Share post:

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල එකමුතුවෙන් මාර්තු 08දා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එහි ඒකාබද්ධ කැඳවුම්කරු අජිත් තිලකරත්න මේ බව තහවුරු කළේය.

පසුගිය 01දා වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකතුව ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත විය. ඒ අතර විරෝධතා, අකුරට වැඩකිරීම, සෙමින් වැඩකිරීම, කළු පටි බැඳීම ඇතුළු සංකේතාත්මක විරෝධතා සහ බැනර් – පෝස්ටර් ප්‍රමුඛ ප්‍රචාරක කටයුතු සිදු කෙරිණි.

මෙම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සතියක කාලයක් ආණ්ඩුවට ලබාදෙන බව එහිදී විරෝධතාකරුවෝ සඳහන් කළහ.

අද (03) ද රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව දහවල් කෑම පැයේදී සේවා ස්ථාන ඉදිරිපිට විරෝධතා දැක්වූහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...