ජනවර්ගය උප්පැන්නෙන් ඉවතට : සියලු දෙනා ‘ශ්‍රී ලාංකික’ කරයි

Share post:

ශ්‍රී ලංකාවේ භාවිතාවන උප්පැන්න සහතිකයෙන් ‘ජන වර්ගය/ජාතිය’ ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ අනුව දැනට උප්පැන්න සහතිකයේ සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම්, මැලේ සහ ඉන්දියානු සම්භවයක් යන්න භාවිත වන බැවින් එය එම ලේඛනයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ සාමාජයීය සහ ජාත්‍යන්තර වශයෙන් පවතින ගැටලු ද සලකා බලා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි. ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන් අනුව උප්පැන්න සහතිකයේ තවත් සංශෝධන කිහිපයක් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව උප්පැන්න සහතිකයක් තම මව් භාෂාවෙන් ලබාගත හැකි නමුත් ඉදිරියේදී එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

දැනට මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාල හතකදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, එළඹෙන වසරේදී නව උප්පැන්න සහතික නිකුත් කිරීම ප්‍රාදේශිය ලේකම් කාර්යාල 100 ක් මගින් සිදුකිරීමට නියමිත බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කරයි.

එසේ වුවද, අවශ්‍ය නම් ජාතිකත්වය ඇතුළත් කළ හැකි අතර පියා සහ දෙමාපියන්ගේ විවාහක තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් නොවන බව ඔහු පවසා සිටී. එසේම ඉදිරියේදී උප්පැන්න සහතිකය තනි පිටුවක් ලෙස නිකුත් කිරීමට නියමිතය.

ව්‍යාජ උප්පැන්න සහතික සැකසීම වැළැක්වීම, උප්පැන්න සහතික වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට සිදුවීම නතර කිරීම සහ දෙමාපියන් විවාහ වී සිටියේද නැද්ද යන්න පිළිබඳ තොරතුරු ඉවත් කිරීම මගින් නව උප්පැන්න සහතිකය සාමාජීය වශයෙන් ඇතිවනු ගැටළු වලට විසඳුමක් බවද ඔහු පෙන්වාදෙයි

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජාත්‍යන්තරව පිළිගත් නව උප්පැන්න සහතිකයක් ලබාදීමට මෙම උත්සාහයන් ගන්නා බව රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related articles

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...