‘අප ඔබ එනතුරු බලා සිටිනවා’ : ලෝක ශූර පාපන්දු තරුව මෙසීට මරණ තර්ජන !

Share post:

ලෝක ශූර ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසීට මරණ තර්ජන එල්ල වී තිබේ.

ඊයේ (02) උදෑසන යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙසීගේ බිරිඳගේ පවුලට අයත් සුපිරි වෙළේඳසැලකට වෙඩි තබා ඇත.

තුවක්කුකරුවන් මෙසී සම්බන්ධයෙන් තර්ජනාත්මක සටහනක් තබා ඇති බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, රොසාරියෝ හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන් එහි සඳහන් කර ඇත.

එම ප්‍රහාරය සිදුව තිබෙන රෝසයිරෝ නගරය, මෙසී ජීවත්වන නගරය මෙන්ම ආජන්ටිනාවේ තුන්වැනි විශාලම නගරය වන අතර බුවනොස් අයර්ස් අගනුවර සිට සැතැපුම් 185ක් දුරින් පිහිටා ඇත.

පසුගිය වසර කිහිපය තුළ දී මෙම නගරය සහ ආශ්‍රිත අනෙකුත් නගර තුළ ද මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ඒ තුළින් ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වයන් සුලබව දැකිය හැකි විය.

එමෙන්ම විදෙස් ප්‍රවෘත්ති වාර්තා අනුව, බලධාරීන් ආරක්ෂක කැමරා දර්ශන (CCTV) විමර්ශනය කරමින් සිටින අතර මෙසීගේ බිරිඳගේ පවුලේ සාමාජිකයින්ට මෙවැනි තර්ජනයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

Santa Fe පළාතේ අධිකරණ අමාත්‍ය Celia Arena, මෙම ප්‍රහාරය ‘මාෆියා’ කණ්ඩායමක ‘ත්‍රස්තවාදී’ ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය ගැන මෙසී ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම් කර නොමැති අතර ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙන යාමෙන් පසුගිය සඳුදා පැවිති FIFA සම්මාන උළෙලේ හොඳම ක්‍රීඩකයා ලෙසද සම්මානයට ප්‍රාප්ත විය.

Bullet holes are seen in the window of a supermarket owned by Lionel Messi’s in-laws. (Photo by STR/AFP via Getty Images)

Related articles

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...

යුද සමයක මානුෂීය නායකත්වය !

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට...

ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය….

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස්...

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...