IMF ආවෙ නැතත් අපිට යන්න පුළුවන් – මහ බැංකු අධිපති : ආණ්ඩුව හොඳට වැඩ කරනවා – IMF

Share post:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම නියමිත කාල සීමාවේදී නොලැබුණද, පවතින තත්ත්වය යටතේ රටට ඉදිරියට යෑමේ හැකියාව පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ ව ලංකාව විසින් සිදු කළ යුතු සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. මහ බැංකු ශ්‍රවණාගාරයේ පවත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සාර්ථකව ඉදිරියට යෑමේ අවස්ථාව ඉක්මනින් ම ලැබෙනු ඇති බවත්, එවිට රැට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ය.

ආණ්ඩුව විසින් ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග වන විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනය, වෙළෙඳපොල පොළී අනුපාතය අඩුකිරීම සහ වෙනත් ක්‍රියාමාර්ග හරහා රජයේ ආදායම වැඩිකර ගැනීම නිසා යහපත් ප්‍රවණතා ඇතිවෙමින් තිබෙන බව ද ඔහු අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකා රජය බැංකු පොළී අනුපාත යළි ඉහළ දැමීම මේ අවස්ථාවේ ගතයුතු ව තිබූ නිවැරදි ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. එම අරමුදල පෙන්වා දෙන්නේ මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුලක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා රජය උද්ධමනය පාලනය කිරීම සඳහා ගෙන යන සමස්ත ක්‍රියාවලිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සූම් ඔස්සේ විශේෂ සාකච්ඡාවක් ද පැවති බව මාධ්‍ය වාර්තා කළේය. එහිදී ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන් ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක ද සඳහන් විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...