‘අප ඔබ එනතුරු බලා සිටිනවා’ : ලෝක ශූර පාපන්දු තරුව මෙසීට මරණ තර්ජන !

Share post:

ලෝක ශූර ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසීට මරණ තර්ජන එල්ල වී තිබේ.

ඊයේ (02) උදෑසන යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙසීගේ බිරිඳගේ පවුලට අයත් සුපිරි වෙළේඳසැලකට වෙඩි තබා ඇත.

තුවක්කුකරුවන් මෙසී සම්බන්ධයෙන් තර්ජනාත්මක සටහනක් තබා ඇති බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, රොසාරියෝ හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන් එහි සඳහන් කර ඇත.

එම ප්‍රහාරය සිදුව තිබෙන රෝසයිරෝ නගරය, මෙසී ජීවත්වන නගරය මෙන්ම ආජන්ටිනාවේ තුන්වැනි විශාලම නගරය වන අතර බුවනොස් අයර්ස් අගනුවර සිට සැතැපුම් 185ක් දුරින් පිහිටා ඇත.

පසුගිය වසර කිහිපය තුළ දී මෙම නගරය සහ ආශ්‍රිත අනෙකුත් නගර තුළ ද මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ඒ තුළින් ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වයන් සුලබව දැකිය හැකි විය.

එමෙන්ම විදෙස් ප්‍රවෘත්ති වාර්තා අනුව, බලධාරීන් ආරක්ෂක කැමරා දර්ශන (CCTV) විමර්ශනය කරමින් සිටින අතර මෙසීගේ බිරිඳගේ පවුලේ සාමාජිකයින්ට මෙවැනි තර්ජනයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

Santa Fe පළාතේ අධිකරණ අමාත්‍ය Celia Arena, මෙම ප්‍රහාරය ‘මාෆියා’ කණ්ඩායමක ‘ත්‍රස්තවාදී’ ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය ගැන මෙසී ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම් කර නොමැති අතර ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙන යාමෙන් පසුගිය සඳුදා පැවිති FIFA සම්මාන උළෙලේ හොඳම ක්‍රීඩකයා ලෙසද සම්මානයට ප්‍රාප්ත විය.

Bullet holes are seen in the window of a supermarket owned by Lionel Messi’s in-laws. (Photo by STR/AFP via Getty Images)

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...