වැඩකාර මැස්සෙකුගෙ සංකාව

Share post:

හැමදාම අතගාන මකරන්ද මොනවට ද
ආදරය දැනෙනකොට වැඩකාර මැස්සෙකුට
මී වදෙන් ඉගිල්ලී පලායන්නට හිතෙයි
දුර ඈත මීදුමේ ගිරි ශිඛර නානකොට

ලැයිම් කාමර පේලියකි පිලා කෝෂ ටික
නොමේරූ පිලව් හංකිති දිගේ පැණි ගලන
මුරකාර මැස්සන් ද පරාගන වමනයක
වනේ වන මල් සමඟ චෛතසික රමණයක

මිදී කැටි ගැහෙන මී ඉටි පුරා කැකෑරෙන
අතීතය දියාරුව ගලායන කළුවරක
මතක මීවිත ගලයි නිශාචර පාළුවක
වැඩකාර මැස්සෙකුගෙ ශෘංගාර හාදුවක

තුමුල ලිස්සන ගහක මීරි මී වද බඳින
ජීවිතය සිහිනයකි පරාගන මෙහෙවරක
මී බඳින ජනපදය බන්ධනාගාරයකි
තිත්ත මීපැණි විඳින වැඩකාර මැස්සෙකුට

පුරුක් අඬුපඬු දිගේ සන්ධිපාදික වෙහෙස
භෘංග කෘමි හීනයක භංගුරව යන මොහොත
තුංග හූමිටි තියන වැඩකාර මැස්සෙකුට
කුමකට ද ජනපදේ රැජිනකගෙ සිනා වත

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...