මැතිවරණ කොමිසම අලුත් වෙයි : ස්වාධීන කොමිෂන් සභා වෙනස මේ මාසයේ !

Share post:

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධින කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත්කිරීමේ කටයුතු මේ මාසය තුළ අවසන් කිරීමට තීරණය කර ඇති බව ව්‍යවස්ථාදායක සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව මෙම කොමිෂන් සභා අයදුම්පත් කැඳවනු ලැබිණි. එම අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරාගැනීම සහ ඔවුන්ගේ සුදුසුකම් පරික්ෂ කිරීම පිළිබඳ කටයුතු සැලසුම් කිරීම මේ දිනවල සිදුකරන බව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් thetime.lk වෙත පැවසීය.

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ පුවත්පත් නිවේදන පෙබරවාරි 01දා පළකළ අතර, ඒ සඳහා වන අවසාන දිනය ලෙස දැක්වුණේ පෙබරවාරි 15 ය. මීට අදාළ අයදුම්පත් ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළකෙරිණි.

කතානායකවරයා සමග අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරු නොවන සාමාජිකයෝ ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...