ස්වාධීන කොමිෂන් සභා වෙනස මේ මාසයේ !

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධින කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත්කිරීමේ කටයුතු මේ මාසය තුළ අවසන් කිරීමට තීරණය කර ඇති බව ව්‍යවස්ථාදායක සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව මෙම කොමිෂන් සභා අයදුම්පත් කැඳවනු ලැබිණි. එම අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරාගැනීම සහ ඔවුන්ගේ සුදුසුකම් පරික්ෂ කිරීම පිළිබඳ කටයුතු සැලසුම් කිරීම මේ දිනවල සිදුකරන බව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් thetime.lk වෙත පැවසීය.

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ පුවත්පත් නිවේදන පෙබරවාරි 01දා පළකළ අතර, ඒ සඳහා වන අවසාන දිනය ලෙස දැක්වුණේ පෙබරවාරි 15 ය. මීට අදාළ අයදුම්පත් ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළකෙරිණි.

කතානායකවරයා සමග අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරු නොවන සාමාජිකයෝ ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරති.

මාර්තු 08 සිට අඛණ්ඩ වර්ජනයක් !

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල එකමුතුවෙන් මාර්තු 08දා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එහි ඒකාබද්ධ කැඳවුම්කරු අජිත් තිලකරත්න මේ බව තහවුරු කළේය.

පසුගිය 01දා වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකතුව ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත විය. ඒ අතර විරෝධතා, අකුරට වැඩකිරීම, සෙමින් වැඩකිරීම, කළු පටි බැඳීම ඇතුළු සංකේතාත්මක විරෝධතා සහ බැනර් – පෝස්ටර් ප්‍රමුඛ ප්‍රචාරක කටයුතු සිදු කෙරිණි.

මෙම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සතියක කාලයක් ආණ්ඩුවට ලබාදෙන බව එහිදී විරෝධතාකරුවෝ සඳහන් කළහ.

අද (03) ද රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව දහවල් කෑම පැයේදී සේවා ස්ථාන ඉදිරිපිට විරෝධතා දැක්වූහ.

‘අප ඔබ එනතුරු බලා සිටිනවා’ : ලෝක ශූර පාපන්දු තරුව මෙසීට මරණ තර්ජන !

ලෝක ශූර ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසීට මරණ තර්ජන එල්ල වී තිබේ.

ඊයේ (02) උදෑසන යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙසීගේ බිරිඳගේ පවුලට අයත් සුපිරි වෙළේඳසැලකට වෙඩි තබා ඇත.

තුවක්කුකරුවන් මෙසී සම්බන්ධයෙන් තර්ජනාත්මක සටහනක් තබා ඇති බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, රොසාරියෝ හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන් එහි සඳහන් කර ඇත.

එම ප්‍රහාරය සිදුව තිබෙන රෝසයිරෝ නගරය, මෙසී ජීවත්වන නගරය මෙන්ම ආජන්ටිනාවේ තුන්වැනි විශාලම නගරය වන අතර බුවනොස් අයර්ස් අගනුවර සිට සැතැපුම් 185ක් දුරින් පිහිටා ඇත.

පසුගිය වසර කිහිපය තුළ දී මෙම නගරය සහ ආශ්‍රිත අනෙකුත් නගර තුළ ද මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ඒ තුළින් ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වයන් සුලබව දැකිය හැකි විය.

එමෙන්ම විදෙස් ප්‍රවෘත්ති වාර්තා අනුව, බලධාරීන් ආරක්ෂක කැමරා දර්ශන (CCTV) විමර්ශනය කරමින් සිටින අතර මෙසීගේ බිරිඳගේ පවුලේ සාමාජිකයින්ට මෙවැනි තර්ජනයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

Santa Fe පළාතේ අධිකරණ අමාත්‍ය Celia Arena, මෙම ප්‍රහාරය ‘මාෆියා’ කණ්ඩායමක ‘ත්‍රස්තවාදී’ ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය ගැන මෙසී ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම් කර නොමැති අතර ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙන යාමෙන් පසුගිය සඳුදා පැවිති FIFA සම්මාන උළෙලේ හොඳම ක්‍රීඩකයා ලෙසද සම්මානයට ප්‍රාප්ත විය.

Bullet holes are seen in the window of a supermarket owned by Lionel Messi’s in-laws. (Photo by STR/AFP via Getty Images)

පොලිස්පති පුටුවට පාස්කු වැරදිකරුවෙක් සහ චූදිතයන් 2ක් අතර සටනක් : ලිස්ට් එකේ ඊළඟට ප්‍රියන්ත ?

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ලබන 26දා විශ්‍රාම ලැබුවහොත්, මීළඟ පොලිස්පති ධුරයට පත්වීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින නිලධාරීන් තිදෙනාම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් හෝ චෝදනා ලැබූ තැනැත්තන් හෝ වීම විශේෂත්වයකි.

මීළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ අයෙකි. ඊළඟට ලැයිස්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට සහ දේශබන්දු තෙන්නකෝන්ට ද ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් අවස්ථා 2කදී ඔවුන් මීට වගකිවයුත්තන් බව සඳහන් කර, විමර්ශන පැවැත්විය යුතු බවට නිර්දේශ කර ඇති අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ද සකස් කොට බාරදෙන ලදි.

ලිස්ට් එක ?

මෙම නිලධාරීන් තිදෙනාගෙන් පසු ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ය. ඔහුට එරෙහිව මෙතෙක් බරපතළ අපරාධ චෝදනා එල්ල වී නැති බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.

මෙම නිලධාරීන්ගෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, එම්.ඩී.ආර්.එස්. දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න පිළිවෙළින් පොලිස් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටිති.

වගකීම කාටද ?

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත්වීම් ලැබුවේ 2020 නොවැම්බර් 27 දින ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම සිදුකරන ලදි. ඊට හේතු වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කර තිබූ ව්‍යවස්ථාදායක සභාව 20 වැනි සංශෝධනය මගින් අහෝසි කිරීමයි.

එහෙත් යළිත් 21 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර ඇති නිසා නව පොලිස්පතිවරයා තේරීමේ වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවටයි. ඒඅම සභාව මගින් නිර්දේශ කරන පුද්ගලයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.

සේවා දිගුවක් ?

කෙසේ වෙතත් නීති විශාරදයන් සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ විශ්‍රාම වයස පිළිබඳ 21 වැනි සංශෝධනයේ පැහැදිලිව සඳහන් නොවන බවයි. මේ නිසා චන්දන වික්‍රමරත්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත සේවා දිගුවක් ලබාගැනීමේ හැකියාව ද පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඔහු සේවා දිගුවක් ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

වර්තමාන පොලිස්පතිවරයා විසින් අනීතික ලෙස ජනතවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන ලෙස පනවන ලද පොලිස් ඇඳිරි නීතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් සහ තවත් චෝදනා රැසක් ද ඔහුට මේ වන විට එල්ල වී තිබේ. ඔහුට මාර්තු 26දා ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවුවහොත්, මෙම සියලු චෝදනාවලට සාමාන්‍ය – සිවිල් පුරවැසියෙකු ලෙස තනි ව මුහුණ දීමට සිදු වේ. එවිට නීතිඥ පහසුකම් ලබාගැනීම ඇතුළු සේවා ද ඔහු විසින් සපයාගත යුතුය.

පාස්කු නඩු 108කින් මාව නිදහස් කරන්න : හිටපු ජනපතිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් රුපියල් 21,000ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය ඊයේ (01) නියම කළේය.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසිනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්, වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර, තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයන් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මේ අතර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වගඋත්තරකරුවන්, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජනවාරි 12දා තීරණය කළේය. ඒ, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පෙත්සම්කරුවන් 13 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසුව ය.

මෙම පෙත්සම් තීන්දුව මගින් වරදකරුවන් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ය.

වැඩකාර මැස්සෙකුගෙ සංකාව

0

හැමදාම අතගාන මකරන්ද මොනවට ද
ආදරය දැනෙනකොට වැඩකාර මැස්සෙකුට
මී වදෙන් ඉගිල්ලී පලායන්නට හිතෙයි
දුර ඈත මීදුමේ ගිරි ශිඛර නානකොට

ලැයිම් කාමර පේලියකි පිලා කෝෂ ටික
නොමේරූ පිලව් හංකිති දිගේ පැණි ගලන
මුරකාර මැස්සන් ද පරාගන වමනයක
වනේ වන මල් සමඟ චෛතසික රමණයක

මිදී කැටි ගැහෙන මී ඉටි පුරා කැකෑරෙන
අතීතය දියාරුව ගලායන කළුවරක
මතක මීවිත ගලයි නිශාචර පාළුවක
වැඩකාර මැස්සෙකුගෙ ශෘංගාර හාදුවක

තුමුල ලිස්සන ගහක මීරි මී වද බඳින
ජීවිතය සිහිනයකි පරාගන මෙහෙවරක
මී බඳින ජනපදය බන්ධනාගාරයකි
තිත්ත මීපැණි විඳින වැඩකාර මැස්සෙකුට

පුරුක් අඬුපඬු දිගේ සන්ධිපාදික වෙහෙස
භෘංග කෘමි හීනයක භංගුරව යන මොහොත
තුංග හූමිටි තියන වැඩකාර මැස්සෙකුට
කුමකට ද ජනපදේ රැජිනකගෙ සිනා වත

කුමාර හෙට්ටිආරච්චි

“කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ

0

ලක්ෂාන් මධුරංගගේ ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කාව්‍ය සංග්‍රහයේ දැනුණු තැන්වලින්, මගේ හද රැඳුනු තැන් කිහිපයක් පිළිබඳව මෙසේ සටහන් කර තබමි. එසේ වුනත් “කොළඹට කියන්නේ බොරැල්ලට” අමතක කර යා නොහැකිය. පොතක් මුද්‍රණය කරන්න ප්‍රකාශකයකු සොයාගත්තත්, මේ මොහොත කියන්නේ පොතක් මිල කරන්න ඉතා අසීරු මොහොතක්. ඉතින් ඒ අසීරු තත්ත්වයන් පිය මනින්නට හැකිව ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” ජනගත වෙලා . ලක්ෂාන් මධුරංගව කාව්‍ය ලෝකය තුළ හමුවන්නේ සමාජ දේශපාලන බරක් තැබූ කවියෙකු ලෙසයි. ඔහුගේ 2019 ජනගත වුණු “කොළඹට කියන්නේ බොරැල්ලට” කාව්‍ය සංග්‍රහය මේ බර කොපමණද කියන එක අපට දනවන කාව්‍ය එකතුවක්.

ඔහු වර්තමාන සමාජ දේශපාලන සංස්කෘතික පරිහානිය තුළ පෑදී පරිචයක් ඇති කවියෙකි. ලක්ෂාන් මධුරංග කවියට නව හැඩයක් එක් කර තිබේ. පැරණි රටාවන් තුළින් අලුත් රටාවන් සොයමින් සිටියි.ඒ සියල්ල අතර ඔහු කවිය සමාජ දේශපාලන මානයෙන් පරිබාහිර නොකර ඒ තුළ මිනිසාට සහ අවට පරිසරයට අත්වූ ඉරණම කවියට නඟමින් සිටී.

නැළවුණු කවි

මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇති
නංගිටයි මටයි ගෙඩි දෙකක් නැති
පැහිල ඉදිල බිමට නැමිලා බර වුණත් අතු
වැඩිය කඩන නරක ළමයි වැට ගසා ඇති

-21 වන පිටුව-

සමුපකාර ණය දෙන සමිතිය (වාණිජ පාඩම )

කාකි පැහැ පොළොවෙන්
වතුර ඉල්ලා හිස නවා ගත්
මයිල ගස් වැනි
දරුවන් පිරිසක් මැද
සිටිමි මම

වතුරු පිළිතුරු අවැසි
බොහෝ පැහැති දෙනෙත් 30 කින්
මම අසමි
වියලි පැනයක්

සමිති – සමාගම්
අද පාඩම

කිව හැකිද එක නමක්

එකවර එසේ වුණා එක අතක්
එය දිවුල් අත්පත් වන් අතක්

ඉදුණු ගෙඩියක් වගේ ගිලිහුණා පිළිතුර

සමුපකාර ණය දෙන සමිතිය

-27 වන පිටුව-

සෙට් සුවඳ
හැම
පිරිමි
වෙනුවට
පිරිමි සුවඳ
හමන
සෙන්ට්

-22 වන පිටුව-

කාව්‍ය 34 කින් සමන්විත “කොළඹට කියන්නේ බොරැල්ලට” කාව්‍ය සංග්‍රහයේ කවි නිදසුන් කීපයක් ඉහත උපුටා දක්වා තිබේ. එහි කිනම් කවිය ගෙන කිනම් තැනකින් අපි කතාබහක් නිර්මාණය කරන්න මුල පිරුවද අපි මේ ජීවත් වෙන සමාජයෙන් පිටපැන වෙනත් සිහින වල සිට විග්‍රහ කරගැනීමට නොහැකියි, ඊට හේතුව මුල් පද පෙළෙන් හීනයක් හදාගත්ත ද දෙවන පද පෙළෙන් ඒ සිහිනය කුඩුපට්ටම් වෙන්න වර්තමාන සමාජ යථාර්ථය නැමති ඉඳිකටුවෙන් අපිට අනිනවා. ලක්ෂාන්ගේ මේ කවි හරහා අපිට දුර ගමන් යා හැකිය. “කොළඹට කියන්නේ බොරැල්ලට” කිවූව අපිට ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කියලා කියන්න තරම් ඔහු අද තවත් එඩිතර වෙලා තියනවා.

” බුදුවෙන්නවත් අතඅරින් නෑ” මේ නමම විවාදාත්මකයි. අතහැරීම කියන්නෙම ආදරය, ආදරය කියන්නෙම අතහැරීම කියලා වර්තමාන සමාජය තුළ අත හැරලා ඉන්න බැරි එකාටත් සමාජ විරෝධයක් එල්ල වෙයි කියලා බයේ අතහැරලා හැංගිලා හඬන්න තරම් ප්‍රබල සමාජ මතයක් සාහිත්‍ය විචාරකයෝ ගොඩනගලා තියෙනවා . එවන් ප්‍රබල අවකාශයකට ලක්ෂාන් මධුරංග කියනවා ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කියලා .

” බුදුවෙන්නවත් අතඅරින් නෑ” එහෙම කිව්වම හිතෙන තවත් දෙයක් තමයි ආත්මාර්ථකාමය යශෝදරා ආත්මාර්ථකාමී වුනානම් අද බුදු කෙනෙක් නැහැ කියලා සමහරු කියනවා. ඒ නිසා අර අතහැරීම තමයි ආදරය කියන එකට පොඩි ක්‍රෙඩිට් එකක් එතනින් ලබාගෙන අතහරින්න බැරි වුනුත් විචාරයන් වලදී අත හරින හැටි ආදරේ කියලා කියන්න පෙළඹිලා තියෙනවා.

“කොළඹට කියන්නේ බොරැල්ලට” ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කියන කාව්‍ය ග්‍රන්ථ දෙක එක ළඟ තබා කතා කරන විට ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” මානව සබඳතා පිළිබඳ වැඩි කතාබහක් ඔහු කවි හරහා අපට ගෙනැවිත් තියෙනවා. ඊට උදාහරණ ලෙස “ඔයා ගියොත් මං එල්ලෙනවා” , “ඒ නිසා තමයි මේ ඔක්කොම” , “දශක හතරක ලපකැලැල්” , “තහනම් අඩවිය” , මේ පොතේ මාර්තුකාව හිමි ” බුදුවෙන්නවත් අතහරින් නෑ”, “තෙතමන”, “Tha Sieep Breaker” ඇතුළු බොහෝ කවි එසේ අපට ගත හැකියි .

ආදරය ප්‍රේමය කියන විෂය අරභයා ලක්ෂාන් මධුරංග දරන්නේ අත හැරීම ආදරයයි කියන ජනප්‍රිය ප්‍රවාදය නොව ආදරය ප්‍රේමය රැකගැනීමට වෙර දරන මහපොළොවේ ජීවත් වෙන උන්ගේ පාර්ශවය බව මේ කවි දෙක හරහා ඔබට වටහා ගන්න පුළුවන්. කෙනෙක් ආදරේ වෙනුවෙන් මියැ දෙද්දී ,කෙනෙක් ප්‍රේමය වෙනුවෙන් බුදු වෙන්න වත් අතඅරින් නෑ. ඇය හැරදා ගිය සහකරුවා වෙනුවෙන් මියැදෙන අතර තවත් තැනක ඇය හැරදා යන්නට තැත් කරන සහකරුවා වෙත අත්නොහරින ප්‍රේමයක දියුරුම දෙනවා. පව් නොකරන, අතහරින, විඳ ගන්නා , දරාගන්න සුචරිත ලෝකයට වඩා ලක්ෂාන් මධුරංග ගේ කවි අපි ජීවත්වන ලෝකයේ ස්පර්ශ කරන ඒවාය.

සමස්තයක් ලෙස ගත් කල ” බුදුවෙන්නවත් අතඅරින් නෑ” කාව්‍ය එකතුව තුළ අත්හළ යුතු කිසිවක් හමුනොවේ.

බුදු වෙන්නවත් අත අරින් නෑ

ප්‍රේමය
පාරමිතාවක්
බුදු වන තුරු ම
අත් හළ යුතයි ඉන් පසු
බුදු වෙන්න

මේවට හිනා නොවී ඉන්නේ කොහොම ද?

කොයි තරම්
පාරමී පුරන්න ඇත් ද ඔයා
මාව සොය සොයා…
ඒ ඔක්කොම ඒවා කළේ ඔයා
බුදු වෙන්න විතරම යි කියලා දැනෙනකොට
මේ යසෝදරාටත් දරන්න බෑ තමා

අපිව දාලා ගියාට
ඔයා හදපු දර්ශනේ හොඳයි… ඇත්තයි…
ඒ වුණාට මං එකඟ නෑ ඔක්කොට ම

‘පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං’
මං පිළි ගන්නේ නෑ…
‘වඩාත් ආදරණීය වු දේ
වඩාත් සෝකය උපදවයි’
මඡ්ඣිම නිකායේ තිබ්බට
මට පිළිගන්න බෑ…

ඔයාට එහෙම වෙන්නැති
ඒ වුණාට මට නම් නෑ සුදා…
අසෝක මල් ගසක් වගේ
මට නම් ඔබේ ප්‍රේමය – ඉතිං සෝකයක් කොහේද?
විශාලා නුවරක් නෙවෙයි

මා වටා තිබුණු ප්‍රේමය – ඉතිං භය කියන්නේ මොකට ද?

ඔයාට නම් කොහොම වුණත්
මට නම් පාරමිතාවක් මේ භවයත්
ඔයා ඇවිල්ල කිව්වත් බණටත්
බුදු වෙන්නවත් අත අරින්නෙ නෑ
මං ඔබට ඇති ප්‍රේමය

ඒ ඔයා සොයා ගත්ත සත්‍යය
නිවන
මේ මං සොයා ගත්ත සත්‍යය
ප්‍රේමය

ඇතැම් විට නිවන කියන්නෙම
ප්‍රේමය වෙන්න ඇති
ප්‍රේමය කියන්නෙම
නිවන වෙන්න ඇති

හිල්මි සුපුන්

වත්කම් බැරකම් නොදුන් මන්ත්‍රී ලැයිස්තුව සඟවන්න වසර 5ක් පාර්ලිමේන්තුව කළ සටන අභියාචනාධිකරණයේදී පරාජයට පත්වෙයි !

තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන, වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය ඊයේ (28) තීරණය කළේය.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ගත් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොනු කර තිබූ අභියාචනයක් නිශ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.

මෙම තීන්දුව ලබාදුන්නේ සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරිණි. ඉන්පසු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් යොමු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව අදාළ තොරතුරු මුදාහරින ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරිවරයාට දැනුම් දුන්නේය.

එම තීන්දුව ගනු ලැබුවේ තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස්වරුන් වන මහින්ද ගම්මන්පිල, හිටපු විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස්. ජී. පුංචිහේවා සහ සෙල්වි තිරුචන්ද්‍රන් විසිනි.

එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනුකරන ලදි. ඊයේ ලබාදුන්නේ එම අභියාචනයට අදාළ තීන්දුවයි.

මෙහිදී මාධ්‍යවේදී චාමර සම්පත් වෙනුවෙන් නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් පරිදි නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ සුභාංගි විමලනාදන් පෙනීසිටියහ. නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා පෙනී සිටි අතර, තොරතුරු කොමිසම වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න සහ නීතිඥ ජයනි ඇල්ලේපොල පෙනීසිටියහ.

2018 සිට

2018 ජුනි 21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලද අදාළ තොරතුරු ඉල්ලුම්පත්‍රය මගින් පහත තොරතුරු ඉල්ලා තිබිණි.

01. 2018 වර්ෂයේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක්.
02. 2010 වසරේ සිට 2018 දක්වා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක්.

ලැයිස්තුවක් පමණයි !

මාධ්‍යවේදියෙකු වන චාමර සම්පත් ඉල්ලා තිබුණේ වත්කම් – බැරකම් පිළිබඳ විස්තර නොවේ. ඒවා බාර දුන් – නොදුන් පිරිසගේ නම් ලැයිස්තුවකි. පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා විසින් ඉල්ලුම්කරුට දැනුම් දී තිබුණේ මේ තොරතුරු අවශ්‍ය නම්, ඒ බව කතානායකවරයාට දැනුම් දිය යුතු බවයි. මේ නිසා ඉල්ලුම්කරු විසින් තොරතුරු පනතේ ප්‍රතිපාදන අනුව, නම් කළ නිලධාරියා වෙත තමන්ගේ අභියාචනය යොමුකරන ලදි. එහිදී ද සිදුවූයේ 1975 වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය උපුටා දක්වමින් මේ තොරතුරු රහස්‍ය ඒවා බව පුන-පුනා කීම ය. මෙසේ තොරතුරු සැඟවීමේ උත්සාහයට විරෝධය පළකරමින් ඉල්ලුම්කරු විසින් මෙය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත යොමුකරන ලදි.


කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයේදී කරුණු දක්වමින් පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් සඳහන් කර තිබුණේ කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා යනු එකිනෙකට වෙනස් තනතුරු දෙකක් වන බවත්, මේ නිසා කතානායකවරයා සතුව ඇති තොරතුරක් ලබාදීමේ හැකියාවක් මහ ලේකම්වරයාට නැති බවත් ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

මේ කරුණ සනාථ කිරීම සඳහා පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද තර්කය වූයේ දිවි නැගුම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගයේදී සිදු වූ ක්‍රියාවලියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ පෙත්සම් පිටපතක් කතානායකවරයා වෙත බාරනොදීම නිසා අදාළ පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලීමක් කෙරිණි. එහෙත් අධිකරණයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඊට හේතු වූයේ අදාළ පෙත්සම් පිටපත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත බාරදී තිබීම ය. එය ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විය. කෙසේ වෙතත් එවකට පාර්ලිමේන්තුව විසින් ඊට වෙනස් මතයක් ඉදිරිපත් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිනොගැනිණි.


මේ කරුණ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශවල පාලනය කතානායකවරයා සතු වීම පැහැදිලි කරමින් පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් කොමිෂන් සභා විභාගයේදී තම මතය සාධාරණීකරණය කරන ලදි.
කෙසේ වෙතත් තොරතුරු පනතේ 5 (1)හි සඳහන් ආකාරයට තොරතුරු නිලධාරියා විසින් මේ පිළිබඳ කිසිදු අවස්ථාවක කොමිෂන් සභාවේ උපදෙස් විමසීමක් සිදු කර නැත. එසේම තොරතුරු පනත මගින් පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද හීන නොවන බවට 3(2) හි සඳහන් කරුණ ඔවුන් වැඩිදුරටත් උපුටා දක්වනු ලැබිණි. සියල්ල එසේ තිබියදී, සමාජ සුබසිද්ධිය වෙනුවෙන් තොරතුරු හෙළිදරව් කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු සියල්ල උපක්‍රමශීලීව සඟවනු ලැබිණි.

මගහැරීමේ උපක්‍රම

කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයේදී ඉල්ලුම්කරුගේ පාර්ශ්වය විසින් පෙන්වා දෙනු ලැබුවේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මගින් ප්‍රකාශිත රීති සහ රෙගුලාසි අනුව අදාළ ඉල්ලීම කතානායකවරයා වෙත යොමුකිරීමට මහ ලේකම්වරයා බැඳීසිටින බවයි. එය හිතාමතාම මගහැර ගොස්, වෙනත් උපක්‍රමයක් හරහා ජනතාවට අත්‍යවශ්‍ය තොරතුරක් ලබානොදී සිටීමේ උත්සාහයක පාර්ලිමේන්තු පාර්ශ්වය යෙදී සිටින බව ඔවුන්ගේ තර්කය විය. අදාළ තොරතුරු හෙළිදරව් වීම වළක්වන ලෙස ඒ තරම්ම ඔවුන්ට උපදෙස් ලැබී තිබුණා විය හැකිය.
ඉන්පසු තොරතුරු කොමිසමේ මෙහෙයවීම මත මේ පිළිබඳ කතානායකවරයා දැනුවත් කෙරුණු අතර, කතානායකවරයාගේ පාර්ශ්වයෙන් පවසා ඇත්තේ ඉල්ලා ඇත්තේ නම් ලැයිස්තුවක් පමණක් වන බැවින්, එය ලබාදෙන ලෙස තමන් මහ ලේකම්වරයාට දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් මහ ලේකම්වරයා මෙය පිළිගෙන නොතිබිණි. ඊට අදාළ ව නීති උපදෙස් ලබාගත යුතු බව ඔහුගේ මතය විය. ඒ අනුව නීතිපතිවරයාගෙන් විමසූ විට, ඔහුගේ මතය වී ඇත්තේ මෙය මහ ලේකම්වරයාගේ කාර්යයක් නොවන බවත්, කතානායකවරයාගේ කාර්යයක් වන බවත් ය. කෙසේ වෙතත් මහ ලේකම්වරයාගේ පාර්ශ්වයෙන් නීති උපදෙස් ලබාගැනීමේදී කතානායකවරයා යටතේ වෙනම තොරතුරු නිලධාරියෙක් නැති බව සඟවා ඇතැයි තොරතුරු කොමිසම නිරීක්ෂණය කර තිබිණි. පාර්ලිමේන්තුවේ සිටින්නේ එක් තොරතුරු නිලධාරියෙකු පමණි.


මෙසේ දෙපාර්ශ්වය අතර තර්ක ගොඩනැගෙමින් තිබියදී, මේ හා සමාන නඩුවක් අභියාචනාධිකරණයේදී විභාග වීම ඇරඹිණි. ඒ අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව කොමිසමේ නියෝගයක් නොසලකා හැරීමට එරෙහිව ය.

වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ නීතියේ 4(අ) සහ 4(ආ)හි මෙසේ සඳහන් වේ.

(අ) පාර්ලිමේන්තු කතානායකවරයා විසින්, කැබිනට් ඇමැතිවරුන්, අනෙකුත් ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් විසින්, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විනිසුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් වත්කම් සහ වගකීම් ප්‍රකාශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
(ආ) අනෙකුත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයා වෙත වත්කම් සහ වගකීම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.


මේ අතර මෙහි 5(3) යටතේ සඳහන් වන්නේ ඕනෑම පුද්ගලයෙකුට නියමිත ගාස්තුවක් ගෙවීමෙන් වත්කම් ප්‍රකාශන ලබාගත හැකි බවයි.

එක සමාන නඩුවක් පවතින නිසා තොරතුරු කොමිසමේ තීන්දුව ලබාදීම අභියාචනාධිකරණ තීන්දුව ලබාදෙන තෙක් කල් දැමීමට ද වරක් තීරණය විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව පාර්ශ්වයේ නිගමනය වූයේ සෑම අවස්ථාවකදීම වත්කම් සහ බැරකම් නීතිය අනෙකුත් නීති අබිබවා යන බවයි. තොරතුරු පනතේ 4 වගන්තියේ ද එය එසේ ම සඳහන් වේ.
‘වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර, මේ පනතේ විධිවිධාන සහ යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවක් හෝ ගැටීමක් ඇති වන අවස්ථාවක, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතුය.’

මන්ත්‍රීවරයා යනු කවුද?

මේ සියලු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කරන ලද වැදගත්ම තර්කය වන්නේ මෙවැනි ලැයිස්තුවක් ලබාදීමක් පිළිබඳ කිසිවක් වත්කම් හා වගකීම් නීතියේ සඳහන් නොවන බවයි. ඔහු ඉල්ලා ඇත්තේ වත්කම් ප්‍රකාශ නොවේ. ලැයිස්තුවක් පමණි. ලැයිස්තුවක් අනාවරණය වීම වැළැක්වීම සඳහාත් දීර්ඝ කරුණු දැක්වීම් රැසකි.


තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මගින් මීට අදාළ නියෝගය ලබාදෙමින් මුලින්ම සඳහන් කරන ලද්දේ පාර්ලිමේන්තුව නම් එකම ආයතනය තුළ කතානායකවරයා සහ මහ ලේකම්වරයා යනු වෙනම කටයුතු කරන ආයතන දෙකක් නොවන බවයි. එසේම ආයතනය සතු තොරතුරකට අදාළ ලැයිස්තුවක් සකස් නොකිරීම පිළිගත නොහැකි කරුණක් බව ද කොමිසම සිය නියෝගයේ සඳහන් කර තිබේ. මන්ත්‍රීවරයෙකු ඉටු කරන්නේ මහජන කාර්යභාරයකි. එම නිසා ඉහළ ම මට්ටමේ මහජන නිරීක්ෂණයකට ඔවුන් යටත් විය යුතුය යන්න කොමිසම මගින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එදිරිව ජනාධිපති ලේකම් කාර්යාලය නියෝගයේ ද පැහැදිලිව පෙන්වා දී ඇත. වැදගත්ම කරුණ වන්නේ පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් පෙන්වා දෙන පරිදි මෙහි පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළුවක් නැත. ඉල්ලා ඇත්තේ නම් ලැයිස්තුවකි. එමගින් මහජන සුබසිද්ධිය ඉටුවීමක් සිදුවන්නේ යැයි ද නියෝගයේ සඳහන් ය.


තොරතුරු කොමිසම සිය නියෝගයේ දිගින්-දිගටම සඳහන් කර ඇත්තේ මේ ලැයිස්තුව හෙළිදරව් වීම වැළැක්වීමේ උත්සාහය ප්‍රශ්නසහගත බවයි. තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතියක් වෙනුවෙන් මුළු ලෝකය ම කටයුතු කරමින් සිටියදී, පාර්ලිමේන්තුව තොරතුරු වසන් කිරීම වෙනුවෙන් සියලු නීති ප්‍රතිපාදන ගෙනහැර දක්වමින් සිටී.
අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශය පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව ලබාදෙන තුරු මුලදී කල්දැමුණද, වසර දෙකකට අධික කාලයක් ඇදුණු මේ කරුණට අදාළ කොමිසමේ නියෝගය ඊට පෙර ලබාදීමට තීරණය කෙරුණේ ඉල්ලුම්කාර මාධ්‍යවේදී චාමර සම්පත් විසින් යළිත් ගොනුකරන ලද අභියාචනයක් නිසා ය. කෙසේ වෙතත් කොමිසමේ අවසාන නියෝගයේ පැහැදිලිව සඳහන් වූයේ  මේ තොරතුරු ලබාදිය යුතු වන බවයි.

කොමිසමේ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට

කොමිසමේ එම නියෝගයට එරෙහිව ය, පාර්ලිමේන්තු මහ ලේකම් විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකරන ලද්දේ.